20150609

වික්ටර් රත්නායකයන් ගැයූ හින්දි ගී











සිංහල ගීතයේ අසහාය සෞන්දර්යාලෝකය වික්‌ටර් රත්නායක

-----------------සටහන මහාචාර්ය සමන්ත හේරත්

අදින් අඩසියවසකට ප්‍රථම කන්ද උඩරට කඩුගන්නාවේ නුවර කොළඹ මාර්ගයට මුහුණ ලා පිහිටි දුම්රිය දෙපාර්තමේන්තු නිවාස පේළියේ එක්‌තරා නිවසක සංගීත සාජ්ජයක්‌ පැවැත්විණ. සර්පිනා, බටනළා, තබ්ලා, මැන්ඩලීන් වැනි සංගීත භාණ්‌ඩවලින් මුසු වූ සිංහල, දෙමළ හින්දි ගීත නාදයට වහ වැටී හුන් නව යොවුන් තරුණයෙක්‌ හීන් සීරුවේ එතැනට රිංගා ගත්තේය. සාජ්ජකරුවන් මධුවිතකින් තොල කට තෙමා ගන්ට ගිය ඇසිල්ලේ මේ තරුණයා තම සිත ඇදී ගිය සංගීත භාණ්‌ඩයට ළං වූයේය. ඒ වූකලී දෙපයින් පාගමින් වාදනය කළ ෆුට්‌ බෙලෝ සර්පිනාවකි. පුටුවේ වාඩි ගෙන බෙලෝ දෙක පාගමින් සරපුවරුවේ සිය ඇඟිලි ඔබ මොබ යවමින් සිටි ඔහුට සිය මන දොළ සපුරා ගන්ට ලැබුණු කාලය මොහොතකින් නැවතිණ. කවුරුන් හෝ කන තදින් මිරිකූ අතර හිසට ටොකු පහරක්‌ද නොමදව ලැබිණ. ඔහු එතැනින් පිටමං කෙරුණේ සැර පරුෂ බැණ වැදීමක්‌ද සමගය.

එදා එසේ එළවා ගනු ලැබූ තරුණයා තවත් කලක්‌ ඇවෑමෙන් රසික ජන හදවත් අලළවා සසලවා ඔවුන් අනන්තානන්දයෙන් මුසපත් කරවීමේ දුර්ලභ වාසනා ගුණ පරිපූර්ණ මහා කලාකරුවෙක්‌ වූයේය. ඒ, නිසර්ග සිද්ධ වශයෙන් උරුම කරගත් අසාමාන්‍ය කර්ණාමෘත මධුර ලලිත ස්‌වරයත්, සංගීත කලා නිර්මාණ විෂයක අතුල්‍ය ප්‍රතිභා ශක්‌තියත් හේතු කොට ගෙනය. මෙකී තරුණයා අද වන විට මෙරට ගීත සංගීත ක්‍ෂේත්‍රයේ අභ්‍යqදය පිළිබඳ කථා ප්‍රවෘත්තිය තුළ අප්‍රමාණ මිනිසෙකි. පුරා පන් සාලිස්‌ වසක්‌ තිස්‌සේ ශ්‍රී ලාංකේය සංගීත කලා ක්‍ෂේත්‍රය භාව පූර්ණ රස පූර්ණ නිර්මාණ පල සම්පතින් සුපෝෂණය කළ මහා සංගීතවේදී වික්‌ටර් රත්නායක මේ අප්‍රමාණ මිනිසාය.

එක්‌දහස්‌ නවසිය හතළිස්‌ දෙකේ පෙබරවාරි මස දහඅට වැනිදා කඩුගන්නාවේදී ජන්ම ලාභය ලත් වික්‌ටර් රත්නායක සංගීතයට අත් පොත් තැබුවේ මුල්ගම්පොළ එම්.ජී.පී. කලායතනයෙහි සංගීත ආචාර්ය සිරිල් පෙරේරාණන් වෙතිනි. ඒ, එක්‌දහස්‌ නවසිය පනස්‌ හතේදීය. තවත් තුන් වසරක්‌ ගත වූ තැන ප්‍රවීණ සංගීතඥ ආර්. ඒ. චන්ද්‍රසේනයන් එවක මහනුවර ලේක්‌ සමාජ ශාලාවේදී ඉදිරිපත් කළ සංගීත ප්‍රසංග වාරවලදී ගායන ශිල්පියකු - හා වාදන ශිල්පියකු ලෙස කටයුතු කිරීමේ භාග්‍යය ඔහුට ලැබිණ. එක්‌දහස්‌ නවසිය හැට එකේදී රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත්ව ශාස්‌ත්‍රොaද්ග්‍රහණයෙහි නියුක්‌ත වූ වික්‌ටර් රත්නායක සංගීත ගුරුවරයකු ලෙස සිය මුල්ම පත්වීම ලබන්නේ බණ්‌ඩාරවෙල ඇත්තලපිටිය මහා විද්‍යාලයටය. ඒ එක්‌දහස්‌ නවසිය හැට හයේදීය.

