මගේ නාට්‍ය තුළින් මම සාකච්ඡාවට ලක් කරන්නේ
අපිට දැනෙන, පෙනෙන සමාජීය ගැටළු, අර්බුධ ගැන.
ඒ හැමදෙයක්ම දේශපාලනිකයි.
නමුත් ඔබ අහන්නේ පක්ෂ දේශපාලනය ගැන නම්
මගේ අදහස කලාකරුවෙක් විදිහට
පක්ෂ දේශපාලනයේ යෙදීම
මට තරම් නොවෙන කටයුත්තක්
කියන එකයි.
කලාකරුවෙක් විදිහට
මම මගේ පේ‍්‍රක්ෂකයන් එක්ක
ඍජුවම දේශපාලනය කතාකරනවා.
ඒ සම්බන්ධයෙන් මගේ තියන ආකල්පය, දැක්ම
සාකච්ඡාවට ලක්කරනවා.
මම මේ ගනුදෙනුව කරන පේ‍්‍රක්ෂක සමාජය කියන්නේ
විවිධ දේශපාලන මතවාද දරන
කණ්ඩායම් රාශියකින් සැදුම්ලත් එකක්.
මම පක්ෂ දේශපාලනයට යනවා කියන්නේ
මගේ පේ‍්‍රක්ෂක සමාජයේ කිසියම් කණ්ඩායමකට,
කුලකයකට එකතුවීමක්.
එතකොට මම කොහොමද
අනෙක් කණ්ඩායම් එක්ක
මගේ සාකච්ඡුාව ගෙනියන්නේ.
ඒ කණ්ඩායම් මගේ දේශපාලන විරුද්ධවාදීන් බවට පත්වුණාම?
කලාකරුවෙක් විදිහට
මට සමාජයත් එක්ක සිදුකළ යුතු සාකච්ඡුාව
පුළුල් පරාශයකින් කරගන්න බැරිවෙනවා.
අනෙක් පැත්තෙන් මා තුළ සිටින කලාකරුවා ක්ෂයවෙලා
දේශපාලකයෙක් මතුවෙන්න පටන් ගනියි.
එතනින් මගේ අනන්‍යතාව අහෝසි වෙනවා.
මේ කාරණා නිසා මම කොහොමටවත්
පක්ෂ දේශපාලනයට සම්බන්ධ වෙන්න
හිතන්නෙ නෑ.
----------------------ජයලත් මනෝරත්න
නුවරඑළිය දිස්ත්රික්කයේ දෙහිපේ ගම්මානයේ පදිංචිව සිටි කෙසෙල්ගස්පේ මනතුංග බණ්ඩාර සහ අගලකොටුව හේරත් මුදියන්සේලාගේ ලීලා කුමාරි දෙපළගේ පවුලේ දෙවන පිරිමි දරුවා ලෙස කෙසෙල්ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න මෙලොව එළිය දුටුවේ 1948 වසරේ ජුනි 12 දිනය. ගමේ පාසල වූ දෙහිපේ මිශ‍්‍ර පාසලෙන් මුල්පොත කියැවූ ඔහු පසුව පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවේය. කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත්ව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍රපීඨයට ඇතුළත් වූ හෙතෙම එහිදී ශාස්ත‍්‍රවේදී උපාධිය ලබාගත්තේය.
උපාධිධාරියෙකු ලෙස පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් පිටවන මනෝරත ්න තරුණයාගේ මුල්ම රැුකියාව වූයේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අනියම් ලිපිකරු රැුකියාවකි. පසුව පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව සහ ශ‍්‍රී ලංකා වරාය කොමිෂන් සභාවේ ලිපිකරුවෙකු ලෙසද, මහවැලි සංවර්ධන මණ්ඩලයේ සංවර්ධන සහකාරවරයෙකු ලෙස ද, මහවැලි අධිකාරියේ ප‍්‍රජා සංවර්ධන නිලධාරියෙකු ලෙස ද ආදී වශයෙන් රජයේ විවිධ ආයතනයන්හි සේවය කරන්නට ඔහුට සිදුවිය.
පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ ශ‍්‍රීපාලි මණ්ඩපයේ සහ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන්ද හෙතෙම කටයුතු කළේය. මනෝරත්නගේ කලා දිවිය ඇරඹෙන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුවෙකුව සිටියදීමය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ වේදිකා නාට්‍ය තුළින් ප‍්‍රසිද්ධ වේදිකාවට රංගන ශිල්පියෙකු ලෙස එක් වූ මනෝරත්න රාජ්‍ය නාට්‍ය උළේලේ හොදම නලූවාට හිමි සම්මානය වසර පහක් හිමිකරත්තේය. ‘රතු හැට්ටකාරි’ (1974*, ‘පුත‍්‍ර සමාගම’ (1985*, ‘තල මල පිපිලා’ (1988*, ‘සොක‍්‍රටීස්’ (1990*, ‘ද්විත්ව’ (1991* එම නාට්‍යයයි. පසුව ස්වතන්ත‍්‍ර නාට්‍ය නිෂ්පාදකයෙකු වශයෙන් ඔහු වේදිකාවට ගෙන ආ නාට්‍ය බොහොමයක් ද පේ්‍්‍රක්ෂක විචාරක අගැයීමට මෙන්ම විවිධ සම්මාන ප‍්‍රදානයන්හි දී සම්මානයට ද පාත‍්‍රවිය. ‘තල මල පිපිලා’ 1988 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම අධ්‍යක්ෂණය සහ හොදම රචනය ලෙස සම්මාන හිමිකරගත්තේය. ‘අන්දරේලා’ (1993*, සහ ‘ගුරු තරුව’ (1996*, හොදම රචනය සහ හොදම නාට්‍ය කෘති ලෙස රාජ්‍ය නාට්‍ය උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබුවේය. වේදිකාව, සිනමාව සහ රූපවාහිනය යන මාධ්‍ය ත‍්‍රිත්වයේම එකසේ දක්ෂකම් දක්වා ඇති මනෝරත්න තවමත් කාර්ය බහුල ජීවිතයකට හිමිකම් කියන්නේ කලාකරුවෙකු වශයෙන් ඔහු සතු සුවිශේෂී අනන්‍යතාව හේතුවෙනි.
Source http://www.sl-spirit.com/forum/viewtopic.php?f=35&t=2302
====================================
ප්‍රින්සිපල්ගේ කනේ පාරෙන් මං එදා දේවතා එළිත් දැක්කා
ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්න
අද පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලෙ
නිදහස කියන එකේ නියම අරුත හීන් එකා කාලෙදි මං දන්නෙ නෑ. අපේ ගමේ මිනිස්සු බොහොමයක් එහෙමයි. නුවරඑළියෙ සීතල මීදුම් වළල්ලේ එතිලා අපේ ගම්වලටත් ආවා. දෙහිපෙ ගමේ අපිත් ඒ හිරිගඩු නංවන සීතල දරාගන්ඩ පුරුදුයි. උදේ ඉඳන් පොළොව කොටලා හරි හම්බ කරන්ඩ මහන්සි වෙන ඇත්තො මේ ගම්වල හිටියෙ. අදත් ඉන්නවා. හීන් ඇඳිරිය වැටෙනකම් වැඩකරලා අස්වැන්න පූදින කාලෙට ඒ එකතු කළ අස්වැන්න ඊළඟ දවසෙ උදේ පාන්දරම ඒ අය ලොරිවලට පැටෙව්වා. සීතලට හිසේ තලප්පාවක් බැඳගෙන මේ ලොරිවලට ගෝවා, තක්කාලි, මාළු මිරිස් ගෝනි පුරවලා පැටෙව්වෙ නාට්ටාමිලා නොවෙයි. අපේ දුප්පත් අම්මලා.
අරුණැල්ලත් එක්කම අපේ ගොවිබිම්වලට ඇදුණු ලොරි තට්ටුවකට මුවහ වෙලා මාත් මේ මිනිස්සුන්ගෙ නිදහස පැතුවා. පුදුමය කියන්නෙ ඒ නිදහස අප ළඟම තිබුණත් ඒක අල්ලන්ඩ අපට වරම් නොතිබුණු එක. මාත් ඉපදුණේ 1948 අවුරුද්දෙ.
හරියටම කිව්වොත් ලංකාවට නිදහස ලැබිලා මාස හතරකට පස්සෙ. අම්මලාගෙන් පස්සෙ පරම්පරාව අපේ පරම්පරාව නිදහස් කරලා අපේ මහා සමාජයට එව්වෙ නිදහස් අධ්‍යාපනය කිව්වොත් වැරැදි නෑ. ඒ ගැන පුරෝගාමීව කැප වෙමින් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ග ර
මහත්මයා ලංකාව පුරා ඇතිකළ මුල්ම මධ්‍ය විද්‍යාල අතරින් අපේ ඉස්කෝලෙත්
එකක්. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත කොට්ඨාසයේ පොරමඩුල්ල මධ්‍ය මහා
විද්‍යාලයය කියලයි ඒක නම්වර ලැබුවෙ.
ප්‍රවීණ රංගධර කෘතහස්ත නාට්‍යවේදී ජයලත් මනෝරත්නයන්ගේ අධ්‍යාත්මය ඇතුළු හද පුරා හෝරා කීපයක් කළ කතාවේ සමුදයාර්ථය මට වැටහුණේ එලෙසය. ඒ අධ්‍යාත්මය නිහඬව කී දේ වචනවලට නැඟීම මම නොමසුරුව කළෙමි. එහෙත් ඒ මුවමඬල මට කී ඉතිරිය ද කියන්නට අවසර.
මං මුලකුරට ගියේ ගමේ ඉස්කෝලෙ. දෙහිපෙ ප්‍රාථමික මිශ්‍ර පාසලට. දුප්පත් දරුවන්ට ඉහළට නඟින හිණිමඟ එදාත් ශිෂ්‍යත්වෙ. අව්කාෂ්ටකේ පොළොවත් එක්ක ඔට්ටු වන අපේ අම්මලා හා නෑදෑයො සියල්ලටම එකම ප්‍රාර්ථනයයි තිබුණේ. ඒ ශිෂ්‍යත්වෙන් දරුවන් මොන දහිරියක් දාලා හරි පාස් කරවන්ඩ. මාත් ඒ විදියටම දෙහිපේ ප්‍රාථමිකයෙන් 1959 දි ශිෂ්‍යත්වෙ පාස් වුණා. අපේ ජීවිතය පුරා ගුලිවෙච්ච ඒ සෞන්දර්යාත්මක කලාත්මක චින්තනය පෝෂණය කරගන්ඩ තරමක් හෝ පහසුකමක් හොයාගන්නා සිහිනයක් අනෙක් අයට වගේම මටත් තිබුණා. මාත් ශි්‍යෂ්‍යත්වය පාස්වෙලා පොරමඩුල්ල සෙන්ට්‍රල් එකට ආවා.
මේ ඉස්කෝලෙ විවිධප්‍රසංග, සමිතිවල යම්බඳු ක්‍රියාකාරකම් දැකලා මටත් හැඟීමක් ආවා. සාමාන්‍යයෙන් සෙන්ට්‍රල්වලට උරුමව තිබුණු වේදිකාවක් අපේ ස්කෝලේ තිබුණා. පාසලේ අනෙකුත් ගොඩනැඟිලිවලට වඩා මගේ සිත් ගත් තැන පුංචි දවසෙදිත් ඒ වේදිකාව.
