20140407

Song of Ceylon දියමන්ති ජුබිලිය සමරමු.


ලංකා ගීතයේ’ දියමන්ති ජුබිලිය අපිත් සමරමුද?

සුනිල් මිහිඳුකුල
සිළුමිණ 06 04 2014

 ශ්‍රී ලංකාව අළලා නිර්මාණිත ’සෝන්ග් ඔෆ් සිලෝන්’ (ලංකා ගීතය) නම් වූ විශිෂ්ට වාර්තා චිත්‍රපටය නිෂ්පාදනය කොට 75 වසරක් සපිරී තිබේ. එංගලන්තය නිපදවූ මෙය අධ්‍යක්ෂණය කළේ බැසිල් රයිට් නමැති ඉංග්‍රීසි ජාතිකයා ය.

’ලංකා ගීතය’ නිර්මාණය වූයේ 1934 රේ ද? 1935 ද? යන්න ගැටලුවකට තුඩුදෙයි. ඇතැම් පොත්වල (විශේෂයෙන් ‘ස්ටඩීස් ඉන් ඩොකියුමෙන්ටරි’ නම් වූ පොතේ) එහි නිෂ්පාදිත වසර 1934 යනුවෙන් දැක්වෙයි. එහෙත් ‘ඩොකියුමෙන්ටරි හිස්ට්‍රි ඔෆ් ද නන් ෆික්ෂන් ෆිල්ම්’ නම් වූ පොතේ එය දැක්වෙන්නේ 1935 යනුවෙනි. කෙසේ වෙතත් ආචාර්ය රොජර් මැන්වෙල්ගේ ‘ෆිල්ම්’ නම් වූ පොතේ එය 1934 – 35 යනුවෙන් සඳහන්ව ඇත.
එබැවින් අපට තවදුරටත් ‘ලංකා ගීතයේ’ දියමන්ති ජුබිලිය සැමරිය හැකිය.
’ලංකා ගීතය’ වැනි වාර්තා චිත්‍රපටයක් අපට වැදගත් වන්නේ ඇයි? ප්‍රධාන වශයෙන්ම එය අපේ රට අළලා තැනුණු සිනමා පටයකි. 1935 පමණ වන විට අපේ රටේ චිත්‍රපට කර්මාන්තයක් ආරම්භ වී නොතිබිණි. ඒ අනුව එම කාලය පිළිබඳ, එකල මෙරට ජන ජීවිතය පිළිබඳ ඇති එකම චලන චිත්‍ර වාර්තාව ‘ලංකා ගීතය’යි. එහෙයින් එහි පවත්නා ඓතිහාසික වටිනාකම ඉමහත්ය.
එසේම ‘ලංකා ගීතය’ට ශ්‍රී ලාංකේය කලාකරුවෝ කීපදෙනෙක්ම දායක වූහ.
http://www.sundaytimes.lk/101114/images/Lionel-Wendt.jpgචිත්‍රපටයේ අටුවාව (නැරේෂන්) ඉදිරිපත් කළේ ලයනල් වෙන්ඩ්ට් ය. මේ චිත්‍රපටයට සුරඹා ගුරුන්නාන්සේගේ උඩරට බෙරවාදන ඇතුළත් වූ අතර එහි ගජගා වන්නම ගායනා කර ඇත්තේ දේවාර් සූර්යසේනය.
පසුගිය දිනෙක මම අන්තර්ජාලය ඔස්සේ ‘ලංකා ගීතය’ නැවතත් නැරඹීමි. (මා මෙය මුලින්ම නැරඹූවේ මීට අවුරුදු 25කට ඉහතදීය) මෙවර ‘ලංකා ගීතය’ නරඹද්දී මට එම සිනමාපටය පිළිබඳ එවක සිටි ප්‍රවීණ සිනමා විචාරක ජයවිලාල් විලේගොඩ ලියා තිබූ දෙයක් සිහියට නැඟිණි. ඒ මෙපරිදි ය.
