දයානන්ද ගුණවර්ධනයන් නරි බෑනා ගැන කියයි..
-------------------------------------------------------------------------
සිංහලයට හුරු නාට්‍ය සම්ප්‍රදායක් බිහි කරලීම සඳහාඅපේ ජන ශෛලිය හාරා අවුස්සා
ඉන් නාටයෝචිත අංග සොයා යොදා ගැනීමට
මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා විසින් මුල පුරන ලදී.
මනමේ නාටකයෙන් පසු
අවුරුදු පහක් හයක් යන තෙක්ම
නිෂ්පාදනවල බෙහෙවින් කැපී පෙනුනේ
ඒවා ඉදිරිපත් කරන ශෛලියයන්ය.
හැම කෙනෙක්ම අළුත් අළුත් ශෛලීන්
ඉදිරිපත් කිරීමට වෙරදැරූහ.
මින් සිංහල නාට්‍යයට
ඉමහත් සේවයක් සැලසුන බව කිව යුතුය.

නරිබෑනා ශෛලියට ආධාර වී ඇත.
නරිබෑනා නාටකය රචනාකොට ඇත්තේ
ජනප්‍රිය ජනකතා දෙකක් ඇසුරු කොට ගෙනය.
මින් ´´සිවලා හා ගම දියණිය´´ නැමති කතාව අනුව,
ගම මහගේ දුව නරියෙකුට දෙන බව කියා
බණින්නේ ගම ගෙදරදීය.
මේ අතර ගම ගෙදර අසල පඳූරක උන්
නරියෙකුට එය ඇසින.
´´ඒ වචන ඇසීමෙන් නරියා ලත් ප්‍රීතිය
විඳදරා ගැනීමට තරම්
උගේ සිරුර ප්‍රමාණවත් නොවීයැයි´´
ජන කතාකරු පවසයි.
නරියා ප්‍රීතියෙන් කළ කෑකෝ ගැසීම් අසා
ගම හාමිනේද බිය වූවාය.
පසු දිනක ගම දුව විවාහ කරදෙන
මංගල උත්සවයක් විය.
මනමාලයා පැමිණ මනමාලිය සමඟ
පෝරුව මත නැගෙන වේලෙහි
නරියා ඔවුන් අතරට විත්
ඔහුගේ අයිතිවාසිකම් කියා සිටියේය.
කාරණය අවබෝධකර ගත් ගමරාල,
මනමාලයා පෝරුවෙන් බස්සවා
එතැන නරියාට දී කටයුතු නිම කළේය.
මනමාලයාගේ ඉවසීම ගැන
කවුරුත් ප්‍රසංශා කළහ.
අග හිඟකම් ඇති වු පසු කලක
ගම දෙමහල්ලෝ නරිබෑනා බැලීමට ගියහ.
එහිදී නරියා සිතු පැතු කෑම ලැබෙන පෙට්ටියක්
නැන්ද මාමාට තෑගි කෙළෙන්,
දුව නරියෙකුට පාවාදීම ගැන
ඔවුන් කණගාටු නොවූහ.
කැලයේදී නපුරු සතෙකුගේ
උගුලකට අසුවුණු ගමරාල කෙනෙක්
නරියෙකුගේ උපකාරයෙන් බේරී
ඔහුට එ´ පැටවුන් දෙදෙනකු
තෑගි දීමට පොරොන්දු වෙයි.
නමුත් ගමරාල මල්ලක් තුළට දමා
නරියාට තෑගි කරන්නේ
ගම බල්ලන් දෙදෙනෙකි.
මේ දෙවැනි ජනකතාවයි.
මේ ජන කතා දෙකේ සම්බන්ධයෙන්
නරිබෑනා නාටකය රචනා කොට ඇත.