රජයේ සංගීත විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටි අවධියේදී ගුවන්විදුලියෙන් ගීත ඉදිරිපත් කිරීමේ වරම ඔහුට හිමි විණ. පියසේන කොස්‌තා රචනා කොට නිෂ්පාදනය කළ මණිචෝර ගීත නාටකයට ඔහු ගැයූ zදෙවඟන පරදන කොමළ කතාZ නම් ගීතය ගුවන්විදුලි තැටියකට නැගුණු ඔහුගේ ප්‍රථම ගීතයයි. එය වේදිකා නාට්‍ය ගීතයකි. එම ගීත නාටකයට සංගීතය නිර්මාණය කරන ලද්දේ ආර්. ඒ. චන්ද්‍රසේන විසිනි.

ඉනික්‌බිතිව ඒ ශ්‍රේණියේ ගායකයෙකු ලෙස සිය ප්‍රථම සරල ගී වැඩසටහන ඉදිරිපත් කිරීමට ඔහුට අවස්‌ථාව ලැබිණ. ඒ, එක්‌දහස්‌ නවසිය හැටපහේදීය. ප්‍රථම ගීතය වූයේ අරිසෙන් අහුබුදු රචනා කළ zසිඳ බිඳ මොහඳුරු පාපZ නමැති ගීතයයි. එකී ප්‍රථම සරල ගී වැඩසටහනට අහුබුදු ලියූ zගොළු මුqහුදේ මුතු ඇටයZ යන ගීතයත්, පුණ්‍යසිරි මහවත්ත ලියූ zඈත පෙනෙනා හිමව් කඳු මතZ යන ගීතයත් ඇතුළත් විය. මේ ගීත ත්‍රිත්වයම වික්‌ටර් රත්නායක විසින් නිර්මිත තනු රචනාය. වෙළෙඳ සේවය සඳහා ඉදිරිපත් කළ ප්‍රථම සරල ගී වැඩසටහනට ඇතුළත් වූ හේම ශ්‍රී අල්විස්‌ රචනා කළ zමයුරාසන මත වැඩ හිඳිනාZ යන ගීතයත් සුජාතා අත්තනායක යුග ගායනයෙන් දායක වූ zඔබෙ සෙවණැල්ල වාගේ එමිZ යන ගීතයත් ජනප්‍රියත්වයට පත් විය. ඉනික්‌බිතිව සිංහල ගීත ශ්‍රාවකයන් අතර වික්‌ටර් රත්නායක යන නාමය ප්‍රචලිත වූයේ මීගොඩ විල්සන් රචනා කළ මර්වින් පෙරේරා ගී තනු නිර්මාණය කළ zපාවේ වලාZ, zසෝක සැනසුම් වේදනාZ යන ගීත යුග්මයත් සේන වීරසේකර රචනා කළ zසිහිල් සුළං රැල්ලේZ ගීතයත් සමඟිනි. සිහිල් සුළං රැල්ලේ ගීතය ඔහු ගායනා කළේ සරල ගී වැඩසටහනක්‌ සඳහාය. 