”’ලංකා ගීතය’ නිපදවූ ජෝන් ග්‍රියර්සන් සුද්දෙකි. එහි කැමරා ශිල්පියා හා අධ්‍යක්ෂවරයා වූ බැසිල් රයිට් සුද්දෙකි. උප අධ්‍යක්ෂ ජෝන් ටේලර් ද සංගීතය සැපයූ වෝල්ටර් ලේ ද සුද්දෙක් ය.
එහෙත් මේ හැමෝම අඩු වශයෙන් චිත්‍රපටය තනද්දිවත් හදවතින් ලාංකිකයන් හා සිංහලයන් වන්නට ඇත. අද වුවද කිසිම සිංහල චිත්‍රපටයක නැති සිංහලකමක් හා ලංකා ගතියක් මේ චිත්‍රපටයේ ඇත්තේ එහෙයිනි.”
ජයවිලාල් එලෙස ලීවේ 1967 දී ය.
’ලංකා ගීතය’ විශිෂ්ට වාර්තා චිත්‍රපටයක් බව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය තිස්ස අබේසේකර, ලෙස්ලි බොතේජු, බෙනඩික්ට් දොඩම්පෙගම වැනි ශ්‍රී ලාංකිකයන් පමණක් නොව ආචාර්ය රොජර් මැන්වෙල්, ග්‍රැහැම් ග්‍රීන් වැනි ලෝක ප්‍රකට කලා විද්වතුන් ද ප්‍රකාශ කර ඇත.
’ලංකා ගීතය’ට 1935 වසරේ පැවැති බ්‍රසල්ස් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී ප්‍රථම ත්‍යාගය හිමිවී ඇති වගද පැවසේ.
ලංකා තේ වෙළෙඳ මණ්ඩලය වෙනුවෙන් ‘ලංකා ගීතය’ තැනීම ආරම්භ කළේ අධිරාජ්‍ය වෙළෙඳ මණ්ඩලය වුවත් එය නිම කරන ලද්දේ එංගලන්තයේ ජී.පී.ඕ. (මහා තැපැල් කාර්යාලයීය) චිත්‍රපට ඒකකය විසිනි. නිෂ්පාදකයා වාර්තා චිත්‍රපට කලාවේ පුරෝගාමියකු වූ ජෝන් ග්‍රියර්සන් ය. අධ්‍යක්ෂණය, කැමරාව හා සංස්කරණය බැසිල් රයිට් ගෙනි.
බැසිල් රයිට් (1907 – 1987) එංගලන්තයේ ප්‍රකට වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූයේය. ‘නයිට් මේල්’, ‘ඉන්ඩස්ට්‍රියල් බ්‍රිට්න්’, ‘වෝටර් ඔෆ් ටයිම්’ යනාදී වශයෙන් ඔහු වාර්තා චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කර ඇත. ‘යූස් ඔෆ් ද ෆිල්ම්’ ඔහු සිනමාව අළලා ලියූ අගනා පොතකි. 1987 ඔක්තෝබර් 14 වැනි දින ඔහු මිය ගියේය.
බැසිල් රයිට් 1934 දී ලංකාවට පැමිණියේ ලංකාව අරභයා සංචාරක වාර්තා වැඩසටහනක් නිර්මාණය කිරීමටය. එහි අරමුණ වූයේ ලංකාවේ තේ පිළිබඳ එංගලන්ත වාසීන්ට ප්‍රචාරයක් ලබාදීමයි. බැසිල් අත මූලික තිරනාටකයක් තබා දළ සැලැස්මක්වත් නොතිබිණි.
