නන්දන වීරසිංහ
කවියා සංවේදනා පළකරන්නෙක් විය යුතුයි
"රැයකරා ගමන" පද්‍ය නිර්මාණ එකතුව සඳහා මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් හා විෙද්‍යාදය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද නන්දන වීරසිංහ සිය ප්‍රකාශන මාධ්‍ය ලෙස කවිය තෝරා ගනිමින් දශක තුනකට ආසන්න කාලයක් නිර්මාණකරණයේ යෙදෙන්නෙකි. 1984 දී "ගිංගඟේ විලාපය" නමින් කවි එකතුවක් පළ කරමින් ඇරැඹි ඔහුගේ ගමන "කිරි සුවදැති රාත්‍රිය" "සක්‍යතාව නම් වෙමි" "ගිරග" "මහත් සඳ පිණිබිඳු" "චන්ද්‍ර බිම්බ" ආදී කවි එකතුවලින් ශක්‌තිමත් වූ අතර ඒ නිර්මාණ අතරින් බහුතරයක් ඇගයීමට ලක්‌වීම ද සුවිශේෂ කාරණයකි. සිළුමිණ කර්තෘ මණ්‌ඩලයේ වසර 15 ක පමණ කාලයක් සේවය කළ නන්දන වීරසිංහ "පුන්කළස" සහ "සියපත" සාහිත්‍යය අතිරේකවල ආරම්භක සංස්‌කාරකවරයා ද විය. පහතින් පෙළගැසෙන්නේ ඔහු හා කළ සම්මුඛ සාකච්ඡාවක සංක්‍ෂිප්ත සටහනකි.
- "රැයකරා ගමන" කවි එකතුව පිළිබඳ, ඔබේම අදහස් විමසන්නට කැමතියි?
මා එසේ කිව්වත් මේ නිර්මාණවල විනිශ්චයකරුවා වන්නේ කවි කියවන රසිකයා බව මා විශ්වාස කරනවා. මගේ සංවේදනා කොයි ආකාරයෙන් පළ කෙරුණත් ඒවා තමන්ගේ කියෑවීම තුළ විග්‍රහ කරගන්නට රසිකයාට තිබෙන අයිතියට මා ගරු කරනවා.
මේ කවිවල දේශපාලනික දශාවක් නොවන බව ඔබ කිව්වත් බොහෝ කවිවල යටි අරුතින් ඔබ ඔබේ දේශපාලනය කවිය හා ආබද්ධ කරන බව මා දකිනවා.
රැය කරා ගමනෙහි එන එක් කවියක විජයබා රජු ගැන කියෑවෙනවා. ඔහු යුද්ධ කරලා විශාල ජයග්‍රහණයක් අත්පත් කර ගත්තා. ඒත් ඒ ජයග්‍රහණය ඔහුගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තේ නැහැ. විජයබා පිළිරුවට පේනවා තමා වටා සිටි මහා සෙනඟ අද නැති බව. අද සිටින්නේ ගහකොළ කුරුල්ලන් පමණයි. පිළිරුව තේරුම් ගන්නවා ජයග්‍රහණ කියන්නේ තාවකාලික දේ පමණක් බව. අදත් එබඳු පුද්ගලයන් සිටිනවා. නමුත් මට වුවමනා වුණේ මේ ජීවිත යථාර්ථය විජයබා පිළිරුව පාදක කොටගෙන පෙන්වා දෙන්නයි. එය යම් පුද්ගලයකු හෝ යමකුගේ දේශපාලන හැසිරීම ඉලක්‌ක කොට ලියෑවුණක් නොවේ. මා පවා ජීවිතය තුළ අත්දුටු දේ පිළිබඳ කළ ඉදිරිපත් කිරීමයි.
මේ තිබෙන ආර්ථික දේශපාලන සන්දර්භය අප ග්‍රහණය කරගත යුත්තේ කොහොමද කියා කල්පනා කිරීමට නිර්මාණකරුවකු පෙළඹිය යුතුයි. එහෙත් ඒ සඳහා යම් ශික්‍ෂණයක් තිබෙනවා. ආවේගයන්ට වහල් වී මේ සමාජ විචල්‍යයන් අර්ථ ගැන්විය හැකි වන්නේ නැහැ. මේවා කියන්න ඕනේ කොහොමද කියා අපි සොයා පාදා ගත යුතුයි.