 වික්‌ටර් රත්නායක ගායන ශිල්පියෙකු ලෙස මෙරට සංගීත ක්‍ෂේත්‍රයට අවතීර්ණ වන යුගය වූ කලී සිංහල ගීතය ව්‍යක්‌ත අර්ථ සම්පන්න ගීත පද මාලා හා ස්‌වාධීන ගී තනු නිර්මාණ මඟින් පෝෂණය වෙමින් පැවති වකවානුවයි. ගීතය අවශේෂ කලා මාධ්‍ය මෙන්ම ප්‍රබුද්ධ සංගීත කලා ප්‍රකාරයක්‌ ලෙස රසිකයා අතර තහවුරු වීමට එවක ගුවන්විදුලිය කේන්ද්‍රකොට ගනිමින් බිහි වූ ගීත නිර්මාණ වෙසෙසින් උපස්‌ථම්භක වූයේය. එහෙත් සාහිත්‍යය විසින් හෝ සංගීතය විසින් අගය කළ නොහෙන අනුකාරක නිෂ්පාදන කෙරෙහි රොද බැඳ හුන් පිරිස සුළු පටු නොවීය. ඒවායින් තුටු වූ රසිකයෝ උසස්‌ සංගීත කලා රසය දැන නොසිටියහ. නැතහොත් උසස්‌ සංගීත කලා ආස්‌වාදයට හුරු වූ ස්‌නිග්ධ වින්දන ශක්‌තියක්‌ ඇත්තෝ නොවූහ. ඔවුන් අප්‍රබුද්ධත්වයෙහි ගිලී යා නොදී ඉන් මුදවා ගැනීමට නම් එවැනි රසික ජන සංඝයක්‌ ආමන්ත්‍රණය කළ හැකි ක්‍රමවේදයක්‌ එළි පෙහෙළි කරගත යුතු විය. එමතුදු නොව රසික ජන සංඝය සද්සංගීතාස්‌වාදය වෙත නැඹුරු කර ගත හැකි ආකර්ෂණීය නිර්මාණාත්මක ජවයක්‌ද අවශ්‍යව තිබිණ. වික්‌ටර් රත්නායකගේ හෘදයහාරී කර්ණාමෘත ස්‌වරය හා ඒ තුළ ගැබ්ව ඇති භාවවාහී ස්‌වලක්‍ෂණය සිංහල ශ්‍රාවකයන් වෙත පිවිස ගැනුණේ එකී අවශ්‍යතා පූරණය කරමිනි. සැබවින්ම ඔහුගේ ගායනය මෙරට සුවහසක්‌ රසික සවන්පත් වැලඳ ගත්තේ වශ්‍යාංජනයක්‌ සේ ඔවුන් මෝහනයට පත් කරමිනි. ඒ වූ කලී කලා ක්‍ෂේත්‍රයට අවතීර්ණ වන ප්‍රතිභාසම්පන්න නිර්මාණකරුවකුට ඉතා කලාතුරකින් හිමිවන දුර්ලභ ගණයේ භාග්‍යවන්ත පිළිගැනීමකි.

වික්‌ටර් රත්නායක මෙරට සංගීත ක්‍ෂේත්‍රයට අවතීර්ණ වන්නේ එබඳු කලාකරුවකුගේ ආගමනය සඳහා කාලය විසින් නිර්මාණය කරනු ලැබූ අවකාශයක්‌ හා අවශ්‍යතාවක්‌ ඇති යුගයක සේ පෙනේ. එසේ සිතීමට අප පොළඹවන ප්‍රධාන කාරණය වන්නේ මෙරට සංගීත කලා රසිකත්වය උත්තුංග තලයකට ඔසවා තැබීමටත් - එහි පරිමාණය අතිශය පෘථුල වපසරියක විස්‌තාර කිරීමටත් ඔහු කළ මාහැඟි දායකත්වයයි. ඔහු සිය අභිනව ගීත නිර්මාණ සමග රසිකයා හමුවට පිවිසෙන යුගයෙහි මෙරට සංගීත කලා ආස්‌වාද කිරීමේ විලාසය මූලික වශයෙන් දෙආකාර වූයේ යෑයි සිතීමට පුළුවන. විදග්ධ කලා සේවනයක්‌ ලෙස ගීත සංගීත ආස්‌වාදය වෙත යොමු වී සිටි රසික පරපුර ප්‍රමාණාත්මකව සුළුතරයක්‌ වූ අතර අමරදේව කේන්ද්‍ර කොටගත් ප්‍රබද්ධ කලාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ මඟින් එම රසික පරපුර තෘප්තිමක්‌ කෙරිණ. එය එක්‌ රසඥතා ස්‌ථලයකි. දෙවැන්න, සුලභ ලහුක වින්දන මාර්ගයක්‌ ලෙස ගීත ශ්‍රවණය කළ, ප්‍රමාණාත්මකව විශාල වූ රසික ජනසංඝයයි. ඔවුන් ප්‍රීණනයට පත් කෙරුණේ ප්‍රශස්‌ත යෑයි කිව හැකි කලා කෘති මඟින් නොවේ. ඒවායේ මනරම් කාව්‍යාර්ථ සහිත විදග්ධ ප්‍රකාශන දක්‌නට නොතිබිණ. ගීතය කලා ප්‍රකාරයක්‌ ලෙස නොව හුදු වින්දන මාධ්‍යයක්‌ ලෙසම පරිහරණය කළ මේ රසිකයන්ට වඩාත් ප්‍රියමනාප වූයේ ජනප්‍රිය කලාවයá ජනප්‍රිය සංගීතයය. මේ දෙවැනි රසඥතා ස්‌ථලය ආමන්ත්‍රණය කිරීමට හැකි වූයේ එච්. ආර්. ජෝතිපාල බඳු ගායකයන්ටය. ගීත සංගීත කලා සේවනයෙහිලා විද්‍යමාන වූ මේ මූලික දෙආකාරය හඳුනාගැනීම එතරම් සංකීර්ණ නැත. වික්‌ටර් රත්නායකගේ සංගීත කලා චර්යාව හා ඔහුගේ සේවාව වෙසෙසා දැක්‌වීමට ඒ හඳුනාගැනීම උපකාර වෙයි.