 ඒ වන විට ඔහුට තිබුණේ ලංකාව පිළිබඳ දැඩි උනන්දුවක්, ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මෘදු ළෙන්ගතු බවක් හා බුදු දහම අරභයා වූ අප්‍රමාණ භක්තියක් පමණි. (ලංකාවට ගොඩබැසීමට පෙර ඔහු පොත පත ආශ්‍රයෙන් ලංකාව ගැනත් මෙරට ජනයා ගැනත් බුදුදහම ගැනත් කිසියම් ප්‍රමාණයක දැනුමක් ලබාගෙන තිබිණි.”
බැසිල් රයිට් මුලින්ම කළේ තම සහාය අධ්‍යක්ෂවරයා වූ ජෝන් ටේලර් සමඟ එක්ව ලංකාව පුරා සංචාරය කරමින් දකින දකින දේ ඡායාරූපගත කිරිමයි. ඔහුට ලංකාවේදී එවක ප්‍රකට කලාකරුවකුව සිටි ලයනල් වෙන්ඩ්ට් මුණගැසීම මහත් භාග්‍යයක් වූවාට නිසැකය.
බැසිල්ට සියලු උපදේශකත්වය සැපයුණේ ලයනල් වෙන්ඩ්ට් ගෙනි. ජන ජීවිතයේ බාහිර පියන්පත් විවෘත කොට එහි වූ අභ්‍යන්තර ස්වභාව ඉවෙන් මෙන් හඳුනාගැනීමට පුළුවන් සියුම් කල්පනා ශක්තියක් හිමි ව සිටි ලයනල් අපේ රටේ ජන ජීවිතය පිළිබඳ නිවැරැදි යථාර්ථවාදී අවබෝධයක් මේ බටහිර අමුත්තන් දෙදෙනාට ලබා දුන්නාට සැකයක් නැති බව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කියයි.
කලින් ද දැක්වූ පරිදි ‘ලංකා ගීතයේ’ කථනය ලයනල් වෙන්ඩ්ට්ගෙනි. ඒ සඳහා රොබට් නොක්ස් විසින් ලියන ලද ‘ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් ද අයිලන්ඩ් ඔෆ් සිලෝන්’ නම් වූ ග්‍රන්ථය ඉවහල් කරගෙන ඇත.
චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සිදු කෙරුණේ එංගලන්තයේදීය. මෙරට දී අහම්බෙන් මෙන් රූගත කළ වැව් ඉවුරක ගසක අත්තක් මත හුන් පිළිහුඩුවාගේ දර්ශනය චිත්‍රපටයේ වරින් වර දැක්වෙන අතර එය අපූර්ව සංකේතයක් ලෙස අර්ථගැන්වෙයි.
පොලොන්නරුව ගල් විහාරයේ බුදුපිළිමයේ පසුබිමේ එම රූපත් සමඟ පිළිහුඩුවාගේ රූපය අතුරු ඡේදනය කිරීමෙන් මැවෙන සංකේතය (ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන ආකාරයට බුද්ධාලම්භන ප්‍රීතිය ඔස්සේ අත්‍යන්ත අහසට නඟින භක්තියේ සංකේතය) බෞද්ධයන්ට වටහාගැනීම අසීරු නොවේ.
පිළිහුඩුවාගේ රූපය මෙසේ චිත්‍රපටයට යොදා ගැනුණේ නිෂ්පාදන ග්‍රියර්සන්ගේ අදහසක් පරිදි බව කියැවෙයි. මෙහි සංස්කරණය සඳහා ඔහුගේ උපදෙස් බැසිල් රයිට් අතිශය ප්‍රයෝජනවත් වී ඇත.