මා හිතනවා අද වන විට පොදුවේ මුළු ලෝකයේම සාහිත්‍යය ප්‍රකාශනය තුළ ආවේග සංසිඳුණු උසස් ගතියක් තිබෙනවා කියා. ඒ ශික්‍ෂණය මගේ කවිවල රඳවා ගන්නටත් මා උත්සාහ කරනවා. මට හිතෙන දේ මගේ අදහස ඒ අයුරින් ම සමාජගත කරන්නට කවියකු ලෙස මා උත්සාහ කරන්නේ නැහැ. එය කිසියම් ආකාරයකට අර්ථ පූර්ණ, භාවපූර්ණ වූ සියුම් සංවේදනාත්මක ආකාරයකට විතැන් කොට ඉදිරිපත් කිරිමයි කළ යුත්තේ. මා යොදා ගන්නා අනුභූතීන්, අත්දැකීම් අවසානයේ සියුම් කථනයකට යොමු විය යුතුයි. ඒ කථනයමයි කවියාගේ භාෂාවේ තිබෙන්නේත්. මේ සියලු අනුභූතීන් පිළිබඳ විමර්ශනයක යෙදිලා ඔහු මිශ්‍රණයක් හදනවා කවිය ඇසුරින්. ඉන් යමක් තේරුම් ගන්නට පුළුවන්.
කවිය කියන්නේ තමා ගැන කරන ප්‍රචාරණයක් නොවන බව අවබෝධ කර ගත යුතුයි. තමා ම පෙනී සිටිමින් තමා ගැන වහසි බස් දොඩන ආකාරයක් නොවිය යුතුයි. මෙය සරලව විග්‍රහ කරනවා නම් කවිය මතවාදයන් ඉදිරිපත් නොකළ යුතුයි කියා කියන්න පුළුවන්. වෙනත් අයකුට මේ පිළිබඳ වෙනත් මතයක් තිබෙන්නට පුළුවන්. නමුත් මුලිනුත් පැවසූ පරිදි මා විශ්වාස කරනවා කවියා සංවේදනා ඉදිරිපත් කරන්නකු වියයුතුයි කියලා.
-
"කවි බස" වඩාත් කතා බහට ලක්‌වන අංගයක්.
ඔබ ඒ පිළිබඳ යම් අදහසක් දරනවාද?
මා කවි ලිවීම නිසාම බොහෝ දෝෂ දර්ශනවලට ලක්‌වී තිබෙනවා. ඇතැම් විට ඒ බොහෝ චෝදනා නිර්මාණකරවා හා නිර්මාණකරණය පිළිබඳ අනවබෝධයෙන් ඉදිරිපත් වන්නක්. මෙය යම් යම් සොයා බැලීම් කරමින් යන ගමනක්. වැරදීම් සිදුවන්න පුළුවන්. නිර්මාණ මටසිලිටු වන්නේ එබඳු ප්‍රයත්නයකින් පමණයි.
සම්මාන, ඇගයීම් ලැබුණාය කියා ලොකු පාඨක පිරිසක් මට ඇත්තේ නෑ. මගේ පොත් දාහකටත් වැඩිය අලෙවි වුණා කියා බොරුවට පුරසාරම් දොඩවන්න මට වුවමනාවක් නෑ. "ගිං ගඟේ විලාපය" වැනි කෘතියක් සම්මාන ඇගයීම්වලට ලක් නොවූවත් එහි කවි කටපාඩමින් කියන්න පුළුවන් පාඨක පිරිසකුත් සිටිනවා.
විරිත් භාවිතය හෝ සදැස් නිසදැස් ආර පිළිබඳ ඔබ කෙබඳු අදහසක ද සිටින්නේ
අපේ සාම්ප්‍රදායික විරිත්වලට මා ගරු කරනවා. නමුත් වස්‌තු විෂය හා විරිත නොගැලපෙන විට මා විරිත් පිළිබඳ සැලකිල්ලක් දක්‌වන්නේ නෑ. ඇතැම් කවිවල දී විරිත් භාවිත කරන අවස්‌ථාවන් තියෙනවා. ඒ කවියට අවශ්‍ය ප්‍රකාශනය ලබාදීම සඳහා "රැය කරා ගමන" පොතේ එන "බ්‍රොaහයර් දසුන" වැනි කවියක දී සමුද්‍රඝෝෂ විරිත භාවිත කළා. යම් කාව්‍ය සන්දර්භයක් විරිතක් ඉල්ලා සිටින්නේ නම් එය අපේ සාම්ප්‍රදායික විරිතකින් උවත් ඉදිරිපත් කිරීමට මා සූදානම්.
පැරණි කවියා භාවිත කළ කාව්‍යානුභූතීන් හුදෙක් අලංකාරයට මුල්තැන දීම නිසා විරිත් මත රැඳෙන්නට සිදු වී යෑයි අපට අදහස් කළ නොහැකි ද?