එදා ශිෂ්‍යත්වය දීමනාවට රජයෙන් ලැබුණු රුපියල් 32යි ශත 50යි. කෑම බීමත් එක්ක නේවාසිකාගාර පහසුකම ලබන්නයි ඒ මුදල ලැබුණෙ. යමක් කමක් තිබූ දරුවො අරමුදල ගෙවලා ගෙවීමේ පදනමටත් නේවාසිකාගාරගත වුණා. මං ගමේ ඉඳන් ලොකු ඇඳුම් පෙට්ටියක් කරගහගෙන නේවාසිකාගාරයට ආවත් මුල්ම දවස් ටිකේ මං ගත කළේ පුදුමාකාර දුක්බර ජීවිතයක්. වීරයා වගෙ ආවාට මොකද? හැමදාම අඬන එකයි කළේ. සාමාන්‍යයෙන් පාසල් වෙලාව පසුවුණාම ළමයින් නිදහස් වෙනවා. ඔවුන් හිතුමතේට වැඩකරනවා. එහෙත් නේවාසිකාගාරයේ ඒවා බෑ. උදේ 5ට අවදි වෙන්ඩ ඕනෑ.
5.30 ඉඳන් 6.30 වෙනකම් පාඩම් කරන්නම ඕනෑ. ඊළඟට ස්කෝලෙට යන්ඩ ඕනෑ. හවසටත් එහෙමයි. හැන්දෑවෙ පහත් හයත් අතර පමණයි ක්‍රීඩාකරන වෙලාව. ඊට පස්සෙ ආයිත් පාඩම් වැඩ. දැඩි විනය නීති පද්ධතියක් තිබුණා. වෙලාවට වැඩකිරීම, පිළිවෙළට කටයුතු කිරීම, පිරිසුදුව සිටීම මේ හැමදේම මගේ ජීවිතයට කාන්දු කළේ පාසල් නේවාසිකාගාරෙ. සපත්තු පොලිස් කරගන්ඩ, ඇඳුම් පිරිසුදුව අඳින්ඩ, කොණ්ඩය වෙලාවට කොටට කපා තියාගන්ඩ, අනවශ්‍ය වචන කතා නොකරන්ඩ, කල්ලි නොවැටෙන විදියට ළමයින් තබාගන්න අපේ කෘත්‍යාධිකාරිතුමා නිතරම මහන්සි ගත්තා. එතුමාගේ නම ඩී.වික්ටර් ඊ.පීරිස්. නුවර පළාතෙන් ආපු වැදගත් මහත්මයෙක්. අන්තර් වැඩ මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වලටත් එතුමා ළමයින් යොමු කළේ විශේෂ අවධානයෙන්.
අපේ ගම්වල සොකරි, කිඳුරු කමතේ පන්සල් මඩුවෙ පෙන්වන අවස්ථා තිබුණත් අපි සමාජ නාට්‍ය දැකලා තිබුණෙම නෑ. කුවේණි, ජනේලය, ඉබිකට්ට, මුහුදු පුත්තු වගෙ නාට්‍ය කොලොම්තොට පෙන්වන බව අසා තිබුණත් දැක තිබුණෙ නෑ. මං මුලින්ම නාට්‍ය උගත්තෙ පොත්වල පෙළ කියවලා. මෙහෙම යනකොට වැඩිහිටි නේවාසික ශිෂ්‍යයෙක් ගමට ගියාම ‘දේවතා එළි’ නාට්‍යය දැකලා තියෙනව. ඔහු ඒ අනුව අපේ දුප්පත් ස්ටේජ් එකේ ගුණසේන ගලප්පත්තිගේ ‘දේවතා එළි’ ළමයින් සම්බන්ධ කරගන හදලා පෙන්වන්ඩ තීන්දු කළා. ඉංග්‍රිසි සර් වික්ටර් මහත්මයත් අපට උදව් කළා. මං කළේ ‘මනෝශිල’ චරිතය.
අර සමිතියේදී අපි නොයෙක් නිර්මාණාත්මක ක්‍රියාකාරකම් කරන්ඩ ඕනෑ. එතැනදි පෙන්වූ යම්බඳු කුසලතාවක් තේරුම් ගෙනයි ගුරුතුමා මා ‘මනෝශිල’ චරිතෙට ගත්තෙ.
අපේ විදුහල්පතිතුමාත් හරිම අපූරු පුද්ගලයෙක්. එතුමා තමයි ස්කෝලෙ හුඟාක් දියුණු කළේ. කන්දක් උඩ තියෙන මේ ස්කෝලෙට කාලයකදි කන්ද උඩරට පුංචි සරසවිය කියලා නමකුත් පටබැඳුණා ඒ මහත්මයගෙ කාලෙ. එතුමා පිය සෙනෙහසින් හැම දරුවෙක් දෙසම බැලුවෙ. සුනිල් ශ්‍රියානන්ද සංගීත ගුරුතුමා මගේ ජීවිතයට එළියක් වුණා. ජන ගායනා නාද රටා ගැන මා උනන්දු කළේ එතුමාගේ සංගීත දැනුමයි.
අපේ පාසලේ සමිතිය සිංහල සාහිත්‍ය සමිතිය වශයෙන් මුල්කාලෙ තිබුණේ. ඒක රංග සභාව ලෙස වෙනස් වුණේ මගේ සභාපතිත්වයෙන්. අවුරුද්දකට සැරයක් අපි ප්‍රසංගයක් කරනවා. මේ ප්‍රසංගයේදී තමයි අපි අපේ ‘කලර්’ පෙන්වන්නෙ. අනෙක බෝයිස් හොස්ටල් ඩේ. හරිම අපූරු සුන්දර අත්දැකුම් ගෙනාපු දවස.
මේ නේවාසික දිනයේදී අපි මොකක් හරි අලුත් නිර්මාණාත්මක වැඩ කරනවා. එදා බ‍්‍රහස්පතින්දා දවසක් වුණත් මං අසනීප වෙන්නෙ නෑ. ඇයිද? දන්නවද එහෙම කීවෙ. බොහෝ වෙලාවට මං බඩ අල්ලගෙන බ්‍රහස්පතින්දාට හොස්ටල් එකේ ඉන්නවා. වැඩිහිටි ළමයින් ඇවිත් මට බඩේරුදාවට බෙහෙත් අරන් දීලා ගමට යවනවා. ඒ නිසාම සිකුරාදා සෙනසුරාදා ඉරිදා ඔක්කොම ගමේ සෙල්ලම් කරන්ඩ පුළුවන්නෙ. ඒ නිසා බොහෝ බ්‍රහස්පතින්දාට බඩේ අමාරුව. ටිකක් ගැටවරයා වෙනකොට එහෙම පැනලා ගිහින් තමයි සමහර විට නුවරටත් ඇවිත් නාට්‍ය චිත්‍රපට බැලුවෙ. අපේ ඉස්කෝලෙ නේවාසික සිසුවියන් ද වෙනම ගොඩනැඟිල්ලක ඉන්නා නිසා ‘ගර්ල්ස් හොස්ටල් ඩේ’ එකකුත් තියෙනවා. එදාට අපේ එකටත් වඩා හරිම රසවත් අත්දැකීම්.
අපට වගාකරන්ඩ, උයන්ඩ පවා ගුරුවරු උගැන්නුවා. නේවාසිකාගාරයේ උඩහ පැත්තෙ ගොම පොහොර අහුලන්ඩ යන විදියට අපි පේර කඩන්ඩත් යනවා. වැඩිය පරක්කු වුණොත් කෘත්‍යාධිකාරිතුමා එනවා. මං ඉගෙනීමට මහත් දක්ෂකම් නොපෑවාට වැඩ ටික කරගන්නවා. ශිෂ්‍ය නායක වගේ තනතුරුත් තියෙනවා. කොල්ලොත් එක්ක හරි හරියට ගහගෙන කකුල් තුවාල වෙලා ගමට වෙලා ඉන්න වෙලාවක් තිබුණා. සෙනරත් සර් කියන්නෙ ඒකයි, මේකා හැම වැඩේම කරනවා. පාඩම් කරනවා, ගහගන්නවා, සෞන්දර්ය වැඩ කරනවා, රඟපානවා, ඒ වගේම මෙයා තරම් කෑම ටිකේ ලුණු ඇඹුල් බලන්ඩ දක්ෂයෙකුත් නෑ කියලා. මට අවශ්‍ය නම් අදත් උයාගන්ඩ වුණත් පුළුවන්.
එක් වතාවක් ශ්‍රියානන්ද සර් හම්බවෙන්ඩ කොළඹින් තරු ටිකක් කඩා වැටුණා. ශ්‍රියානන්ද සර් කොළඹ හේවුඩ් එකටත් ගියා කාලයක්. සංගීත විද්‍යාලයට. උපාලි අත්තනායක, නවනන්දන විජේසිංහ (අභිරූපනයට අතිදක්ෂයෙක්) අනුලා කරුණාතිලක වගේ අය. තරු අතින් අල්ලන්ඩ බෑ. ඈත ඉඳන් එළිය විඳින්ඩ පුළුවන්. ඉතින්! පේන මානයේ ඉඳලා සිහින මැව්වා. කොහොමද මේ වගේ කෙනෙක් වෙන්නෙ කියලා. මේ හීනයත් එක්ක රංග සභාවේ බොහෝ කටයුතු අපි ආසාවෙන් කළා.
ගොම පොහොර අහුලලා පැළ තවාන සකස් කරන්ඩ මාත් ලොකු වුණාම අර කන්ද නඟිනවා. වැස්සියො දිගේලි කරලා තිබුණු නිසා ගොම පොහොර හිඟ නෑ. ඒත් පේර කැඩිල්ලට වඩා ලොකු වෙනකොට මගෙ හිත ගියේ අයියලා පුංචි දවසෙ අප තනිකරලා පැන්න මාවත් හොයන්ඩ. බලනකොට ඒකෙන් රිකිල්ලගස්කඩ හන්දියට හොර පාරක් තියෙනවා. මාත් ඕකෙ රූටා ගිහින් ටික වෙලාවක් ඉඳලා ඇවිල්ලා හොරෙන්ම නේවාසිකාගාරයට යනවා.
ඒ කාලෙ හැම සඳුදාම ප්‍රින්සිපල් සෙනරත් සර්ගේ රැස්වීම. රැස්වීම පැවැත්වෙද්දි මං තවත් ළමයෙක් එක්ක මොනවදෝ කීවා. ටිකක් හයියෙන් සද්දෙ ආවා. සෙනරත් සර් දෙතුන් සීයක් ඉදිරිපිට දුන්නා මට කනේ පාරක්. ‘දේවතා එළි’ නාට්‍යයේ කලින් රඟපෑවට හැබෑවටම දේවතා එළි විතරක් නොවේ තාරකාත් මා දුටුවෙ එදා. එදා ගුරුවරයා මා හික්මවන්නට ගැසූ පහර නිසා අදත් මං විනය රකිනවා.
මං වගේම මගෙ පොඩි අක්කත් ශිෂ්‍යත්වෙ පාස්වෙලා මේ ඉස්කෝලෙ කාන්තා නේවාසිකාගාරයට ආවා. ලොකු අක්කා ගෙදර ඉඳන් ආවෙ. අම්මා හදලා එවන රසකැවිලි කොල්ලොත් එක්ක බෙදාහදාගෙන කන්ඩ අපි පුරුදු වුණා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මීටර 100, 200 ජවන හා පිටිය ක්‍රීඩාවලට ඉදිරිපත් වෙලා මාත් නිතර දිනලා තියෙනවා. ඇත්තටම මං ක්‍රීඩකයෙක් වෙයි කියලයි ගුරුවරුන් හිතුවෙ.
එක් වතාවක් ‘ගර්ල්ස් හොස්ටල් ඩේ’ එකට අපට ආරාධනා කරපු වෙලාවෙ හරි වැඩක් වුණා. සාමාන්‍යයෙන් එදාට ප්‍රණීත ආහාර බෙදන්නෙ ගැහැනු ළමයි. ඒ අය එදාට උයන්නෙ. අපේ හොස්ටල් ඩේ එකට අපි. එක මුඛරි ළමයෙක් දවසක් කියලා තිබුණා, අද අපි කොල්ලන්ට බලුකපුටු දානයක් දෙන්ඩ ලෑස්ති කළා කියලා. මේක දෙබරයට ගල් ගැසීමක්ම වුණා. මේකට කොල්ලො තරහ වෙලා කෑම වර්ජනය කළා. කොච්චර ගුරුවරු කීවත් පිරිමි ළමයි තමන්ගෙ අභිමානෙ ගැන හිතලා කන්ඩ ගියේම නෑ. මට අක්කා ගැන දුකත් හිතුණා.