වරක් ග්‍රියර්සන් දැක්වූ එක්තරා විවේචනයකින් කිපුණ බැසිල් දින තුනක් මත්පැන් බොමින් කිසිවකු හා කතා නොකර කල්පනා කරමින් හිඳ ඇත. අවසානයේ ඔහු සංස්කරණ මැදිරියේ වාඩිවී චිත්‍රපටයේ ග්‍රියර්සන්ගේ විවේචනයට හසුවූ කොටස නැවත සංස්කරණය කර ඇත. නැවත චිත්‍රපටය බැලූ ග්‍රියර්සන් ‘ආ ඔය තියෙන්නේ’ යැයි ප්‍රශංසාත්මකව කියා ඇත.
’ලංකා ගීතය’ විනාඩි 40ක ධාවන කාලයකින් යුක්තය. චිත්‍රපටය කතාංග හතරකට බෙදා ඇත. ඒ ‘ද බුද්ධා’, ‘ද වර්ජින් අයිලන්ඩ්’, ‘වොයිස් ඔෆ් කොමර්ස්’ හා ‘ද ඇපරල් ඔෆ් ගෝඩ්’ යනාදී වශයෙනි. මුල් කොටස ශ්‍රීපාද වන්දනාව අළලා සකස් වී ඇත. ඉන් බෞද්ධ විශ්වාස ගැන කියැවෙයි. මෙරට පාරම්පරික ගැමි ජීවන ක්‍රමය දෙවැනි කොටසින් නිරූපිතය.
තුන්වැනි කොටස වෙන්වන්නේ වාණිජත්වයන් විසින්, කාර්මීකරණය විසින් ජනජීවිතය ග්‍රහණය කර ගනු ලබන ආකාරයයි. මේ කොටසේදී එංගලන්තයේ කොමන් ගාර්ඩ්න් වෙන්දේසි පොළේ තේ වෙන්දේසි පසුබිමින් ඇසේ. ආගමික අංශයෙන් ලංකාව දෙස බැලීමක් හතරවැනි කොටසින් සිදුකෙරේ. එහි බුදුන් වඳින කත්කරුවාගේ දර්ශන පෙළ විශිෂ්ට රූපරාමු පද්ධතියකි.
බැසිල් රයිට් පසුකලෙක ‘ලංකා ගීතය’ ගැන මෙසේ අදහස් දක්වා ඇත. “මගේ ‘ලංකා ගීතය’ ඔබේ රටත් එහි මිනිසුනුත් බුදුදහමක් පිළිබඳ මගේ හදේ උපන් සුහදතාව මිස වෙන අන් කිසිවක් නොවේ.”
’ලංකා ගීතයේ’ නිර්මාණාත්මක බලපෑම පසුව තැනුණ වාර්තා චිත්‍රපට කීපයකම දක්නා ලැබුණු බව විචාරක අදහසයි. එසේම ‘රේඛාව‘ හා ගම්පෙරළිය’ වැනි වෘත්තාන්ත චිත්‍රපටවල පවා ‘ලංකා ගීතයේ’ බලපෑම දක්නා ලැබෙන බව ආචාර්ය තිස්ස අබේසේකර ප්‍රකාශ කර ඇත.
එපමණක් ද නොවේ ලෝකය පිළිගත් විශිෂ්ට සිනමා විශාරදවරියක වූ මාරි සිට්න් මහත්මිය කියා ඇත්තේ ඉන්දියාවේ සත්‍යජිත් රායි හා ඉතාලියේ විටොරියෝ ඩිසිකා වැනි අධ්‍යක්ෂවරුන් පවා ‘ලංකා ගීතයෙන්’ ආභාස ලැබූ බවට සිතිය හැකි බවයි.
’ලංකා ගීතය’ අද ආපසු බලන විට ඉතාම ඇසෙන නෑසෙන හඩින් සිංහලයකු කියන කුණුහරුපයක් අසන්ට ලැබීම ආස්වාදජනක අත්දැකීමකි. එය ලයනල් වෙන්ඩ්ට්ගෙන් ‘ලංකා ගීතය’ට එක්වූවක් ලෙස සිතන්ට තමා ප්‍රියකරන බව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කියයි.