රබන් පද -
නරිබෑනා නාටකයේ ගී හා
ඇතැම් සංවාද කොටස් රබන් පද ශෛලීයෙන්
ගොඩ නඟා තිබේ.
රබන් පදවල සරල පද විලාශය හා
තාල ඒවායේ ආරක්ෂා කොට ඇත.
ගම මහගේ දුවට බණින ගීය
"තෙව දෙන්නෙත් නරියටයි,
තෝව ගන්නෙත් නරියෙකුයි."
පහත සඳහන් රබන් පදය අනුව වේ.
තෙලෙං බැද්දත් කොබෙයියා
කිරෙන් බැද්දත් කොබෙයියා
තෙලෙං බැද්දත් - කිරෙං බැද්දත්
කොහොම බැද්දත් කොබෙයියා
තෙවෙනි දර්ශනයේ මුල් කොටසේ
ගී සංවාද කොටස් ජනප්‍රිය රබන් පදයක් වන.
බොලං පොඩි නංගි ටිකක් හිටපංයන්න ඇසුරෙනි.
බුලත් විට කන්න ටිකක් හිටපං
ගම දුවගේ ගීත
පහත සඳහන් රබන් පදය අනුව වේ.
අඹ රඹුටන් ගස් දෙක යට - වලිකුකුලන් පස් දෙනයි
උන්ට කන්න බත් දෙනකොට - අපිත් එක්ක ලස්සනයි
ගම පවුල නෑගං විත් හඬගාන ගීය සඳහා
පහත සඳහන් රබන් පදය සහාය විය.
තරිකිට දෙබෝ කෝපි ලන්ද- දිරිකිට කඩාගෙන කුමන්ද
ගෙන බූංජෝ ගිරා කැත්ත- මේකිගේ කොන්ඩේ කපන්ඩ
අවසනායේදී සියල්ල ගයමින් නටන ගීය
මේ අනුව වේ.
තිත්ත කැකිරි පොතු නැන්දට දීපං - නිකං කැකිරි පොතු මාමට දීපං
තිත්ත කැකිරි තිත්ත දෝ - තමුසෙට මම තිත්ත දෝ
සමහර ගී රබන් පද කීපයක්
එකමුතු කරගත් තාලයකට වේ.
නරියා ප්‍රිතියෙන් කැලය පුරා නටන ගීය එවැන්නකි.
දුං දුමටයි අඟුරු මොටයි
මේ යන දුං කෝට්ටෙටයි
රබං ගොඩ නංගි රබං ගොඩ නංගි
රත් කොර කොර දෙයි
වට කර ඉඳ ගහන රබං
අපේ රිස්ස යයි
තක දොං අපේ රිස්ස යයි.
සව්දම් අනුව ලියැවුනු ගී දෙකක්ද
මෙහි ඇතුළත්
වේ.
නරියා ගමදුවට ගයන්නේ
මොණරිඳූ සව්දම අනුව ලියැවුණු එකකි.
ඉර පායන කල මොණරිඳූ දෙදෙනෙක්නරියා බල්ලාට බිය වී ගයන ගීය
ඉරට නැමී වඳිතෙයි
මොණරිත් මොණරත් පිල් විදහාගෙන
සූරිය රුකුඳ ගතෙයි
රුඳ රුඳ රුකුඳත් රුකුඳ ගතෙයි
ලුල් සව්දම
ඇසුරෙනි.
හං රොඩු හං රොඩු හං රොඩු ගොල්ලේ
නාකි හමෙක් ඇත ගෙයි දොර මුල්ලේ
තවත් එකෙක් ඇත අන්නසි ගොල්ලේ
ඔන්න බලාපං ජොරනිසි ගොයියෝ
ලුල්ලි වටයක් වලකට පැනලා
වල බොර කර ගනි තෙයි
ඒවා දැකලා කොල්ලෝ වටයක්
වට්ටි අරං දුව තෙයි
ලුලගේ සව්දම කොහොමද කීවොත්
වරල ටිකක් පෙනෙතෙයි
නරිබෑනා නාට්‍යයෙන්...
මූලාශ්‍රය
http://www.dayanandagunawardena.org/work/naribena
-----------------------------------------------------------------------------
1966දී පාසල් ශිෂ්‍යයෙක්ව සිටි අවධියේදී තමයි
නාට්‍ය කලාවට අවතීරණ වුණේ
අමරදාස ජයතුංගගේ ”විදුරු දිව” කියන නාට්‍යයෙන්.
ඒ නාට්‍යයේ රඟපෑමේදී එය බලන්න පැමිණි
ලංකාවේ සිටි ප‍්‍රතාපවත් නාට්‍යකරුවා වන
දයානන්ද ගුණවර්ධන මහතාව හඳුනාගන්න ලැබුණා.
මම රඟපෑ නාට්‍ය ශෛලිගත සම්ප‍්‍රදායේ නාට්‍යයක්.
එහි නැටුම්, ගායනා තිබුණා.
එය දැකලා එතුමා මට ”බක්මහ අකුණු” නාට්‍යයට
රඟපාන්න කතා කළා.
1969 වනතුරු එතුමාගේ ඇසුර ලබාගෙන කටයුතු කළා.
”බක්මහ අකුණු” පුහුණු වුණාට ” නරි බෑණා” තමයි
මුලින්ම වේදිකා ගත වුණේ.
එහි ගමරාළගේ චරිතය මා රඟපෑවා.
වේදිකාවේ ”අ” යන්න අකුර මා ඉගෙන ගත්තේ
දයානන්ද ගුණවර්ධනයන්ගෙන්.
කඩහඬ පාලනය, දෙබස් උච්ඡුාරණය
එතුමා මට කියා දුන්නා.
තවමත් එය මා ඉගෙන ගන්නවා.
------------
-ප‍්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි-
http://www.dayanandagunawardena.org/work/naribena
-----------------------------------------------------------------------------

1966දී පාසල් ශිෂ්‍යයෙක්ව සිටි අවධියේදී තමයි
නාට්‍ය කලාවට අවතීරණ වුණේ
අමරදාස ජයතුංගගේ ”විදුරු දිව” කියන නාට්‍යයෙන්.
ඒ නාට්‍යයේ රඟපෑමේදී එය බලන්න පැමිණි
ලංකාවේ සිටි ප‍්‍රතාපවත් නාට්‍යකරුවා වන
දයානන්ද ගුණවර්ධන මහතාව හඳුනාගන්න ලැබුණා.
මම රඟපෑ නාට්‍ය ශෛලිගත සම්ප‍්‍රදායේ නාට්‍යයක්.
එහි නැටුම්, ගායනා තිබුණා.
එය දැකලා එතුමා මට ”බක්මහ අකුණු” නාට්‍යයට
රඟපාන්න කතා කළා.
1969 වනතුරු එතුමාගේ ඇසුර ලබාගෙන කටයුතු කළා.
”බක්මහ අකුණු” පුහුණු වුණාට ” නරි බෑණා” තමයි
මුලින්ම වේදිකා ගත වුණේ.
එහි ගමරාළගේ චරිතය මා රඟපෑවා.
වේදිකාවේ ”අ” යන්න අකුර මා ඉගෙන ගත්තේ
දයානන්ද ගුණවර්ධනයන්ගෙන්.
කඩහඬ පාලනය, දෙබස් උච්ඡුාරණය
එතුමා මට කියා දුන්නා.
තවමත් එය මා ඉගෙන ගන්නවා.
------------
-ප‍්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි-
No comments:
Post a Comment