අපට උඩරට නැටුම් ඉගැන්වුවෙ අමුණුගම ගුණසේන ගුරුතුමා. පසු කාලයක ඉස්කොලෙට ආපු ජී.බී.රාසිංගොල්ල විදුහල්පතිතුමාත් වේරගම සර් ආදීන් ද මතකයට නැඟෙනවා. වේරගම සර් ලී වැඩවලදි අපිට කැටයම්වල චමත්කාරය මවා පෙන්වූ කෙනෙක්. රේණුකා හේරත් හිටපු ඇමැතිනී, එස්.බී.දිසානායක ඇමැතිතුමා අපේ පාසලේමයි උගත්තේ. ඩොක්ටර් අරංකේබණ්ඩාර වගෙ අය තවත් ගොඩක් හිටියා. 1966 දි අපේ ස්කොලෙන් සරසවියට පාස් වෙච්චි 18 දෙනා අතර මාත් හිටියා. නේවාසිකාගාරෙ නීති නිසා නාට්‍ය බලන්ඩ ඈත යන්න බැරි වුණත් මං නුවරදි චිත්‍රපට නම් ඕනෑතරම් බලා තිබෙනවා. ඒ කාලෙ අපේ සිනමා වීරයා ගාමිණී ෆොන්සේකා.
පේරාදෙණිය කැම්පස් එකේදි පළමු වසරෙදිම මං චිත්‍රපටයක් රූගත කරනවා දැක්කා. ඒ හන්තානේ කතාව. ටෝනි රණසිංහ, මගේ සිත්ගත් නළුවා. ඒ කාලෙ කොල්ලො අතර ‘ටෝනි කට්’, ‘ටෝනි වෝක්’ ජනප්‍රිය වෙලා තිබුණා. පසුකාලයක ‘දෙලොවක් අතර’, ‘රන්සළු’ එනකොට ඒක වසංගතයක් වගෙ කැම්පස් එක පුරාම පැතිරුණා.
සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය අතරට මා පිවිසෙන්නෙ අර සිහිනය දිනාගන්ඩ. මං කොහොම හරි ඒ සිහිනය දිගේ ගමන් කළා. ඒත් ඒකට අවශ්‍ය විනය, වෙලාවට වැඩ කිරීම, දරා ගැනීම, බාධක ජයගැනීම මේ හැමදේම මට ආවෙ ස්කෝලෙන්. ඒ කාලෙ නුවර ඇසළ පෙරහර හඟුරන්කෙත පෙරහර, පොත්ගුල් විහාරය, අප අත්හරින්නේ නෑ. ඊටත් වඩා ඒ කාලෙට පොත්ගුල් විහාරය ළඟ සවිකරන ටෙන්ට් එකේ මාස 3ක් චිත්‍රපට පෙන්වනවා. මං හිතන්නෙ ස්කෝලෙ සරසවි පිවිසුම් පෙළ කාලෙත් අප ‘දෛව විපාකය’ ‘කැලෑහඳ’ වගේ ඒවා බැලුවෙ ඒ ටෙන්ට් එක යට.
මොන තරම් ජය කෙහෙළි නැංවුවත් අපිට පාසල් මතකය තරම් සුන්දර දෙයක් නෑ. අද අවුරුදු හැට පහකට ළංවෙලත් ඒ මතකය මා ජීවත් කරවනවා. පසුකාලයක සත්‍යය හා රමණීයත්වය පිළිබඳ පාඩම කලා ලෝකෙ නොයෙක් ඉසව්වලින් උගත්තත් පොරමඩුල්ල ස්කෝලෙ මට උගැන්වූ දේ ප්‍රබලයි. දැනට අවුරුදු 10කට පෙරත් අපි ආදි ශිෂ්‍යයො ටිකක් විනෝදෙට ඉස්කෝලෙට ගිහින් තරගයට දිව්වා. මා පුංචි කාලෙ දක්ෂ මීටර 100 ධාවකයෙක්. ඒත් එදා මම දිනාගත්තේ තුන්වැනි ස්ථානය. දෙවැනි ස්ථානය ගත්තෙ අද විදුලි ඉංජිනේරුවෙක් වන මුරමුදලිගේ. පළමුවැනි ස්ථානය දිනාගත්තෙ කවුද දන්නවද? අද උසස් අධ්‍යාපන ඇමැති එස්.බී.දිසානායක මැතිතුමා. තරගයට කී දෙනෙක් සහභාගි වුණාද? මම හදිසියෙන් මනෝගෙන් ඇසුවෙමි. පුදුමය කියන්නේ සහභාගි වුණේ 3 දෙනයි. මං තුන්වැන්නා. ඔහු හිනැහෙමින් කීවේය.
උපාලි සමරසිංහ
අද පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලෙ
නිදහස කියන එකේ නියම අරුත හීන් එකා කාලෙදි මං දන්නෙ නෑ. අපේ ගමේ මිනිස්සු බොහොමයක් එහෙමයි. නුවරඑළියෙ සීතල මීදුම් වළල්ලේ එතිලා අපේ ගම්වලටත් ආවා. දෙහිපෙ ගමේ අපිත් ඒ හිරිගඩු නංවන සීතල දරාගන්ඩ පුරුදුයි. උදේ ඉඳන් පොළොව කොටලා හරි හම්බ කරන්ඩ මහන්සි වෙන ඇත්තො මේ ගම්වල හිටියෙ. අදත් ඉන්නවා. හීන් ඇඳිරිය වැටෙනකම් වැඩකරලා අස්වැන්න පූදින කාලෙට ඒ එකතු කළ අස්වැන්න ඊළඟ දවසෙ උදේ පාන්දරම ඒ අය ලොරිවලට පැටෙව්වා. සීතලට හිසේ තලප්පාවක් බැඳගෙන මේ ලොරිවලට ගෝවා, තක්කාලි, මාළු මිරිස් ගෝනි පුරවලා පැටෙව්වෙ නාට්ටාමිලා නොවෙයි. අපේ දුප්පත් අම්මලා.
අරුණැල්ලත් එක්කම අපේ ගොවිබිම්වලට ඇදුණු ලොරි තට්ටුවකට මුවහ වෙලා මාත් මේ මිනිස්සුන්ගෙ නිදහස පැතුවා. පුදුමය කියන්නෙ ඒ නිදහස අප ළඟම තිබුණත් ඒක අල්ලන්ඩ අපට වරම් නොතිබුණු එක. මාත් ඉපදුණේ 1948 අවුරුද්දෙ.
හරියටම කිව්වොත් ලංකාවට නිදහස ලැබිලා මාස හතරකට පස්සෙ. අම්මලාගෙන් පස්සෙ පරම්පරාව අපේ පරම්පරාව නිදහස් කරලා අපේ මහා සමාජයට එව්වෙ නිදහස් අධ්‍යාපනය කිව්වොත් වැරැදි නෑ. ඒ ගැන පුරෝගාමීව කැප වෙමින් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ග
ප්‍රවීණ රංගධර කෘතහස්ත නාට්‍යවේදී ජයලත් මනෝරත්නයන්ගේ අධ්‍යාත්මය ඇතුළු හද පුරා හෝරා කීපයක් කළ කතාවේ සමුදයාර්ථය මට වැටහුණේ එලෙසය. ඒ අධ්‍යාත්මය නිහඬව කී දේ වචනවලට නැඟීම මම නොමසුරුව කළෙමි. එහෙත් ඒ මුවමඬල මට කී ඉතිරිය ද කියන්නට අවසර.
මං මුලකුරට ගියේ ගමේ ඉස්කෝලෙ. දෙහිපෙ ප්‍රාථමික මිශ්‍ර පාසලට. දුප්පත් දරුවන්ට ඉහළට නඟින හිණිමඟ එදාත් ශිෂ්‍යත්වෙ. අව්කාෂ්ටකේ පොළොවත් එක්ක ඔට්ටු වන අපේ අම්මලා හා නෑදෑයො සියල්ලටම එකම ප්‍රාර්ථනයයි තිබුණේ. ඒ ශිෂ්‍යත්වෙන් දරුවන් මොන දහිරියක් දාලා හරි පාස් කරවන්ඩ. මාත් ඒ විදියටම දෙහිපේ ප්‍රාථමිකයෙන් 1959 දි ශිෂ්‍යත්වෙ පාස් වුණා. අපේ ජීවිතය පුරා ගුලිවෙච්ච ඒ සෞන්දර්යාත්මක කලාත්මක චින්තනය පෝෂණය කරගන්ඩ තරමක් හෝ පහසුකමක් හොයාගන්නා සිහිනයක් අනෙක් අයට වගේම මටත් තිබුණා. මාත් ශි්‍යෂ්‍යත්වය පාස්වෙලා පොරමඩුල්ල සෙන්ට්‍රල් එකට ආවා.
මේ ඉස්කෝලෙ විවිධප්‍රසංග, සමිතිවල යම්බඳු ක්‍රියාකාරකම් දැකලා මටත් හැඟීමක් ආවා. සාමාන්‍යයෙන් සෙන්ට්‍රල්වලට උරුමව තිබුණු වේදිකාවක් අපේ ස්කෝලේ තිබුණා. පාසලේ අනෙකුත් ගොඩනැඟිලිවලට වඩා මගේ සිත් ගත් තැන පුංචි දවසෙදිත් ඒ වේදිකාව.
එදා ශිෂ්‍යත්වය දීමනාවට රජයෙන් ලැබුණු රුපියල් 32යි ශත 50යි. කෑම බීමත් එක්ක නේවාසිකාගාර පහසුකම ලබන්නයි ඒ මුදල ලැබුණෙ. යමක් කමක් තිබූ දරුවො අරමුදල ගෙවලා ගෙවීමේ පදනමටත් නේවාසිකාගාරගත වුණා. මං ගමේ ඉඳන් ලොකු ඇඳුම් පෙට්ටියක් කරගහගෙන නේවාසිකාගාරයට ආවත් මුල්ම දවස් ටිකේ මං ගත කළේ පුදුමාකාර දුක්බර ජීවිතයක්. වීරයා වගෙ ආවාට මොකද? හැමදාම අඬන එකයි කළේ. සාමාන්‍යයෙන් පාසල් වෙලාව පසුවුණාම ළමයින් නිදහස් වෙනවා. ඔවුන් හිතුමතේට වැඩකරනවා. එහෙත් නේවාසිකාගාරයේ ඒවා බෑ. උදේ 5ට අවදි වෙන්ඩ ඕනෑ.
5.30 ඉඳන් 6.30 වෙනකම් පාඩම් කරන්නම ඕනෑ. ඊළඟට ස්කෝලෙට යන්ඩ ඕනෑ. හවසටත් එහෙමයි. හැන්දෑවෙ පහත් හයත් අතර පමණයි ක්‍රීඩාකරන වෙලාව. ඊට පස්සෙ ආයිත් පාඩම් වැඩ. දැඩි විනය නීති පද්ධතියක් තිබුණා. වෙලාවට වැඩකිරීම, පිළිවෙළට කටයුතු කිරීම, පිරිසුදුව සිටීම මේ හැමදේම මගේ ජීවිතයට කාන්දු කළේ පාසල් නේවාසිකාගාරෙ. සපත්තු පොලිස් කරගන්ඩ, ඇඳුම් පිරිසුදුව අඳින්ඩ, කොණ්ඩය වෙලාවට කොටට කපා තියාගන්ඩ, අනවශ්‍ය වචන කතා නොකරන්ඩ, කල්ලි නොවැටෙන විදියට ළමයින් තබාගන්න අපේ කෘත්‍යාධිකාරිතුමා නිතරම මහන්සි ගත්තා. එතුමාගේ නම ඩී.වික්ටර් ඊ.පීරිස්. නුවර පළාතෙන් ආපු වැදගත් මහත්මයෙක්. අන්තර් වැඩ මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වලටත් එතුමා ළමයින් යොමු කළේ විශේෂ අවධානයෙන්.