විරිත්වලට ප්‍රමුඛත්වය දෙමින් පද්‍ය නිර්මාණය කළ එදා සමාජය මේ තරම් බරපතළ තත්ත්වයකට පත් වී තිබුණේ නැහැ. 19 වැනි සියවසෙන් පසු කවිය විශාල පරිවර්තනයකට ලක්‌වුණා. කිසියම් චලනයක් කවියට පිවිස වීමේ දී ඔය තත්ත්වය බලපානවා. සමාජ වුවමනාවක් අනුව කවිය වෙනස් වීමේ ඓතිහාසික භෞතිකවාදයක් අපේ කවිය තුළ දැකිය හැකියි. මා ලියන කවියේ විරිත් ලක්‍ෂණ, රිද්ම ලක්‍ෂණ මා කියන්න උත්සාහ කරන දේ අනුව භාවිත කළ යුතුයි. එබඳු අවස්‌ථාවකදී සම්මත නිද්‍රdගත විරිතේ රැඳෙන්නට මට හැකියාවක් නැහැ. මගේ පමණක් නොවේ අද ලියෑවෙන බොහෝ කවිවලින් ඒ බව පැහැදිලි වෙනවා.
- නූතන සාහිත්‍ය සමාජය තුළ කවිය කෙරෙහි වන උද්යෝගය පිළිබඳ ඔබ සෑහීමකට පත් වෙනවා ද?
- අලුත් කවි පරපුර ගැන ඔබට යමක් කිව හැකි ද?
- කවිවලට "මාර්කට් එකක්" නෑ කියනවා.
ඇතැම් ප්‍රකාශන මහත්වරු මට යෝජනා කළා නවකතාවක් ලිව්වොත් විකුණන්න පුළුවන් කියා. එසේ කළ යුතු නම් මේ ප්‍රකාශන මාධ්‍යයෙන්ම මේ තරම් දුරක් මා ආ යුතු නැහැ. මගේ රැයකරා ගමන කෘතියත් මුද්‍රණය කරලා තිබෙන්නේ පිටපත් සීයයි. තව සියයක් මුද්‍රණය කර තියෙනවා කියනවා. ඒත් මිළදී ගන්න පොත් නැහැ. මුද්‍රණය හෝ අලෙවිය අඩු වුණාය කියා මම මගේ නිර්මාණකරණය ගැන අධෛර්ය වන්නේ නැහැ. දැන් මගේ පොත් දාහක් විකිණිලා කියා ප්‍රචාරයක් අරින්න පුළුවන් නමුත් ඉන් පළක් නැහැ. කොහොම වුණත් කවියට විශාල ඇල්මක් පාඨක සමාජයේ නැති බව අපි පිළිගත යුතුයි.
- කාව්‍ය විචාරය පිළිබඳ ඔබේ ආස්‌ථානය කෙබඳු ද?
=============================== උපුටනය| දිවයින 2010.10.21
- සංවාදය - නිරෝෂන් හැඳලගේ
===============================================================
නන්දන වීරසිංහගේ කවි මග සැතපුම් කණු
ගිං ගඟේ විලාපය- 1984
නන්දන වීරසිංහගේ කවි මග සැතපුම් කණු
ගිං ගඟේ විලාපය- 1984
කිරි සුවඳැති රාත්‍රිය- 1990
රාජ්‍ය සම්මාන
සත්‍යකාම නම් වෙමි- 1994
රාජ්‍ය සම්මාන
ගිරග- 1998
රාජ්‍ය සම්මාන, ස්වාධීන සාහිත්‍ය සම්මාන
මහත් සඳ පිණි බිඳෙක- 2002
රාජ්‍ය සම්මාන, විද්‍යෝදය සම්මාන
චන්ද්‍ර බිම්බ- 2005 ගොඩගේ සම්මාන,
2005 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානයේ ප්‍රශස්ත කෘති නිර්දේශය.
සමස්ත කාව්‍ය නිර්මාණ කාර්යය වෙනුවෙන්
නන්දන වීරසිංහයන් රැයකරා ගමන කෘතියෙන් පසව 2011 දී සහස් රැස්යට යනුවෙන් කවිපොතක්ද එම වසරේම පස්වනක් කවිලකුනු යනුවෙන් සංගෘහිත කවිපොතක්ද කළා. ගියසතියේ ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය වන දිසි අදිසි ඇමරිකානු පරිවර්තන කවි පොත නිකුත්කලා. මමත් එදා ඒ වැඩසටහනට සහභාගී වුණා.
ReplyDeleteවිශේෂයෙන්ම නන්දනගේ කවි බොහෝවිට පරිසරය සම්බන්ධයෙන් ලියැවෙන කවි විම විශේෂයි. ඒවා කවිය පිළිබඳ මුනිවරයෙකුගේ දෘෂ්ඨිය යැයි වරෙක සිතෙනවා.
නන්දන අයියා සමග මමත් දීර්ඝ කාලයක් නිදහස් ලේඛකයෙක් විදියට පුවත්පත් සඟරා ආදියේ කටයුතු කර අුැති නිසා ඔහුගෙන් උගත් දේ බොහොමයි. ඒ නිසා ඔහුගේ කවිත්වයට මම බොහෝ සෙයින් ඇලුම් කරනවා