

සේකර වැස්සක් නම්
රත්න ශ්‍රී පේළිවැස්සක්..
නැත්නම් පොකුරු වැස්සක්.
රත්න ශ්‍රී පේළිවැස්සක්..
නැත්නම් පොකුරු වැස්සක්.
ප්‍රකාශනයෙහි ශක්‍යතාවය අතින්
රත්න ශ්‍රී ඉතාම ඉහළ බව අවිවාදිතයි.
ඒත් සේකර, ප්‍රේමකීර්ති වැන්නන්
ඉහළ අහසේ වැජඹෙන්නෙ
ඔවුන් මිනිසා වර්ගීකරණයකට
බඳුන් නොකළ නිසයි.
රත්න ශ්‍රී ඉතාම ඉහළ බව අවිවාදිතයි.
ඒත් සේකර, ප්‍රේමකීර්ති වැන්නන්
ඉහළ අහසේ වැජඹෙන්නෙ
ඔවුන් මිනිසා වර්ගීකරණයකට
බඳුන් නොකළ නිසයි.
ඔවුන් යමක් අගය කිරීමෙදි හෝ
හෙළා දැකීමෙදි
ඔවුන්ගේ දර්ශනය
ඔවුන්ගේ පුද්ගලික දැක්මට සාපේක්ෂ වීම
ඉතාම අවමයි.
සේකර මිනිසුන් මිනිසුන් ලෙස දකිද්දි..
රත්න ශ්‍රී ඔහු විසින් තෝරාගත් පිරිසකට
පක්ෂපාතීව නිර්මාණ කරනවා.

රත්න ශ්‍රීගෙ නිර්මාණ උසස් වෙන්නෙ
ඒ පක්ෂපාතී බව අවම වෙන විටයි.
ඒ පක්ෂපාතී බව අවම වෙන විටයි.
==============================================
මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව ඒ රටට යටයි
අහස සිඹින ගිරි කඳුරු - පොළොව තෙමන වැව් සයුරු
මුහුද අවට බැඳි පවුරු - එරට අසිරි සිරි එයුරු
මව්බිම වෙනුවෙන් පොරණේ - දිවි දුන් විරු දරුවන්නේ
ලේවලිනුයි ඒ දෙරණේ - මිණි කැට මුතු කැට මැවුනේ
සමනොළ ගිරි වළළු හිමේ - බුදු සිරිපා පිපෙන බිමේසම කරුණා ගුණ මහිමේ - අප උපතින් ලද උරුමේ---------- සේකර ----------
තම හැඟීම
අන් අය මත පැටවීමක් හෝ
අන් අය හෙළා දැකීමක් එහි නෑ
රත්න දීප ජන්ම භූමි
රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ මාතෘ භූමියයි
මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි
සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධ වී
රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි
ගංගා තරංග රාව දී රිදී වනින්
මල් පිපී කුලින් කුලේ හැපී
ගායනා කරන්නේ ආකාශයේ නැගී
වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි
---------- සේකර ----------
සේකරගෙ නිර්මාණ වල
අන් ජාතීන් පිළිබඳව හෝ
ඔවුන් නිසා සිංහලයා විඳි දුක් පිළිබඳව හෝ
ඉඟියක්වත් නැහැ..
ඒ නිර්මාණ වල
ද්වේශයෙන් කරන පැමිණිළි නැහැ..
ඒත් මෙහි එවැන්නක් තියනවා.
පාත ඉඳන් අපි ආවේ
නා මල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න.......
හීල් හෙවණෙ හිඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න
ඇඟ පත කළු වුණත් අපේ
කිළි කුණු නැති හිත බලන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න.....
මූදු ගියා ලෙලි තැළුවා
පිළි ගඳින් බෑ මිදෙන්න
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න......
-------------- රත්න ශ්‍රී විජේසිංහ --------------
උඩරට පහත රට භේදය හිතයට තියාගෙන
පහත රැටියාගේ හීන මානය ඉස්මතුකරමින් රත්න ශ්‍රී කරන
පැමිණිල්ලක් චෝදනාවක් මේ ගීතයෙහි තියනවා.
.
රත්න ශ්‍රී ඔහු විසින් තෝරාගත් පිරිසකට
පක්ෂපාතීව නිර්මාණ කරනවා.
කිසියම් පිරිසකට හෝ දේකට පක්ෂපාතී කලාකරුවා
නොමේරූ කලාකරුවෙක්.
මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව ඒ රටට යටයි
අහස සිඹින ගිරි කඳුරු - පොළොව තෙමන වැව් සයුරු
මුහුද අවට බැඳි පවුරු - එරට අසිරි සිරි එයුරු
මව්බිම වෙනුවෙන් පොරණේ - දිවි දුන් විරු දරුවන්නේ
ලේවලිනුයි ඒ දෙරණේ - මිණි කැට මුතු කැට මැවුනේ
සමනොළ ගිරි වළළු හිමේ - බුදු සිරිපා පිපෙන බිමේසම කරුණා ගුණ මහිමේ - අප උපතින් ලද උරුමේ---------- සේකර ----------
තම හැඟීම
අන් අය මත පැටවීමක් හෝ
අන් අය හෙළා දැකීමක් එහි නෑ
රත්න දීප ජන්ම භූමි
රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ මාතෘ භූමියයි
මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි
සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධ වී
රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි
ගංගා තරංග රාව දී රිදී වනින්
මල් පිපී කුලින් කුලේ හැපී
ගායනා කරන්නේ ආකාශයේ නැගී
වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි
---------- සේකර ----------
සේකරගෙ නිර්මාණ වල
අන් ජාතීන් පිළිබඳව හෝ
ඔවුන් නිසා සිංහලයා විඳි දුක් පිළිබඳව හෝ
ඉඟියක්වත් නැහැ..
ඒ නිර්මාණ වල
ද්වේශයෙන් කරන පැමිණිළි නැහැ..
ඒත් මෙහි එවැන්නක් තියනවා.
පාත ඉඳන් අපි ආවේ
නා මල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න.......
හීල් හෙවණෙ හිඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න
ඇඟ පත කළු වුණත් අපේ
කිළි කුණු නැති හිත බලන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න.....
මූදු ගියා ලෙලි තැළුවා
පිළි ගඳින් බෑ මිදෙන්න
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න......
-------------- රත්න ශ්‍රී විජේසිංහ --------------
උඩරට පහත රට භේදය හිතයට තියාගෙන
පහත රැටියාගේ හීන මානය ඉස්මතුකරමින් රත්න ශ්‍රී කරන
පැමිණිල්ලක් චෝදනාවක් මේ ගීතයෙහි තියනවා.
.
රත්න ශ්‍රී ඔහු විසින් තෝරාගත් පිරිසකට
පක්ෂපාතීව නිර්මාණ කරනවා.
කිසියම් පිරිසකට හෝ දේකට පක්ෂපාතී කලාකරුවා
නොමේරූ කලාකරුවෙක්.