අපේ ගම්වල සොකරි, කිඳුරු කමතේ පන්සල් මඩුවෙ පෙන්වන අවස්ථා තිබුණත් අපි සමාජ නාට්‍ය දැකලා තිබුණෙම නෑ. කුවේණි, ජනේලය, ඉබිකට්ට, මුහුදු පුත්තු වගෙ නාට්‍ය කොලොම්තොට පෙන්වන බව අසා තිබුණත් දැක තිබුණෙ නෑ. මං මුලින්ම නාට්‍ය උගත්තෙ පොත්වල පෙළ කියවලා. මෙහෙම යනකොට වැඩිහිටි නේවාසික ශිෂ්‍යයෙක් ගමට ගියාම ‘දේවතා එළි’ නාට්‍යය දැකලා තියෙනව. ඔහු ඒ අනුව අපේ දුප්පත් ස්ටේජ් එකේ ගුණසේන ගලප්පත්තිගේ ‘දේවතා එළි’ ළමයින් සම්බන්ධ කරගන හදලා පෙන්වන්ඩ තීන්දු කළා. ඉංග්‍රිසි සර් වික්ටර් මහත්මයත් අපට උදව් කළා. මං කළේ ‘මනෝශිල’ චරිතය.
අර සමිතියේදී අපි නොයෙක් නිර්මාණාත්මක ක්‍රියාකාරකම් කරන්ඩ ඕනෑ. එතැනදි පෙන්වූ යම්බඳු කුසලතාවක් තේරුම් ගෙනයි ගුරුතුමා මා ‘මනෝශිල’ චරිතෙට ගත්තෙ.
අපේ විදුහල්පතිතුමාත් හරිම අපූරු පුද්ගලයෙක්. එතුමා තමයි ස්කෝලෙ හුඟාක් දියුණු කළේ. කන්දක් උඩ තියෙන මේ ස්කෝලෙට කාලයකදි කන්ද උඩරට පුංචි සරසවිය කියලා නමකුත් පටබැඳුණා ඒ මහත්මයගෙ කාලෙ. එතුමා පිය සෙනෙහසින් හැම දරුවෙක් දෙසම බැලුවෙ. සුනිල් ශ්‍රියානන්ද සංගීත ගුරුතුමා මගේ ජීවිතයට එළියක් වුණා. ජන ගායනා නාද රටා ගැන මා උනන්දු කළේ එතුමාගේ සංගීත දැනුමයි.
අපේ පාසලේ සමිතිය සිංහල සාහිත්‍ය සමිතිය වශයෙන් මුල්කාලෙ තිබුණේ. ඒක රංග සභාව ලෙස වෙනස් වුණේ මගේ සභාපතිත්වයෙන්. අවුරුද්දකට සැරයක් අපි ප්‍රසංගයක් කරනවා. මේ ප්‍රසංගයේදී තමයි අපි අපේ ‘කලර්’ පෙන්වන්නෙ. අනෙක බෝයිස් හොස්ටල් ඩේ. හරිම අපූරු සුන්දර අත්දැකුම් ගෙනාපු දවස.
මේ නේවාසික දිනයේදී අපි මොකක් හරි අලුත් නිර්මාණාත්මක වැඩ කරනවා. එදා බ‍්‍රහස්පතින්දා දවසක් වුණත් මං අසනීප වෙන්නෙ නෑ. ඇයිද? දන්නවද එහෙම කීවෙ. බොහෝ වෙලාවට මං බඩ අල්ලගෙන බ්‍රහස්පතින්දාට හොස්ටල් එකේ ඉන්නවා. වැඩිහිටි ළමයින් ඇවිත් මට බඩේරුදාවට බෙහෙත් අරන් දීලා ගමට යවනවා. ඒ නිසාම සිකුරාදා සෙනසුරාදා ඉරිදා ඔක්කොම ගමේ සෙල්ලම් කරන්ඩ පුළුවන්නෙ. ඒ නිසා බොහෝ බ්‍රහස්පතින්දාට බඩේ අමාරුව. ටිකක් ගැටවරයා වෙනකොට එහෙම පැනලා ගිහින් තමයි සමහර විට නුවරටත් ඇවිත් නාට්‍ය චිත්‍රපට බැලුවෙ. අපේ ඉස්කෝලෙ නේවාසික සිසුවියන් ද වෙනම ගොඩනැඟිල්ලක ඉන්නා නිසා ‘ගර්ල්ස් හොස්ටල් ඩේ’ එකකුත් තියෙනවා. එදාට අපේ එකටත් වඩා හරිම රසවත් අත්දැකීම්.
අපට වගාකරන්ඩ, උයන්ඩ පවා ගුරුවරු උගැන්නුවා. නේවාසිකාගාරයේ උඩහ පැත්තෙ ගොම පොහොර අහුලන්ඩ යන විදියට අපි පේර කඩන්ඩත් යනවා. වැඩිය පරක්කු වුණොත් කෘත්‍යාධිකාරිතුමා එනවා. මං ඉගෙනීමට මහත් දක්ෂකම් නොපෑවාට වැඩ ටික කරගන්නවා. ශිෂ්‍ය නායක වගේ තනතුරුත් තියෙනවා. කොල්ලොත් එක්ක හරි හරියට ගහගෙන කකුල් තුවාල වෙලා ගමට වෙලා ඉන්න වෙලාවක් තිබුණා. සෙනරත් සර් කියන්නෙ ඒකයි, මේකා හැම වැඩේම කරනවා. පාඩම් කරනවා, ගහගන්නවා, සෞන්දර්ය වැඩ කරනවා, රඟපානවා, ඒ වගේම මෙයා තරම් කෑම ටිකේ ලුණු ඇඹුල් බලන්ඩ දක්ෂයෙකුත් නෑ කියලා. මට අවශ්‍ය නම් අදත් උයාගන්ඩ වුණත් පුළුවන්.
එක් වතාවක් ශ්‍රියානන්ද සර් හම්බවෙන්ඩ කොළඹින් තරු ටිකක් කඩා වැටුණා. ශ්‍රියානන්ද සර් කොළඹ හේවුඩ් එකටත් ගියා කාලයක්. සංගීත විද්‍යාලයට. උපාලි අත්තනායක, නවනන්දන විජේසිංහ (අභිරූපනයට අතිදක්ෂයෙක්) අනුලා කරුණාතිලක වගේ අය. තරු අතින් අල්ලන්ඩ බෑ. ඈත ඉඳන් එළිය විඳින්ඩ පුළුවන්. ඉතින්! පේන මානයේ ඉඳලා සිහින මැව්වා. කොහොමද මේ වගේ කෙනෙක් වෙන්නෙ කියලා. මේ හීනයත් එක්ක රංග සභාවේ බොහෝ කටයුතු අපි ආසාවෙන් කළා.
ගොම පොහොර අහුලලා පැළ තවාන සකස් කරන්ඩ මාත් ලොකු වුණාම අර කන්ද නඟිනවා. වැස්සියො දිගේලි කරලා තිබුණු නිසා ගොම පොහොර හිඟ නෑ. ඒත් පේර කැඩිල්ලට වඩා ලොකු වෙනකොට මගෙ හිත ගියේ අයියලා පුංචි දවසෙ අප තනිකරලා පැන්න මාවත් හොයන්ඩ. බලනකොට ඒකෙන් රිකිල්ලගස්කඩ හන්දියට හොර පාරක් තියෙනවා. මාත් ඕකෙ රූටා ගිහින් ටික වෙලාවක් ඉඳලා ඇවිල්ලා හොරෙන්ම නේවාසිකාගාරයට යනවා.
ඒ කාලෙ හැම සඳුදාම ප්‍රින්සිපල් සෙනරත් සර්ගේ රැස්වීම. රැස්වීම පැවැත්වෙද්දි මං තවත් ළමයෙක් එක්ක මොනවදෝ කීවා. ටිකක් හයියෙන් සද්දෙ ආවා. සෙනරත් සර් දෙතුන් සීයක් ඉදිරිපිට දුන්නා මට කනේ පාරක්. ‘දේවතා එළි’ නාට්‍යයේ කලින් රඟපෑවට හැබෑවටම දේවතා එළි විතරක් නොවේ තාරකාත් මා දුටුවෙ එදා. එදා ගුරුවරයා මා හික්මවන්නට ගැසූ පහර නිසා අදත් මං විනය රකිනවා.
මං වගේම මගෙ පොඩි අක්කත් ශිෂ්‍යත්වෙ පාස්වෙලා මේ ඉස්කෝලෙ කාන්තා නේවාසිකාගාරයට ආවා. ලොකු අක්කා ගෙදර ඉඳන් ආවෙ. අම්මා හදලා එවන රසකැවිලි කොල්ලොත් එක්ක බෙදාහදාගෙන කන්ඩ අපි පුරුදු වුණා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මීටර 100, 200 ජවන හා පිටිය ක්‍රීඩාවලට ඉදිරිපත් වෙලා මාත් නිතර දිනලා තියෙනවා. ඇත්තටම මං ක්‍රීඩකයෙක් වෙයි කියලයි ගුරුවරුන් හිතුවෙ.
එක් වතාවක් ‘ගර්ල්ස් හොස්ටල් ඩේ’ එකට අපට ආරාධනා කරපු වෙලාවෙ හරි වැඩක් වුණා. සාමාන්‍යයෙන් එදාට ප්‍රණීත ආහාර බෙදන්නෙ ගැහැනු ළමයි. ඒ අය එදාට උයන්නෙ. අපේ හොස්ටල් ඩේ එකට අපි. එක මුඛරි ළමයෙක් දවසක් කියලා තිබුණා, අද අපි කොල්ලන්ට බලුකපුටු දානයක් දෙන්ඩ ලෑස්ති කළා කියලා. මේක දෙබරයට ගල් ගැසීමක්ම වුණා. මේකට කොල්ලො තරහ වෙලා කෑම වර්ජනය කළා. කොච්චර ගුරුවරු කීවත් පිරිමි ළමයි තමන්ගෙ අභිමානෙ ගැන හිතලා කන්ඩ ගියේම නෑ. මට අක්කා ගැන දුකත් හිතුණා.
අපට උඩරට නැටුම් ඉගැන්වුවෙ අමුණුගම ගුණසේන ගුරුතුමා. පසු කාලයක ඉස්කොලෙට ආපු ජී.බී.රාසිංගොල්ල විදුහල්පතිතුමාත් වේරගම සර් ආදීන් ද මතකයට නැඟෙනවා. වේරගම සර් ලී වැඩවලදි අපිට කැටයම්වල චමත්කාරය මවා පෙන්වූ කෙනෙක්. රේණුකා හේරත් හිටපු ඇමැතිනී, එස්.බී.දිසානායක ඇමැතිතුමා අපේ පාසලේමයි උගත්තේ. ඩොක්ටර් අරංකේබණ්ඩාර වගෙ අය තවත් ගොඩක් හිටියා. 1966 දි අපේ ස්කොලෙන් සරසවියට පාස් වෙච්චි 18 දෙනා අතර මාත් හිටියා. නේවාසිකාගාරෙ නීති නිසා නාට්‍ය බලන්ඩ ඈත යන්න බැරි වුණත් මං නුවරදි චිත්‍රපට නම් ඕනෑතරම් බලා තිබෙනවා. ඒ කාලෙ අපේ සිනමා වීරයා ගාමිණී ෆොන්සේකා.