වික්‌ටර් රත්නායක යට කී රසඥතා ස්‌ථලද්වයම ආමන්ත්‍රණය කිරීමේ සුවිශේෂ ශක්‌තියක්‌ ජන්ම දායාදයක්‌ සේ උරුම කොට ගෙන තිබිණ. ගීතය හුදු වින්දන මාධ්‍යයක්‌ ලෙස ආස්‌වාද කළ බහුතරය වඩාත් ප්‍රබද්ධ වූත් අර්ථසම්පන්න වූත් සද්සංගීතාස්‌වාදය වෙත යොමු කරලීමත් එමඟින් ප්‍රබුද්ධ සංගීතාස්‌වාදයෙහි විහිදුම විස්‌තාර කරලීමත් ඔහු අතින් සිදුවිණ. ඒ වූ කලී ඉතිහාසය විසින් ඔහු වෙත පවරා දෙන ලද කාර්යභාරයක්‌ වැන්න. ඒ කාර්යභාරය ඉතා මැනවින් ඉෂ්ට කිරීමට ඔහුට හැකි වූයේ ඊට සරිලන සාධක ගණනාවක්‌ සමායෝගව ඔහු භාග්‍යවන්තයකු බවට පත් කර තිබූ හෙයිනි.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ වික්‌ටර් රත්නායක නිසර්ග සිද්ධ වශයෙන් ලත් අසාමාන්‍ය ප්‍රතිභා ශක්‌ති සාධක වාසනා ගුණයයි. අපූර්ව වස්‌තු නිර්මාණයෙහිලා උපස්‌ථම්භක වන මේ ප්‍රතිභාව උභයාකාරයකට - එනම් ගායනවේදයෙහිත්, සංගීත නිර්මාණ කාර්යයෙහිත් - ඔහු වෙත නොමඳව පිහිටා තිබිණ. ගායනවේදයෙහිලා ඔහු පාන පෙළහර ජන්ම දායාදයකA විනා අන් කුමක්‌ද? ඔහුගේ කටහඬ අතිශය දුර්ලභ ගණයේ එකකි. එය මධුරයá චාරුතරයá භාවවාහී හෘදයහාරී ගුණෝපශෝභිතය. සැබවින්ම එය කර්ණාමෘත නාදාමන්ත්‍රණයකි. එය අනුකරණය කළ නොහැකි හඬකි. ඔහුගේ ස්‌වරයත් ගායන ලීලයත් ඔහුටම සුවිශේෂ වූ ස්‌වලක්‍ෂණාත්මක අනන්‍යතාවක්‌ නිසැකව දක්‌වා සිටී. මන්ද්‍ර මධ්‍ය තාර ඈ සපAතක අභේදීව ආශ්‍රය කරමින් ඔහු රසික හෘදය මණ්‌ඩලය කම්පනය කොට තමා වෙතම අවනත කර ගනී. ඉනික්‌බිතිව රසිකයා පිවිසෙන්නේ ඔහු විසින් දක්‌වන ලද අනන්තානන්දය උතුරා යන අභිනව ඉසව්වකටය. මේ මෝහනීය ගුණය වික්‌ටර් රත්නායක ගායකයකු ලෙස පුරා සයසාලිස්‌ වසක්‌ නොනැසෙන ආදරයකින් මෙරට රසික ජනයා වෙත ඇද බැඳ තැබූ සාධකයයි.