සුනිල් මිහිඳුකුල
සිළුමිණ පුවත්පතට ලියූ ලිපියකි.

ලෙස්ට‍ර් ජේම්ස් පීරිස්



ලෙස්ට‍ර් ජේම්ස් පීරිස්.http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/91/Lester_1.jpg/220px-Lester_1.jpg

උපන්දිනය?
1919 අප්‍රේල් 5. ඒ අනුව ඊයේට මගේ 95 වැනි උපන්දිනය යෙදී තිබුණා.

ඔබේ ගම කොහේද?
ඉපදුණේ දෙහිවල. ඒත් මගේ ගම මීගමුව. අපේ මහ ගෙවල් තිබුණේ මීගමුව කෙළින් වීදියේ. අපි කුරුකුලසූරිය පරම්පරාවේ. ජනප්‍රිය නිළි ජීවරාණි කුරුකුලසූරිය මගේ ඥාතිවරියක්.

පියා?
ජේම්ස් ෆ්‍රැන්සිස්. වෘත්තීයෙන් බටහිර වෛද්‍යවරයෙක්.

මව?
ඈන් ගර්ට්රූඩ් විනිෆ්‍රඩ් ජයසූරිය

ඔබ කතෝලික?
ඔව්. කාලයක් ශාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පති පීටර් පිල්ලේ පියතුමාට වුවමනා කළා මාව පූජකවරයෙකු කරන්න. මා පූජකවරයෙකු වෙනව නම් බෙල්ජියමට ගිහින් වැඩිදුර ඉගෙනගන්න ශිෂ්‍යත්වයකුත් හදලා දෙන්නම් කියලා උන්වහන්සේ කිව්වා. ඒත් මං ඒකට කැමැති වුණේ නැහැ.

ඔබේ පවුලේ කී දෙනාද?

හතරදෙනයි. මට අයිවන් හා නොයෙල් නමින් සහෝදරයන් දෙන්නෙකුත් එරිකා නමින් සහෝදරියකුත් හිටියා. ඒ අය දැන් ජීවතුන් අතර නෑ.

අයිවන් ප්‍රකට චිත්‍ර ශිල්පියෙක්?
අපේ පවුලේ ශ්‍රේෂ්ඨතම කලාකාරයා මං නෙමෙයි අයිවන් මල්ලි.
ඔහු ‘43 කණ්ඩායමේ’ සාමාජිකයෙක්ව හිටියා.

ඔබ ඉගෙනගත් පාසල?
මුලින් දෙහිවල ශාන්ත මේරි ප්‍රාථමික විදුහල. පසුව ශාන්ත පීතර විදුහල.

ඔබ අයිති වෙන්නේ කොළඹ නගරයේ ඉංග්‍රිසි කතා කරන ඉහළ පැළැන්තියට?

අම්මා සිංහලෙන් කතා කළේ කේන්ති ගිය විට අපිට බනින්න විතරයි. පාසලේ සිංහලෙන් කතා කළොත් අපිට දඩ කන්න සිද්ධ වුණා. කොහොම වුණත් මොරටුව පැත්තේ කෙනෙක් ගෙනැල්ල අපිට ගෙදර සිංහල උගැන්වුවා. එයාගේ නම ලුවිස් ගුරුන්නාන්සේ.

වෘත්තිය?
http://dbsjeyaraj.com/dbsj/wp-content/uploads/2013/04/LSJP04030513NEW1.jpgමුලින් මං පුවත්පත්කලාවේදියෙක්. ‘යූ.එන්.පී. ජර්නල්’, ‘කේසරි’ වැනි පුවත්පත් සඟරාවලට මං ලිව්වා. ඊට පස්සේ එංගලන්තයට ගියාම ‘ද ටයිම්ස් ඔෆ් සිලෝන්’ පත්තරේ ලන්ඩන් විශේෂ වාර්තාකරු වශයෙන් සේවය කළා.

ඔබට සිනමාව තෝරා ගැනීමට හේතු වුණේ මොකක්ද?

අපේ ගෙදර ‘කොඩැක්ස්කෝප්’ නම් වූ ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් තිබුණා.
 

මං චාලි චැප්ලින්ගේ චිත්‍රපට මුලින්ම බැලුවේ එයින්. 
 