පේරාදෙණිය කැම්පස් එකේදි පළමු වසරෙදිම මං චිත්‍රපටයක් රූගත කරනවා දැක්කා. ඒ හන්තානේ කතාව. ටෝනි රණසිංහ, මගේ සිත්ගත් නළුවා. ඒ කාලෙ කොල්ලො අතර ‘ටෝනි කට්’, ‘ටෝනි වෝක්’ ජනප්‍රිය වෙලා තිබුණා. පසුකාලයක ‘දෙලොවක් අතර’, ‘රන්සළු’ එනකොට ඒක වසංගතයක් වගෙ කැම්පස් එක පුරාම පැතිරුණා.
සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය අතරට මා පිවිසෙන්නෙ අර සිහිනය දිනාගන්ඩ. මං කොහොම හරි ඒ සිහිනය දිගේ ගමන් කළා. ඒත් ඒකට අවශ්‍ය විනය, වෙලාවට වැඩ කිරීම, දරා ගැනීම, බාධක ජයගැනීම මේ හැමදේම මට ආවෙ ස්කෝලෙන්. ඒ කාලෙ නුවර ඇසළ පෙරහර හඟුරන්කෙත පෙරහර, පොත්ගුල් විහාරය, අප අත්හරින්නේ නෑ. ඊටත් වඩා ඒ කාලෙට පොත්ගුල් විහාරය ළඟ සවිකරන ටෙන්ට් එකේ මාස 3ක් චිත්‍රපට පෙන්වනවා. මං හිතන්නෙ ස්කෝලෙ සරසවි පිවිසුම් පෙළ කාලෙත් අප ‘දෛව විපාකය’ ‘කැලෑහඳ’ වගේ ඒවා බැලුවෙ ඒ ටෙන්ට් එක යට.
මොන තරම් ජය කෙහෙළි නැංවුවත් අපිට පාසල් මතකය තරම් සුන්දර දෙයක් නෑ. අද අවුරුදු හැට පහකට ළංවෙලත් ඒ මතකය මා ජීවත් කරවනවා. පසුකාලයක සත්‍යය හා රමණීයත්වය පිළිබඳ පාඩම කලා ලෝකෙ නොයෙක් ඉසව්වලින් උගත්තත් පොරමඩුල්ල ස්කෝලෙ මට උගැන්වූ දේ ප්‍රබලයි. දැනට අවුරුදු 10කට පෙරත් අපි ආදි ශිෂ්‍යයො ටිකක් විනෝදෙට ඉස්කෝලෙට ගිහින් තරගයට දිව්වා. මා පුංචි කාලෙ දක්ෂ මීටර 100 ධාවකයෙක්. ඒත් එදා මම දිනාගත්තේ තුන්වැනි ස්ථානය. දෙවැනි ස්ථානය ගත්තෙ අද විදුලි ඉංජිනේරුවෙක් වන මුරමුදලිගේ. පළමුවැනි ස්ථානය දිනාගත්තෙ කවුද දන්නවද? අද උසස් අධ්‍යාපන ඇමැති එස්.බී.දිසානායක මැතිතුමා. තරගයට කී දෙනෙක් සහභාගි වුණාද? මම හදිසියෙන් මනෝගෙන් ඇසුවෙමි. පුදුමය කියන්නේ සහභාගි වුණේ 3 දෙනයි. මං තුන්වැන්නා. ඔහු හිනැහෙමින් කීවේය.
උපාලි සමරසිංහ
========================================================================
පුංචි කාලේ
ඉස්කෝලේ දවස්වල
උදේට උදේට
මට
බඩේ කැක්කුමක්
හැදෙනවා
මෙවර අපේ කතා නායකයා විශිෂ්ට රංග ශිල්පියකු හා නාට්‍ය නිෂ්පාදකයකු ද වන
ජයලත්
මනෝරත්න. නවසිය හැටේ දශකයේ අගබාගයේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ “පේමතෝ
ජායතී සෝකෝ” නාට්‍යයෙන් කරළියට සපැමිණි මේ අපූරු රංගධරයා පුංචි තිරය හා පුළුල්
තිරයෙහි ද ප්‍රේක්ෂක සිත් සතන්හි සදා සනිටුහන් වන චරිත රාශියකට ජීවය කවමින් රංගනයට
දායක වූයේය.රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළේ දී පුරා වසර පහක් දක්ෂතම රංග ශිල්පියාට හිමි සම්මානයෙන් පිදුම්ලත් හෙතෙම හොඳම නාට්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ද සිය නාට්‍ය පිටපත් සඳහා රාජ්‍ය සාහිත සම්මානයෙන් ද කිහිප වරක්ම පිදුම් ලැබීය.
පුංචි කාලෙ මතකය අවදිකරමින් ජයලත් මනෝරත්න නම් සොඳුරු රංගධාරියා අප හා පිළිසඳරට එක්වුණේ ඔහුගේ නවතම නාට්‍ය නිර්මාණය “බූරුවා මහත්තයා” වේදිකා ගත කරන්නට කඩිමුඩියේ ලක ලැහැස්ති වෙමින්. “බූරුවා මහත්තයා” කොළඹ මරදානේ එල්ෆින්ස්ටන් ශාලාවේදී මංගල නැකතින් වේදිකාවට නංවන්නත් මනෝරත්න ලෑස්ති වෙන්නෙත් අද (13) හවසමයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හේවාහැට ප්‍රදේශයට ආසන්න පුංචි පිටිසර ගමක් වූ දෙහිපේ ගමේ දී මා උපන්නේ නවසිය හතළිස් අටේ මැයි මාසෙ දොළොස්වැනිදා. මනෝරත්න සිය කතාව ආරම්භ කළා.
අපේ තාත්තා කෙසෙල් ගස්පේ මනතුංග බණ්ඩාර. හේවාහැට රට්ලන්ඩ් වතු සමාගමේ ලොරියක රියැදුරු ලෙස පියා රැකියාව කළා. අම්මා අගලකොටුව හේරත් මුදියන්සේලා ගේ ලීලා කුමාරි ඈ දරු සය දෙනකුගෙන් යුත් අපේ පවුල රැක බලා ගත්තේ අපට හිමිව තිබූ කුඹුරු ඉඩම් කට්ටියේ තනිවම ගොවිතැන්බත් කරමින්.
කෙසෙල්ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න මගේ නම. මම පවුලේ බාලයා. මට වැඩිමල් අයියලා තුන්දෙනයි අක්කලා දෙන්නයි. අපේ ගමේ ළමයි හැමෝම ගියේ ගමේ පාසලට. ඒ දෙහිපේ ප්‍රාථමික මිශ්‍ර පාඨශාලාවට. පහේ පංතියෙන් පස්සේ ගමේ ළමයින් ගෙන් වැඩි දෙනෙක් ඉගෙනීම අත්ඇරලා අම්මා තාත්තා එක්ක හේනේ කුඹුරේ වැඩට එකතු වුණා.
ඒත් අපේ තාත්තා සුදු මහත්තුරු යටතේ වැඩ කළ නිසා ඔහුට අපිටත් හොඳට උගන්නා ගන්න, ඉංග්‍රීසි ටිකක් උගන්නා ගන්ඩ, රජයේ රැකියාවකට යවන්න වගේ ලොකු බලාපොරොත්තු රාශියක් තිබුණා. ඒ නිසාම ගමේ අනෙක් ගෙවල්වල වගේ නොවෙයි අපේ ගෙදර තරමක ඉගෙනගැනීමේ උනන්දුවක් ඒ සඳහා යෙදවුණු පරිසරයක් තිබුණා.
ඒ කාලෙත් මගේ ලොකු අයියා මහනුවර ධර්මරාජ විද්‍යාලෙට ඇතුළු කරලා. මට වැඩිමල් සහෝදර සහෝදරියොත් ගමට ආසන්නව තිබූ මධ්‍ය විද්‍යාලය වන පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලෙ ඉගෙනීම ලැබුවා. ගමේ අනෙක් උදවිය මහනුවරට හඟුරන්කෙතට හේවාහැට වගේ නගරයකට ආව ගියෙ කලාතුරකින්. ඒත් අපේ තාත්තා නිතරම ඒ නගරවලට ආවා ගියා.
බොහෝ දාට යාපනය මඩකලපුව වගේ ඈත පළාත්වලටත් ගියා. දවස් දෙක තුන නැවතිලා ගම ආ දවස් තිබුණා. තාත්තා හිටියත් නැතත් අපේ කුඹුරුවල ලියැදි ටික වවාගෙන මහ පොළොවත් එක්ක හැප්පිලා එළවුළුවක් වගා කරලා අපේ බඩ කට පුරවන්න අම්මා දහ දුක් වින්දා. අගහිඟකම් තිබුණත් ඒවා අපට නොදැනෙන්න ඈ අපේ කුසගිනි නිව්වා.
අපි පුංචි කාලෙ කැමති කුඹුරෙන් ගෙනා අලුත් කැකුළු හාලෙ බත් කන්නයි. අපිට ඒ හැටි විශාල කුඹුරු ඉඩම් නෑ. ලැබුණු වී ටික ඉවර වුණාම අම්මා අහල පහළ ගෙයකින් තම්බාපු හාල් ටිකක් ණයට ඉල්ලා ගෙනැවිත් අපට බත් උයා දෙනවා. කැකුළු හාලෙ බත් වෙනුවට තම්බාපු හාලේ බත කන්න බෑ කියා මා අඬාපු වේලාවට අම්මා දෙනෙතේ කඳුළු සඟවාගෙන මා සනසවපු හැටි මට මතකයි” මනෝරත්න සිතින් ඒ අතීතයට පිවිසෙනවා.
ඔහු මුලින්ම ඇතුළු වුණේ දෙහිපේ ප්‍රාථමික මිශ්‍ර පාඨශාලාවට. පුංචි කාලෙ පටන්ම මනෝරත්න ඉගෙනුමට හපනා. හැබැයි පාසල් ගමනට අදිමදි කළා. බොහෝ දවසට පාසල් යන්න සූදානම් වෙනකොට හැදෙන ඉසරදේට නැත්නම් බඩේ ගායට ඉඳහිට දවසක අම්මාගෙන් සමාව ලැබෙනවා.
කොහොම ගියත් මනෝරත්න පන්තියේ පළමුවැනියා වෙනවා. ගායනයට නැටුමට ඔහුට තිබුණේ උපන් හපන්කමක්. මේ දස්කම් ඉස්මතු වෙන්න ගෙදර පරිසරය වගේම ගමේ පරිසරයත් එක වගේ බලපෑවා.
තාත්තා හොඳ සංගීත ලෝලියා. ඔහුට ෆුට්බැලෝ සර්පිනාවකුත් ඩොල්කියකුත් තිබුණා. ලොකු අයියාට ඉංග්‍රීසි මැඩ්ලිනයක් තිබුණා. අක්කලා අයියලාට වගේම පුංචි මනෝරත්නටත් පැරැණි ග්‍රැමෆෝන් ගීත චිත්‍රපට ගීත කටපාඩම්.
දුරබැහැරක ගිහින් තාත්තා ගම ආපුදා හැන්දෑවට පවුලේ කට්ටිය එකතු වෙලා සංගීත සාජ්ජයක් දානවාමයි අම්මා මේ වැඩවලට දක්වන්නේ හොඳ සහයක්. ගමේ බොහෝ දෙනෙක් හැන්දෑවට මේ සාජ්ජ අහන්න මනෝරත්නලාගේ ගෙදරට එක්කාසු වෙනවා.
ගමේ ගොයම් කපලා ඉවර වෙලා ගම්මුන්ට පොඩි ඉස්පාසුවක් දැනෙන කාලෙට ගමේ සඳකිඳුරු, සොකරි වාගේ ජන නාට්‍යය රඟදැක්වෙනවා. සොකරි සඳකිඳුරු නාඩගම්වල හැම චරිතයක්ම රඟපාන්නෙ ගමේ ගොවීන්. විශේෂයෙන්ම අවුරුදු කාලෙට බක්මහට කමත්වල නාඩගම් රඟදක්වනවා. එළිවෙනතුරු කමත වටා එක්රොක් වෙලා ගම්මු මේ නාට්‍ය නරඹනවා.