වික්‌ටර් රත්නායක විසින් ගායනා කරන්ට යෙදුණු ගීත සම්භාරයෙන් බහුතරය ගීතය නමැති කලා ප්‍රකාරයෙහි නැගීම සාහිත්යික වශයෙන් මෙන්ම සංගීතමය වශයෙන්ද ප්‍රකට කළ සද්කලාකෘතීහු වෙත්. විශිෂ්ට ගී පද රචනාවක ප්‍රකාශන විලාසය හා ව්‍යක්‌තිය තේරුම් ගැනීමේ හැකියාව ඔහු සතු විය. ඇත්ත වශයෙන් වික්‌ටර් ගැයූ ගීත අතරින් මහත් සේ රසික සම්භාවනාවට පාත්‍ර වූ ගීත බොහොමයක සූක්‍ෂ්ම හෘදයංගම භාව ආවිෂ්කරණ ගීතෝචිතව ප්‍රකාශයට පත්ව ඇත්තේය. ඒවායේ රචනා විලාසය, තානය හා ව්‍යක්‌තිය අතිශය අපූර්වද ප්‍රශංසාර්හද වේ. මතුදැක්‌වෙන ගීතය විමසුව මැනවි. මෙහි කථකයෙක්‌ සිටී. ඔහු අභිරූප සම්පන්න ලලනාවකට ආසක්‌තව සිටින ප්‍රේමාවනද්ධ පුරුෂයෙකි. ස්‌වකීය ප්‍රියාව විෂයෙහි දැඩි ආලයෙන්ද - ආත්මාර්ථ ලෝභයෙන්ද බැඳුණු ඔහුට ඇගේ රුවින් බිඳුවක්‌ හෝ අනෙකකු නෙත ගැටීම ඉවසුම් නොදේ. මහ වන පියසක අඳුරු ගුහාවක ඇය සඟවා තබන්ට තරම් ඔහු තෘෂ්ණාපරවශ වේ. ඇය රුව හිරු රැස්‌ පහසකිනිදු නොඉඳුල්ව පැවතීම ඔහුගේ අභිප්‍රාය වේ. මේ වූ කලී ප්‍රේමයේ ඊර්ෂ්‍යාවයි. ස්‌ත්‍රී රූපකාය මූලික සරාග චෛතසිකයද ප්‍රේමයේ ස්‌වාර්ථයද මෙහිලා වර්ණිතව ඇති ආකාරය ව්‍යක්‌තයá විශිෂ්ටය. ගීත රචනා කලාවට ප්‍රවිෂ්ට වන නවකයකුට මෙබඳු ගීත ගැඹුරින් පරිශීලනය කිරීමෙන් හා ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන් මහත් ආදර්ශයක්‌ ලද හැකිය. ගීතය බණ්‌ඩාර කේ. විෙ-තුංගගේ ප්‍රබන්ධයකි.

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරිය අනෙකකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි මා හද - බිය වී සැලී සැලී යයි

මහ වන පියසක අඳුරු ගුහාවක යම් දිනයක ඔබ සඟවා තබනෙමි හිරු රැස්‌ බිඳකුදු ඔබ රුව දුටු සඳ ඉරිසියාවෙන් පිරැවේ මා හද

වික්‌ටර් රත්නායකගේ ගායනා බොහොමයකින් ඇමතුම් ලද්දේ යෞවනයයි. ඔහුගේ ස්‌වරය යෞවනයට ම උරුම සුඛ දුක්‌ඛ වේදයිතයන් ප්‍රකාශයට පත් කරනු පිණිස යෙදිණ. යෞවනයට ආවේණික සජීව සලීල සෞකුමාර්යය ගීතයට නඟා ව්‍යඛ්‍යාන කොට දක්‌වන්ට ඔහුගේ ස්‌වරය තරම් මධුර ස්‌වරයක්‌ නොවී යෑයි සිතවන තරම් එය අසහාය වියá අනන්‍යසාධාරණ විය.

ඔහුගේ හඬින් ගැයුණු ප්‍රේමයේ ප්‍රීත්‍යqත්කර්ෂය දනවන ගීයක වුවද සැඟවී ඇත්තේ වේදනාවකි. එම වේදනාව රසික හදවත් අපමණ සුවදායක රිදුමකින් සනසාලන නැළවිල්ලක්‌ විය. කරුණ රසයෙන් පුරවාලන රසාංජනයක්‌ විය. වික්‌ටර් රත්නායක මෙරට තරුණ රසික හදවත්හි සමීප ඥාතිවරයකු බවට පත්වීමට ඔහුගේ හැඬුම්බර ස්‌වරයෙහි වූ අපූර්ව ජීව ගුණය තුඩු දුන්නේ යෑයි කීම සාවද්‍ය නොවේ.

වික්‌ටර් රත්නායක ගායනා කළ ගීත අති බහුතරය ඔහු විසින්ම නිර්මිත තනු රචනාය. මෙයද ඔහුගේ ගායනවේද භූමිකාව තුළ ප්‍රකට වන විශේෂ ලක්‍ෂණයකි. ගායනය සඳහා උචිත සාහිත්යික රචනා තෝරා බේරා ගැනීමත් ඒ රචනා තනු සම්පාදනය කොට සංගීතයෙන් ප්‍රතිනිර්මාණය කිරීමත් මධුර චාරුතර ස්‌වරයෙන් රසිකයා හමුවට පැමිණවීමත් යන සෑම අදියරකදීම වික්‌ටර් රත්නායක ප්‍රකට කර ඇති කෞශල්‍යය ගායනය හා සංගීත නිර්මාණය යන උභයාංශයෙහිම පරිපාක පත් සංගීතවේදියෙකුගේ අනන්‍යතාව පිළිබිඹු කරන කැඩපතකි. වික්‌ටර් රත්නායක අමරදේව ඇතුළු ප්‍රබුද්ධ ගායක ගායිකාවන් බොහෝ දෙනෙකු සඳහා ගීත නිර්මාණය කොට දී තිබේ. එම ගීත බහුතරය zගීතZ සේ කටපුරා හැඳින්විය හැකි අර්ථ පූර්ණ, රස පූර්ණ සාහිත්යික ගුණයෙන් අනූන රචනාය. එම රචනා සඳහා වික්‌ටර් නිර්මාණය කළ ගී තනු ගීතයේ සංචිත භාවාර්ථ කුළුගැන්වීමෙහිලා ඉවහල් වූයේ මතු නොව සංගීතඥයාගේ නාදමය ආමන්ත්‍රණයෙහි මාධූර්යයත් සාහිත්‍ය සංගීත සමායෝගයෙහි අත්‍යන්ත සෞන්දර්යයත් ඉතා මැනවින් ප්‍රකට කළ නිර්මාණ වේ. මතු දැක්‌වෙන්නේ එක්‌ නිදර්ශනයක්‌ පමණි. රචකයා කේ. ඩී. කේ. ධර්මවර්ධනය.

මනුෂ්‍ය ජීවිතය, ස්‌ත්‍රී දේහ සෞන්දර්යය, හා රාගය මේ ගීතය තුළ චිත්‍රණය වන්නේ අතිශය සංයත, ව්‍යක්‌ත ස්‌වරයකින් හා තානයකින් යුක්‌තවය. මෙහි භාව ප්‍රකාශනය සඳහා රචකයා විසින් උපයුක්‌ත භාෂාව හා එහි වනිපූර්ණ වාග් ලාවණ්‍යය නිසැක වශයෙන්ම විශිෂ්ට රචකයකුගේ ස්‌වීයත්වය සනාථ කරන්නකි.

කාව්‍ය නිර්මාණය කරන්නා වූ කවියා සරාගී වුවහොත්, ජීවිතාස්‌වාදයෙහි ලොල් වුවහොත් සාහිත්‍යය රස ජනනය කරන බවත් කවියා වීතරාගී වුවහොත් එය එසේ නොවන බවත් ආනන්දවර්ධනාචාරීහු කීහ. ස්‌ත්‍රී පුරුෂ සම්පර්කයෙහි හා කාය අනුරතියෙහි රමණීයත්වය මතු දැක්‌වෙන මෙම ප්‍රබන්ධයෙන් ඉඳුරා පළට කෙරේ. මෙය අමරදේවගේ හඬින් ගැයෙන වික්‌ටර් රත්නායකගේ භාව වාහී තනු රචනයකි.