ඒ නරඹලා ගෙදර ඇවිත් මනෝරත්නලාත් සොකරි නටනවා. අම්මා පුංචි ඈයොන්ට සොකරි ඇඳුම් අන්දවලා ඔවුන් රඟපාන අපූරුව නරඹලා ඔවුන් තව තවත් දිරි ගන්වනවා. පුංචි කාලෙ ඉඳලම නළුවෙක් වෙලා නාට්‍යවල රඟපාන්න මනෝරත්නගේ හිතේ ආශාවක් ඇති වුණේ ගමේ පරිසරයත් අම්මාගේ සහයෝගයත් නිසාමයි.
පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා මනෝරත්න ඇතුළු වුණේ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලෙට. ගමේ ඉඳලා හැතැප්ම හතරක් පහක දුර වුණාට මනෝට නේවාසිකාගාරේ නවතින්න සිදු වුණේ ශිෂ්‍යත්වය ලැබූ නිසා. ඒ කාලේ රුපියල් 22.50ක් වූ ශිෂ්‍යාධාරය විශ්වවිද්‍යාලයට යනතුරුම මනෝරත්නට ලැබුණේ එතෙක් ඔහු එකම වරක්වත් විභාගයකින් අසමත් නොවූ හෙයින්. ගමේ පාසලේ වගේ නොවෙයි සපත්තු මේස් දාලා, කලිසම් සූට් ඇඳලා සිදාදි පාසලට මුලින්ම යනකොට මනෝරත්නට ඇඬුණේ ගම සිහිවෙලා.
සුනිල් ශ්‍රියානන්ද සංගීත ගුරුතුමා තමයි මනෝරත්නගේ දස්කම් හොඳින් හඳුනාගත්තේ. ඒ මහත්තයා ඉදිරිපත් කළ පාසල් නාට්‍යවලට මනෝරත්න තෝරාගත්තා. 1966 දී පාසලෙන් ඉදිරිපත් කළ ‘අස්ස ගුඩුං’ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් මනෝරත්නට හිමි වුණා. එයට ඒ වර්ෂයේ මධ්‍යම පළාතේ අන්තර් පාඨශාලීය නාට්‍ය තරගයේ ප්‍රථම ස්ථානය ලැබුණා.
සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගයට ඒ නාට්‍ය කණ්ඩායමත් සමඟ කොළඹ ලුම්බිනී රඟහලට ආ හැටි මනෝරත්නට තවම මතකයි. එදා තමයි ඔහු ජීවිතේ පළමු වතාවට කොළඹට ආවේ. එවර තරගයෙන් ප්‍රථම ස්ථානය දිනුවෙ හොරණ විද්‍යාරත්න විදුහල ඉදිරිපත් කළ “ආඬි ටිකයි අම්බලමයි” නාට්‍යය. මනෝරත්නලාගේ නාට්‍යයට ප්‍රථම ස්ථානයක්නොලැබුණාට එදා මනෝරත්නගේ රංගනය උදෙසා “විශිෂ්ට රංග කුසලතා” සහතිකයක් ලැබුණා.
කලා වැඩ වගේම පාසලේ ක්‍රීඩා අංශයෙනුත් ඔහු විශිෂ්ට කුසලතා පළ කළා. ජවන හා පිටියේ ක්‍රීඩා අතරින් ඔහු වඩාත් පි‍්‍රය කළේ මීටර් 100 - 200 ඉසව්වලට. හැම වසරකම පැරකුම් නිවාසයේ දක්ෂතම සිසුවාට හිමි තෑගි සහ සහතිකපත් දිනා ගන්නට මනෝරත්න සමත් වුණා. මලල ක්‍රීඩා හැරුණු විට ඔහු වොලිබෝල් ක්‍රීඩාවටත් එක සේ දස්කම් පෑවා.
අමුණුගම ගුණසේන ගුරුතුමා යටතේ නැටුම් ඉගෙන ගත් මනෝරත්න වඩාත් දස්කම් පෑවේත් වඩාත් පි‍්‍රය කළේත් භූගෝල විෂයයි. සාමාන්‍ය පෙළ දක්වා හැමදාම භූගෝලයට ඔහු වැඩියෙන්ම ලකුණු ගත්තා. උසස් පෙළ කලා අංශයෙන් වැඩ කළ මනෝරත්නලාට දක්ෂ උපාධිධාරී ගුරුවරුන් ඉගැන්වූවා. ඒ ගුරුවරුන් විශ්ව විද්‍යාලේ ගැන විශේෂයෙන් පේරාදෙණිය සරසවිය ගැන කියාපු කතා අහපුවාම මනෝරත්නලාටත් විශ්ව විද්‍යාලෙට යන්න විශාල ආශාවක් ඇති වුණා.
ඒ කාලෙ පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලෙ හැඳින්වුණේ ‘කන්ද උඩරට පුංචි සරසවිය’ යන අන්වර්ථ නාමයෙන්. ඒ තරමට පාසලේ ළමයි විශ්ව විද්‍යාලෙට තේරුණා. වත්මන් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක, අගමැතිතුමාගේ බිරිය මාපා මහත්මිය, හිටපු ඇමැතිනි රේණුකා හේරත් මහත්මිය පාසලේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්.
හෙන්රි ජයසේන මහත්තයා සිය මුල්ම පත්වීම ලබාගෙන ආවෙත් ඒ පාසලට. ඔහු ඉංගී‍්‍රසි ඉගැන්නුවා වගේම ගමේ දරු දැරියන්ට නාට්‍ය හා රංග කලාවත් ඉගැන්නුවා. මනෝරත්නට ඔහුගෙන් ඉගෙන ගන්නට අවස්ථාව නොලැබුණාට ඔහුගේ වැඩිමල් සහෝදරියක් ජයසේන මහත්තයාගේ පාසල් නාට්‍යවල රඟපෑවා.
උසස් පෙළ විභාගෙන් ඉහළින්ම සමත් වුණු මනෝරත්න 1966 අගෝස්තුවේදී පේරාදෙණිය සරසවියට ඇතුළු වුණා. සරසවියට ඔහු ආවෙ අම්මත් ලොකු අයියත් එක්ක. සරසවි බිමේ ආටක නාටක දැකලා අම්මා කලබල වේය කියල පේරාදෙණිය හන්දියේ අඳුරන ගෙදරක අම්මා නවත්තලා මනෝරත්නයි අයියයි සරසවියට ඇතුළු වුණා. මනෝරත්න නවත්තලා අයියා ගියා.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි, මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන, මහාචාර්ය ආනන්ද කුලසූරිය, මහාචාර්ය කාල් ගුණසේන හා මහාචාර්ය තම්බයියා පිල්ලේ වැනි දක්ෂතම ආචාර්යවරුන් යටතේ ඔහු අධ්‍යාපනය ලැබුවා.
සරච්චන්ද්‍ර ආචාර්යතුමා ඇමෙරිකාවේ අධ්‍යයන නිවාඩුවකට ගිහින් ආවා විතරයි ඔහුගේ නවතම නාට්‍යය වූ “පේමතෝ ජායතී සෝකෝ” නාට්‍යයට නළුවන් බඳවා ගන්නා බවට දැන්වීමක් ශිෂ්‍ය දැන්වීම් පුවරුවක සටහන් වුණා. මනෝරත්නත් ගියා සම්මුඛ පරීක්ෂණයට.
ඔහු ගායනා කළේ අමරදේව මහත්තයාගේ “වසන්තයේ මල්” සහ නන්දා මාලිනී ශිල්පිනියගේ “කරදර පොදි බැඳ” ගීත. ඔහු නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ උද්ධාල බමුණාගේ චරිතයටම තෝරා ගත්තා. මාසයක්ම පුහුණුවීම් කළා. නාට්‍යාචාරිනී මිරැන්ඩා හේමලතා මහත්මිය ගෙන්වලා නැටුම් පුහුණු කළා. නාට්‍යය මංගල දර්ශනයට පෙර මනෝරත්න හිටියේ “දැන්නම් හොඳටම පුහුණුයි” යන ලොකු විශ්වාසෙකින්. මහාචාර්යතුමා ගේ මූණ හොඳ නෑ.
“මනෝරත්න ඉතින් ස්වර්ණතිලකාට පේ‍්‍රම කරනව ද?” මහාචාර්යතුමා අහනවා.
“ඔව් සර් මම පේ‍්‍රම කරනවානේ” ඔහු පිළිතුරු දුන්නේ දැඩි විශ්වාසෙන්.
“ඔව් ඉතින් මනෝරත්න පේ‍්‍රම කරනවා ඇති. ඒත් ඉතින් බලා ඉන්න අපිට පේන්ඩ එපායැ” මහාචාර්යතුමා මනෝරත්නගේ මුහුණේ අභිනය මදි බව පෙන්වා දුන්නේ එහෙම. ඇත්තටම මනෝරත්න ස්වර්ණතිලකාට පේ‍්‍රම කළා.
නාට්‍යයේ පමණක් නොවෙයි තමාගේ ජීවන කරළියේත් සහායිකාව වශයෙන් රඟපාන්නට ඔහු ඈ තෝරා ගත්තා. නාට්‍යයේ ස්වර්ණතිලකා චරිතයට පණ පෙවූ මහනුවර ‘තමරා ජයන්ති’ පසු කලෙක ඔහුගේ පි‍්‍රය බිරිය බවට පත් වුණා. 1968 දී මනමේ සිංහබාහු නාට්‍යවලට රංගනයෙන් එක්වූ මනෝරත්න සරසවියේ සිංහල සංගමයේ සභාපති වශයෙන් කටයුතු කළා. 1970 දී විශ්ව විද්‍යාලෙන් පිට වුණා.
හඟුරන්කෙත තිස්සපෑල පිරිවෙණේ භූගෝල විද්‍යා ගුරුතුමා ලෙස පත්ව ගියා. මුලින්ම ලැබු වැටුප වූ රුපියල් හැට පහෙන් රුපියල් 31 ක් දීලා ඔහු රිකිල්ලගස්කඩ හන්දියේ කඩේකින් අම්මාට වොයිල් සාරියක් ඇරන් ගියා. 1972 දී මනෝරත්නට නුවරඑළිය කච්චේරියේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ අංශයේ අනියම් ලිපිකරු තනතුරක් ලැබුණා.
ඒ කාලේ සිංහබාහු නාට්‍යය පෙන්වන්න ඔහුගේ සමකාලීන මිත්‍ර නිශ්ශංක දිද්දෙණියලා නුවරඑළියට ආවා. එදා මනෝරත්න හමුවුණු දිද්දෙණිය ඔහුටත් කොළඹට යන්න අඬ ගැහුවා. එවර ඔහු කොළඹට මාරුවක් ඉල්ලාගෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ආවා. දිද්දෙණියගේ කාමරේම නැවතුණා.
ඒ වෙනකොට දිද්දෙණිය කොළඹ නාට්‍ය නිෂ්පාදකයන්ගේ නාට්‍යවලට සම්බන්ධ වෙලා. ඔවුන් නාට්‍ය පුහුණුවීම්වලට යන විට මනෝරත්නත් ඒ පස්සෙ යනවා. දවසක් හෙන්රි ජයසේන මහත්තයාගේ ‘මකරා’ නාට්‍යයේ පුහුණුවීම්වලට යන විට මනෝරත්නත් ගියා. හෙන්රි ජයසේන මහත්තයා ගමට බොහොම සලකාපු බව ඔහු දැනගෙන හිටියා. ළඟට ගිහින් “සර් මම ;දහිපේ” කියලා කීවා.
හෙන්රි ජයසේන මහත්තයා මනෝරත්නගේ ඉහේ සිට පතුලට බැලුවා. “ඉලංදාරියා දෙහිපේ කොහෙද? කාගෙ කව්ද? විස්තර ඇහුවා. මනෝරත්නගේ පැතුම ඉටුවුණා. ඔහුට මකරා නාට්‍යයේ ‘පූසා’ගේ චරිතය ලැබුණා. ඒ 1973 දී. එදා ඇරැඹුණු නාට්‍ය චරිකාව ඔහු අද දක්වාම පවත්වාගෙන යනවා.