කුමරියක පා සලඹ සැලුණා වසා සිටි නෙතු පියන් ඇරුණා කුමර බඹසර අසපුවේ මා සමවැදී හුන් දැහැන් බිඳුණා

උකුළ ළැමහස මලවිකරළිය මුවා කළ ඇගෙ දුහුල් සළු තිර විවර කෙරුවා මනස්‌ සලෙලුන් උමතු වූ දෙනුවන් රැහැන් ඇද මා අබියස මැවිණ තුසිතය සුරන් නැළවූ සුයාමය

නිසල ජීවන තපෝ වන මැද හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද තළා සිත කම්පනය කරවයි ළපලු තුරුවැල් කැකුළු මල් පෙති මා හඬවයි බිඳුණු තුසිතය සුරන් නැළවූ සුයාමය

වික්‌ටර් රත්නායක ගී තනු නිර්මාණය මෙන්ම සංගීත සංයෝජනය විෂයෙහිද අභිනව වූත් ආකර්ෂණීය වූත් වෙනසක්‌ ඇති කළ - ගීත නිර්මාණ කාර්යයෙහි විපුල විභාවන ශක්‍යතා ස්‌වකීය නිර්මාණ මඟින්ම සනාථ කළ සංගීතවේදියෙකි. ඔහුගේ ගී තනු රචනා හා සංගීත සංයෝජන විධි විලාස ඔහුට පසුව ආ රෝහණ වීරසිංහ ඇතුළු සංගීතවේදීන්ට සන්මාර්ගය දක්‌වාලු නිර්මාණයෝ වෙති. සිංහල ගීත නිර්මාණ කලාව විෂයෙහි සංගීතවේදියකු ලෙස වික්‌ටර් රත්නායකගේ සම්මාදම අතිශය සුවිශේෂ එකක්‌ වන්නේ එබැවිනි.

මහාචාර්ය සමන්ත හේරත්
http://www.divaina.com/2012/02/19/nimna02.html


=============================================================

සිසිරගේ පද පෙළින් වික්ටර් ගෙන් ‘සිදංගනා’