1974 දී එස්. ඒ. පේ‍්‍රමරත්නගේ “රතු හැට්ටකාරි” නාට්‍යයේ ඉදිරිපත් කළ රංගනය වෙනුවෙන් මනෝරත්නට එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි වුණා. අනතුරුව 1985 දී පුත්‍ර සමාගම, 1988 තල මල පිපිලා 1990 සොක්‍රටීස් සහ 1991 ද්විත්ව යන නාට්‍යවල රංගනය උදෙසා මනෝරත්නට රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි වුණා.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන සහ ගුණසේන ගලප්පත්ති යන නාට්‍යවේදින් පස් දෙනාගේම නාට්‍යවල අපූරු චරිත රැසකටම ජීවය දෙන්නට මනෝරත්නට අවස්ථාව හිමි වුණා.
මනෝරත්න යුග දිවි ඇරැඹුවේ 1979 මාර්තු පළමුවැනිදා එවකට ගණිත ගුරුවරියක ලෙස සේවය කළ තමරා ජයන්ති මෙනෙවිය සමඟ. ඔවුන්ගේ පුතා භානුක 1979 අගදී පවුලට එක් වුණා. කලක් මෙරට කලා ක්ෂේත්‍රයේ සිය කුසලතා දැක්වූ භානුක විවාපත් වී ඔස්ට්‍රේලියාවේ රැකියාවක නියැලෙමින් එහි වෙසෙනවා. 1984 දී උපන් දියණිය ඉන්දිවරී බැංකුවක රැකියාව කරනවා. භානුකගේ දියණිය අද මනෝරත්න යුවළට සීයා අත්තම්මා පදවිය උරුමකර දීලා.
මනෝරත්න ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කළා. ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගයෙන් සමත් වුවද ඔහු එහි අවසාන සම්මුඛ පරීක්ෂණයේදී කැපී ගියා. නාට්‍ය රංගනයට හා කලාවට ඇප කැපවුණු මනෝරත්නට රැකියාවේ උසස්වීම් තනතුරු ලැබුණේම නැති තරම්. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියකු වන මනෝරත්න දැනට එම විශ්ව විද්‍යාලයේ ම ජන සන්නිවේදනය පිළිබඳ දර්ශනපති උපාධිය සඳහා සූදානම් වෙනවා.
ඔහු විසින් රචනා කරන ලද ස්වතන්ත්‍ර නාට්‍ය අතරින් තල මල පිපිලා නාට්‍ය 1988 හොඳම අධ්‍යක්ෂණය, 1988 තල මල පිපිලා හොඳම රචනය 1993 අන්දරේලා හොඳම රචනය, 1996 ගුරු තරුව හොඳම නාට්‍ය කෘතිය, යන සම්මාන හිමි කරගන්නට මනෝරත්න සමත් වුණා. ඔහු රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය හා චිත්‍රපට සංඛ්‍යාව විශාලයි.
2002 සුමති ටෙලි සම්මාන උලෙළේදී හොඳම නළුවා ලෙසත් 2003 ජනාධිපති සම්මාන උලෙළේ හොඳම සහය නළුවා ලෙසත් 2004 සරසවි සම්මාන උලෙළේ හොඳම සහය නළුවා ලෙසත් 2004 සිග්නිස් සම්මාන උලෙළේ හොඳම සහය නළුවා ලෙසත් 2004 සුමති ටෙලි සම්මාන උලෙළේ හොඳම පිටපත් රචකයා ලෙසත් පිදුම් ලැබුවා.
දවස තාමත් තරුණයි නවකතාව, කෙටිකතා සංග්‍රහ කීපයක් ළමා කෘති දෙකක් සහ නාට්‍ය කෘති හතරක් රචනා කළ මනෝරත්න ගේ අන්දරේලා සහ ගුරු තරුව නාට්‍ය පිටපත් සඳහා පිළිවෙළින් 1995 සහ 96 වසරවල රාජ්‍ය සම්මාන හිමි වුණා. පුරා දශක හතරකට අධික කාලයක් මුළුල්ලේ නාට්‍ය රංගනයෙහි නියැළෙන මේ අදීන කලාකරුවා අද සිය නවතම නාට්‍ය නිෂ්පාදනය “බූරුවා මහත්තයා” සමඟ යළිත් වේදිකාවට ගොඩ වෙනවා.
ඡායාරූපය - දුෂ්මන්ත මායාදුන්න
Source http://www.silumina.lk/2011/03/13/_art.asp?fn=ay1103132
=========================================================================
ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්න කලාකරුවා
වේදිකාව මත පෙරළිකාරයෙක්. ජීවිතේ වැඩි හරියක් ගෙවෙන්න ඇත්තේ වේදිකාව මත. කාලය කොච්චර ද කිව්වොත් පන්සාලිස් වසක්. ඒ කියන්නේ වසර 45 ක්. හිතාගන්නත් බැරි තරම්. එච්චර කාලයක් ඔහු නොසැලී මේ ගමන ආවා. අද ආපස්සට හැරෙත්දී අප්‍රමාණ සතුටක් ඇති. ඒත් ඒ සතුට ඔහුට වඩා දැනෙන්නේ අපට. ප්‍රේක්ෂකයෝ විදියට පුරා දශක පහකට ආසන්න කාලයක් ඔහු අපව පිනෙව්වා. ඒ නිකම්ම නිකං වේදිකාව මත පිණුම් ගහල නොවෙයි. ප්‍රේක්ෂකයන් ඥානනය කිරීමේ මහඟු කර්තව්‍යයට උරදීලා. ඒ හින්දයි අදත් අපි ඔහු ගැන ආඩම්බරයෙන් කතා කරන්නේ.
ඔහු ජයලත් මනෝරත්න. දැන් කවුරුත් ආදරේට කියන්නේ මනෝ කියලා. නුවරඑළිය දිස්ත්රික්කයේ දෙහිපේ නම් වූ සොඳුරු ගම් පියසේ ජන්ම ලාබය ලැබූවෙක්. දෙහිපේ ප්‍රාථමික පාඨශාලාවෙන් පොරමඩුල්ල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පේරාදෙණිය සරසවියට එන මනෝරත්න ප්‍රේක්ෂකයින්ට තිළිණ වෙන්නේ එතැන්දි. ඒ අතීතය මතක් කරන්න කරන්න සුන්දරයි. මනෝ කියනවා.
“මම කලා ජීවිතේ පටන් ගන්නේ ඉස්කෝලෙ යන කාලේ ඉඳලමයි. නමුත් 1966 දී පේරාදෙණිය සරසවියට සම්බන්ධ වුණා ම මට මහාචාර්ය සරච්චන්ද්‍රයන් මුණ ගැසෙනවා. එතනදී තමයි මම ඔහුගේ ‘පේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ ඒක තමයි මගේ පළවැනි නාට්‍යය හැටියට ගැනෙන්නේ. මුලින් ම සරච්චන්ද්‍රයන් සෙවණට වැටුණු නිසා අපට කිසියම් ස්ථාවර පදනමක් ලැබුණා.
මහාචාර්ය සරච්චන්ද්‍රයන් කියන්නේ එවකට විශ්ව විද්‍යාලයේ අපේ සිංහල ගුරුවරයා. එතුමා පාඩමත් සමඟම භාෂාව පිළිබඳ සාහිත්‍යය පිළිබඳ රසවිඳීම පිළිබඳවත් එතුමාගේ ගුරු හරුකම් අපිට ලබා දුන්නා. මේ පාඩමට අමතරව තමයි අපි නාට්‍යවලට සම්බන්ධ වුණේ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට ඕන කළේ දේශීය නාට්‍ය කලාවේ අලුත් විදියක් ආරම්භ කර එය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ අත්හදා බැලීම් කරන්නයි. අපිත් ඒවට සහභාගි වුණේ ඒ ඉගෙන ගැනීමත් එක්කමයි. ඉන් පස්සෙ එතුමා කරපු ‘වෙස්සන්තර’, ‘මහාසාර’ ‘එලොව ගිහින් මෙලොව ආවා’, ‘කදා වළලු’ වැනි නාට්‍යවල මම ප්‍රධාන චරිත රඟපෑවා. මේ වනවිට මම විශ්ව විද්‍යාලයෙන් ඉවත් වුණ කෙනෙක්.
මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ඇසුර මනෝරත්න නම් වූ නාට්‍ය කරුවාට බෙහෙවින් බලපානවා. මේ ඇසුර ලබන්නට තවත් භාග්‍යවත් වූ බව අදත් ඔහු සිහිපත් කරන්නේ කිසියම් වූ ගෞරවය මුසු භක්තියෙන්.
සමහරවිට සරච්චන්ද්‍ර සර් හමු නොවුණා නම් නාට්‍ය කරන්න පුළුවන් වුණාට අපට ලැබුණු පදනම මේ තරම් ශක්තිමත් වෙයි කියලා හිතන්න අමාරුයි. මේ වනවිට එතුමා දීර්ඝ කාලීන පර්යේෂණ කරලා. මනමේ නාට්‍යය නිෂ්පාදනය කරලා නව යුගයක ඇරැඹුම සටහන් කරලා තිබුණේ. එතුමා යටතේ , රංග කලාව පිළිබඳ අපට අදහසක් ලැබුණා ඔහුගේ විශිෂ්ට වූ භාෂා ඥානය, කාව්‍යාත්මක ගුණය, සාහිත්‍යය පිළිබඳ තිබුණ පරිචය, දෙස් විදෙස් නාට්‍යවල තිබුණ ගවේෂණශීලී බව අපිට දැනගන්න ලැබුණා. ඔහු ළඟ ඉන්නවා කියන්නේ විශ්වවිද්‍යාලයක ඉන්නවා වගේ තමයි. ඒක අපි නාට්‍ය ලියනකොට, නාට්‍ය නිෂ්පාදනය කරන කොට අපිට ශක්තිමත් අත්තිවාරමක් වුණා.
සරච්චන්ද්‍රයන්ගෙන් පසුව මෙරට නාට්‍ය ඉතිහාසයේ අති දක්ෂ නාට්‍යවේදීන් රැසක් සමඟ කටයුතු කරන්නට මනෝරත්නට අවස්ථාව හිමි වෙනවා. සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති වැනි මෙරට පුරෝගාමී නාට්‍යකරුවන්ගේ මුණ ගැසීම සහ ඔවුන්ගේ නාට්‍යයන්හි රංගනයට එක්වීමට ලැබීම එක් අතකින් ඔහු ලැබූ භාග්‍යයක්.
අපේ රටේ පුරෝගාමී නාට්‍ය කරුවන් පස්දෙනා යටතේ ම මම රඟපෑවා. මේ අය නාට්‍ය සඳහා උපයෝගී කර ගත්තේ විවිධ ශෛලීන්. සුගතපාල ද සිල්වා සම්පූර්ණ වෙනස් ශෛලියක් භාවිතා කරපු කෙනෙක්. හෙන්රි ජයසේන ඊට වෙනස්. දයානන්ද ගුණවර්ධන ජන නාට්‍ය ඇසුරු කරපු කෙනෙක්. මේ විදියට විවිධ නාට්‍ය කරුවන් යටතේ විවිධ ශෛලීන් හදාරද්දී අපේ දැනුම සහ අත්දැකීම් පුළුල් වෙනවා. පසුකාලීනව මම නාට්‍යය ලියන්නට පෙලඹෙනකොට භාෂාව වගේ දෙයකට මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ ඇසුරත් ජන රංගනය කියන කොට දයානන්ද ගුණවර්ධනයන්ගේ ඇසුරත් මට බලපෑවා.
අනෙක් අතට හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, ගුණසේන ගලප්පත්ති වැනි නාට්‍යකරුවන් නාට්‍යකරණය පිළිබඳ අතිශය පුළුල් දැනුමක් ඇති අය. ඒ අයත් දෙස් විදෙස් දෙකෙහිම නාට්‍ය පිළිබඳ හදාරපු අය. මේ අයගේ ආලෝකයත් අපට විශාල වශයෙන් බලපෑවා. කෙනෙකුටමුල වැරදුණොත් එතැනින් එහා ඉදිරි ගමන ගැන ශක්තිවන්ත බවක් නෑනේ. නමුත් අපට මුල් අඩිතාලම ඉතාම ශක්තිමත්ව ලැබුණා. අද වගේ දවසක ආපස්සට හැරිලා බලද්දී මේ ශක්තිමත් භාවය තමයි අපිට ඉදිරියට අරන් ආවේ. තවමත් අපි මෙතැන රැඳිලා ඉන්නේ ඒ හින්දයි”.
මනෝරත්න කියන්නේ නළුවෙක් විතරක් ම නොවෙයි. ඔහු ඉතාම දක්ෂ නාට්‍ය රචකයෙක්. නාට්‍ය නිෂ්පාදකවරයෙක්. කෙටිකතා රචකයෙක්. කවියෙක්. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. මේ සියලු භූමිකාවන්හි එකිනෙක පරයා නොයන කුසලතාවයක් ඔහු ප්‍රකට කරනවා. අස්සගුඩුං, සිංහබාහු, මඟුල් ප්‍රස්ථාව, ප්‍රේමතෝ ජායතී සෝකෝ, මකරා, චූලෝදර මහෝදර, දුන්න දුනු ගමුවේ, අසාත මන්තරේ, හිරු නැති ලොව, රතු හැට්ටකාරී, ගජමන් පුවත, නරි බෑණා. ජසයා සහ ලෙංචිනා, අංගාරා ගඟ ගලා බසී.
මා වැනි බිලින්දා, තවත් උදෑසනක්. තාරාවෝ ඉඟිලෙති. සිහින සාප්පුව, තල මල පිපිලා, සොක්‍රටීස්, නාග ගුරුලා, ද්විත්ව, මේඝ, ගුරු තරුව, මේ ආදී වශයෙන් ඔහුගේ නාට්‍ය ලැයිස්තුවට තවත් බොහෝ නම් එකතු විය යුතුය. නාට්‍ය නිෂ්පාදනය පැත්තෙන් ගතහොත් මේ දිනවල ඔහු රංග ගත කරනුයේ සිය 11 වැනි නාට්‍ය නිර්මාණය වූ ‘බූරුවා මහත්තයා’, ‘තලමල පිපිලා’, ‘අන්දරේලා’ ‘ගුරු තරුව‘, ‘සඳගිර’, ‘කනේරු මල්’ ආදිය ද මේ ලැයිස්තුවට ඉහළින් ම ඇතුළත් විය යුතු ය. ‘අන්දරේලා’ 1996 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය ලෙසත් සම්මාන දිනා ගත්තා අපට මතකය.
“ලංකාව වැනි රටක නළුවකුට පර්යේෂණ කරන්න, අත්හදා බැලීම් කරන්න තිබෙන එකම තැන වේදිකාව කියලයි මම හිතන්නේ. අනිත් මාධ්‍යවල එවැනි අවස්ථාවක් අපට ලබා ගන්න බෑ. නළුවෙක් විදියට වේදිකාව තුළ දී දවසින් දවස, මාසෙන් මාසේ අවුරුද්දෙන් අවුරුද්ද අපි අලුත් වෙනවා. වේදිකාවෙන් ඒ ලැබුණු පන්නරය තමයි පසු කලෙක ටෙලිනාට්‍ය සහ සිනමාව වෙනුවෙනුත් මා යොදා ගත්තේ. මා පෞද්ගලිකව විශ්වාස කරන පරිදි රූපවාහිනි නාට්‍යයේ පටන් ගත්තට පස්සේ මේ මාධ්‍යය තුළින් කලාත්මක භාවිතාවක් කරන්න පුළුවන් ද කියල තමයි මුලින් පර්යේෂණ කළේ.
ධම්ම ජාගොඩ වැන්නන් එසේ කළ හැකියි කියා සාර්ථක ප්‍රතිඵල නෙළාගත්තා. අපිට නළුවෝ විදියට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. නමුත් මුල් කාලේ එහෙම තිබුණාට දැන් අපට පෙනී යන කාරණාව තමයි ඒ අදහස රූපවාහිනී මාධ්‍යයෙන් ගිලිහෙනවා. දැන් රූපවාහිනී මාධ්‍යයට තිබෙන්නේ ව්‍යාපාරික අරමුණු, මූල්‍යමය අරමුණු, ජනප්‍රියත්වය, ප්‍රචාරණය වැනි කාරණා තමයි. ඒ නිසා මගේ නම් අදහස එතනින් වැඩි ඵල ප්‍රයෝජනයක් ගන්න බෑ කියලයි. වර්තමානය වන විට මම රූපවාහිනියෙන් වැඩිය දකින්න නැත්තේ ඒ නිසා.
මම හරියටම අවුරුදු දෙකකින් ටෙලිනාට්‍යයක රඟපාලා නෑ. මම අන්තිමට රඟපෑවේ ‘අරුංගල්’ ටෙලි නාට්‍යයේ. ඒකට මට හොඳම නළුවා සම්මානයත් ලැබුණා.
ඊට පස්සේ නොයෙක් දේවල් වලට කතා කරනවා. අද වන විට හඳුන්වා දී තිබෙනවා දීර්ඝ ටෙලිනාට්‍ය. මේවා හරි ඉක්මනින් සහ අය වැය එක්ක වැඩ කෙරෙන්නේ. නිර්මාණය නොවෙයි ප්‍රධාන වෙන්නේ. ඒ නිසා අපට හිතන්න බෑ තෘප්තිමත් විදියකට මේ කටයුතුවල නියැළෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඊට වඩා හොඳයි පොතක් පතක් කියවගෙන ඉන්න එක.”
මනෝරත්න ගැන කියත්දී සිනමාව හා සමඟ ඔහුගේ බැඳුණු සබැඳියාව ද අපට අමතක කරන්න නෑ. ඔහුගේ සිනමා ජීවිතය ඇරඹෙන්නේ ‘සිරි බෝ අයියා’ චිත්‍රපටයෙන්. පසු කලෙක ඔහු හොඳම සහාය නළුවා වැනි සම්මාන ද සිනමාව වෙනුවෙන් දිනාගත්තා. එතෙක් එදා මෙදා තුර ඔහුගේ රංගන චාරිකාව තුළ සිනමාව වෙනුවෙන් ඔහුගෙන් ලබා ගත් දායකත්වය ප්‍රමාණවත් ද කියන ප්‍රශ්නය අප තුළ පැන නඟිනවා.
“අවුරුදු ගණන බැලුවොත් 70 දශකයේ තමයි මම මුලින් ම සිනමා රංගනයට ආවේ. මේ කාලය ඇතුළත ඉතා ම සුළු ප්‍රමාණයක් තමයි සිනමා රංගනයට අවස්ථාව ලැබුණේ. එයිනුත් උප ප්‍රධාන චරිත තමයි නිතර ලැබුණේ. සහාය නළුවා වැනි සම්මාන තමයි අපිට හිමි වුණේ. ඒකට හේතුව මොකක්ද කියලා අපට හිතාගන්න අමාරුයි. මෑත භාගයේ මම චිත්‍රපට 2 ක ප්‍රධාන චරිත දෙකක් රඟපෑවා. සරත් ධර්මසිරි ගේ ‘සූවිසි විවරණ’ සහ වී සිවදාසන්ගේ ‘දරුවනේ’ ළමා චිත්‍රපටයේත් රඟපෑවා. .
මනෝරත්නයන්ගේ නවතම නාට්‍ය නිෂ්පාදනය ‘බූරුවා මහත්තයා’ මේ දිනවල රට වටා වේදිකාගත වෙමින් පවතිනවා. ඔහු මීට ප්‍රථම කළ සියලුම නිර්මාණ මේ ආකාරයෙන් ම ජනප්‍රිය වූවා. ඒවා ප්‍රේක්ෂකාගාරය ප්‍රමෝදයට පත් කිරීමට පත් කිරීමට පමණක් නිර්මාණය වූ ඒවා නොවේ.
මේ සෑම නාට්‍යයක් ඇතුළතට පුළුල් සමාජ දේශපාලන දැක්මක් ඔහු ඉදිරිපත් කළා. ‘බූරුවා මහත්තයා’ ඔස්සේත් ඔහු කරන්නේ එවැනි ම දෙයක්.
“මේ නාට්‍යය මම කළේ ඉන්දියානු නවකතාවක් ඇසුරින්. මගේ මතකයේ හැටියට නම් මීට ප්‍රථම නවකතාවකින් නාට්‍යයක් කරපු එකක් ගැන මතකයට එන්නේ නෑ. සමහරවිට කෙරිලා ඇති. ‘Mr donky’s outobiography’ කියන පොත ක්‍රිෂන් චන්ද්‍රන් කියන උර්දු ලේඛකයාගේ නවකතාවක්. මේක ගුණතිලක මැටියගනේ විසින් ‘සද්ගුණවත් බූරුවා මහත්තයාගේ ස්වයංලිඛිත චරිතාපදානය’ කියලා සිංහලට පරිවර්තනය කළා.
මේ පොත කියවද්දී මට හිතුණා. ඒකෙන් හොඳ නාට්‍ය පිටපතක් ලියන්න පුළුවන් කියලා. ඒ අනුව තමයි බූරුවා මහත්තයා නාට්‍ය පිටපත මම ලිව්වේ. යටි පෙළ අරුතින් ගැඹුරු දේශපාලනමය පසුබිමක් කතා කරනවා. මේක වර්තමාන ලංකාවටත් හොඳින් ගැලපෙනවා.
කලා දිවියේ හතළිස් පස් වසරක් සමරන මනෝරත්නයන් අදටත් සක්‍රියව වේදිකාව වෙනුවෙන් සිය බලය, ශ්‍රමය, ධනය කැප කරනවා. වෙනත් කිසිදු මාධ්‍යයකින් මිදිය නොහැකි උත්තම වින්දනයත් ඔහු එයින් ලබනවා ඇති. මිනිසෙක් ඒ තරමට ම වේදිකාවට ආදරය කරන්නේ ඒ නිසා වෙන්න ඇති.
ජීවිතේ ආපස්සට හිතත්දී ඔහුගේ කලා දිවිය ගැන ඔහුට සතුටු වන්නට කාරණා බොහෝ ය. සොම්නසින් සිහිපත් කරන්නට කාරණා බොහෝ ය. මේ කලා ජීවිතය මෙසේ නොකරන්නට ඔහුගේ පෞද්ගලික ජීවිතයේ සහකාරිය ජයන්ති සේම පුතු භානුකත්, දියණියත් ලබා දුන් නොවෙනස් සෙනෙහස හා ශක්තිය, ධෛර්යය අප්‍රමාණය. අද ඒ සියල්ල වෙනුවෙන් ඔහු අප්‍රමාණ භක්තියත් ඔවුන් වෙනුවෙන් පුද කරන්නේ. මේ සියල්ල සිත් තුටින් කර ගැනීමට නිරවුල් මනසක් නිර්මාණය කර ගැනීමට ඔවුන් සැමදා සහාය වූ හෙයින්.
තවත් බොහෝ කලක් වේදිකාවට ආදරය කරමින් ප්‍රේක්ෂකයන් පිනවන, ප්‍රේක්ෂකයින් ඥානනය කරන නිර්මාණ බිහි කරන්නට ඔහුට ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරමු.
හේමාලි විජේරත්න
ඡායාරූප – ඉන්දික ප්‍රභාත් වීරසිංහ

No comments:
Post a Comment