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ සංගීත දිවියට වසර පනහක් පිරීම නිමිත්තෙන් ‘වික්ටර්’ අඩ සියවස දශක පහක මියැසි පහස නමින් ප්‍රසංගයක් පසුගියදා පැවැත්වුණා. එහිදී එළි දැක්වුණ ‘මධුර කල්පනා’ හින්දි ගී එකතුවට අමතරව ‘සිදංගනා’ නමින් සිංහල ගී එකතුවක් ද නිකුත් වුණා. එම ගීත එකතුවේ සියලු ගී රචනා කරන ලද්දේ සිසිර දිසානායකයි.
“මගේ පියා සංගීත ගුරුවරයෙක්. මම සිංහල ගුරුවරියක්. අපේ ගම අවිස්සාවේල්ල. මා කුඩා කාලයේ මගේ උපන් දිනයකදී දෙමවුපියෝ අපිව ‘කලණ මිතුරෝ’ කියන චිත්‍රපටිය බලන්න එක්ක ගියා. එතකොට මම පහේ පන්තියේ. මේ චිත්‍රපටයේ ෂෙල්ටන් ප්‍රේමරත්නයි ගීත නිර්මාණය කරලා තිබුණේ. ගීත පහක් ම ගායනා කළේ වික්ටර් රත්නායක ‘බවෙන් බවය’, ‘කළණ මිතුරු දහමයි’, ‘උපන් කාට වුණත්’ වාගේ ඒ ගීත අහලා මම උමතු වුණාය කිව්වොත් නිවැරැදියි.”
එදා ඉඳන් මම වික්ටර් රත්නායක ගේ ගීත ගුවන් විදුලියේ ප්‍රචාරය වෙනකොට මොනිටර් ඇක්සයිස් පොත් වල ලියාගෙන එකතු කළා. ඒ ගීත ගායනා කරන්න උත්සාහ කළා. මගේ කුඩා කාලයේ ඉඳන් ම තිබුණා චිත්‍ර ඇඳීමට පොඩි හැකියාවක්. ඉතින් වික්ටර් රත්නායක ගේ ආලේඛ්‍ය චිත්‍ර අඳින්න උත්සාහ කළා. ‘තොටුපොළ අයිනේ’ වගේ ගීත අහලා මගේ හිතේ මැවුණ දර්ශන අඳින්න උත්සාහ කළා.” ‘ස’ ප්‍රසංග‍ය පටන් ගත්තේ මේ වගේ කාලයක. ඇත්තටම ඒ ප්‍රසංගය දැකලා මගේ උමතුව දෙගුණ වුණා කියලයි මට හිතෙන්නේ. මගේ ප්‍රධාන විනෝදාංශය වුණේ ‘ස’ ප්‍රසංගයේ පෝස්ටර් එකතු කිරීම. ගෙදර තනිවම ‘ස’ ප්‍රසංග පැවැත්තුවා. මං හිතන්නේ ඒ දවස්වල ගෙදර අයටත් මේක මහ කන්දොස්කිරියාවක් වුණා. මොකද වික්ටර් රත්නායක ගේ ගායනා මිහිරි වුණාට මං කියන සින්දු ඒ අයට වුණත් අහගෙන ඉන්න අමාරු වෙන්න ඇති.‍‍
අවිස්සාවේල්ලේ සීතාවක විද්‍යාලයේ ‍මූලික අධ්‍යාපනයෙන් පසු සිසිර ගේ පාසල වුණේ කොළඹ ආනන්ද විද්‍යාලය. ඔහුගේ නිර්මාණවලට පසුබිම පිළිබඳ සිහිපත් කරනා විට ආනන්දයේ පරිසරය වැදගත් වෙනවා.
“ආනන්ද යේ දී අපේ සංගමයක් තිබුණා ‘අනඳ නුවණ’ කියලා. සංගමයේ බිත්ති පුවත්පත්, දැන්වීම් පුවරු භාරව තිබුණේ මටයි ඒ දවස්වල. ඉතින් ඒවාට චිත්‍ර ඇන්දා. ඒ චිත්‍රවලට කවි, නිසැදැස් එහෙම ලිව්වා. ‘අනඳ නුවණ’ සංගමයෙන් මාසෙකට සැරයක් පවත්වපු ‘නුවණ දිනයේ’ තේමා ගීතය විදියට අපි තෝරා ගත්තෙත් වික්ටර් රත්නායක ගැයූ ‘කොහේද - කොහේද අපේ ලොවක් ගීතය. ඒකට‍ තවත් හේතුවක් තිබුණා. ‘මඩොල් දූව’ චිත්‍රපටයේ රඟපාපු අජිත් ජනදාස ඒ වෙන කොටත් ආනන්දයේ ශිෂ්‍යයෙක්.
සිසිර ගී පද රචකයෙකු බවට පත් වුණේත් වික්ටර් රත්නායකයන්ගේ මධුර සංගීතයෙන් හා ගායනයෙන් බවයි අපට දැන ගැනීමට ලැබුණේ.”
“ඇත්තටම ඒකත් දෛවෝපගත සිද්ධියක්. පාසල් කාලයේ ලියපු කවි නිසඳැස් ආයෙමත් ගීතවලට ගැළපෙන්න කියලා වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, ගුණදාස කපුගේ, නන්දා මාලනී, දීපිකා ප්‍රියදර්ශනී වාගේ මම ප්‍රිය කරපු ශිල්පීන්ට තැපැල් කරලා යැව්වා. මේ ගීත ලැබුණ සුනිල් එදිරිසිංහයන් මුලින් ම මා එක්ක හිතවත් වුණා. ඒත් මා ලියූ ගීයක් මුලින් ම ගැයුවේ වික්ටර් රත්නායක මහත්තයයි. ඒ කිසිම හැඳුනුම්කමක් ඇතිව නෙවෙයි. දෙවැනි ගීතයක් කළාට පස්සෙයි අඳුනාගන්න ලැබුණේ. ඒ හඳුන්වා දුන්නෙත් සුනිල් එදිරිසිංහ මහත්මයාමයි. එදා එතන ගීතනාත් කුඩලිගම මහත්මයත් හිටියා.
අ‍පගේ අවධානය ‘සිදංගනා’ සංගත තැටිය වෙත ද යොමු වුණා.
වික්ටර් රත්නායක මහත්තයා ගායනා කරපු මුල් ගීත දෙක ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශිෂ්ට ශ්‍රේණියේ සරල ගී වැඩසටහන්වලට ගැයුණු ගීත. ඒ නිසා මම ගුවන් විදුලියේ බිහිවුණ ගීත රචකයෙක් වුණා. එදා මෙදා තුර වික්ටර් රත්නායකයන් ගැයූ මගේ පද රචනායි මේ සංගත තැටියට එකතු වුණේ.
 Source
http://www.silumina.lk/2015/02/01/_art.asp?fn=av1502016&p=1

No comments:

Post a Comment