තරුණ වියේදී අපි තවත් පිරිසක් එක්ක එකතුවෙලා ‘කලම්බු ෆිල්ම් සොසයිටි’ කියලා චිත්‍රපට සංගමයකුත් පටන්ගත්ත. ඒක ආසියාවේ ප්‍රථම චිත්‍රපට සංගමය. ඉන්දියාවේ සත්‍යජිත් රායි ‘කල්කටා ෆිල්ම් සොසයිටි’ එක පටන්ගත්තෙත් ඊට පස්සේ.

එංගලන්තයෙදි මම කෙටි චිත්‍රපට කීපයක් නිර්මාණය කළා. ඒවාට සම්මානත් ලැබුණා. ආපහු මං ලංකාවට ආවෙත් රජයේ චිත්‍රපට අංශයට. එතෙක් තමන්ගේ මුදලින් චිත්‍රපට හදපු මට මින් ඉදිරියට ආණ්ඩු‍ෙව සල්ලිවලින් චිත්‍රපට හදන්න පුළුවන් කියල හිතලයි රජයේ චිත්‍රපට අංශයට බැඳුණේ.

ඊයේට (2014 04 05) ඔබට අවුරුදු 95 යි. ඒ ගැන මොනවද හිතෙන්නේ?
හැම දෙයක්ම ඊයේ පෙරේදා සිදුවුණා වගෙ තමයි මට හැ‍ඟෙන්නේ.
දිගු අතීතයක් ගැන මට මුකුත් කල්පනා වෙන්නේ නැහැ.

සියවසකට නුදුරු කාලයක ජීවිතය දිහා
ආපසු හැරිලා බලනකොට මොකක්ද දැනෙන හැඟීම?

එක අතකට දුකක් දැනෙනවා. අනෙක් අතට සතුටක් දැනෙනවා.

ඇයි දුකක් දැනෙන්නේ?
මට වුවමනා කළේ සිනමාකරුවකු වෙන්න නෙමෙයි පත්තර වාර්තාකාරයෙක් වෙන්න. (හැබැයි කර්තෘවරයෙක් වෙන්න නෙමෙයි) ඊට පස්සේ සාහිත්‍යකාරයෙක් වෙන්න. මම තරුණ කාලේ ලේක්හවුස් එකේ ඉන්ටර්වීව් එකකටත් ගියා. මාව ඉන්ටර්වීව් කළේ ඩී.ආර්. විජයවර්ධන. අන්තිමෙට දෙන්නෙක් ඉතුරු වුණා. ඒ ෆ්‍රෙඩ් සිල්වයි මමයි. විජයවර්ධන මාව තෝරා ‍නොගෙන ෆ්‍රෙඩ් සිල්වාව තෝරගත්තා. ඒක තමයි මගේ දෛවය. හැබැයි අද මට හිතෙනවා ඒ තෝරා ගැනීම හරි කියලා. මොකද, ෆ්‍රෙඩ් සිල්වා කියන්නේ විශිෂ්ට ගණයේ පුවත්පත් කලාවේදියෙක්. ‍

http://www.ljpspfoundation.org/sites/default/files/photos/lester-low1.jpgකොහොම වුණත් එංගලන්තයට ගියාම මට පුළුවන් වුණා පත්තර වාර්තාකාරයෙක් වෙන්න. මම අවුරුදු 6 ක් ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පත්තරේ ලන්ඩන් කාර්යාලයේ වැඩ කළා. නමුත් මට සාහිත්‍යධරයෙක් වෙන්න බැරිව ගියා. මට ඕනැ කළේ ඉන්දියාවේ මුල්ක් රාජ් ආනන්ද් වගේ ලේඛකයෙක් වෙන්න. ‘GRASS FOR MY FEET’ (මා පයට තණනිල්ල) ලියපු ජේ. විජේතුංග එකල මගේ වීරයෙක්. එහෙත් පසුකලෙක සිනමාවට යොමු වීම නිසා මගේ අතින් එකම නවකතාවක්වත් ලියැවුණේ නැහැ. ඒ ගැන මට දුකයි.

එහෙත් ඔබ කවි පොතක් ලියා පළකළා?
ඔව්. ඒ පොතේ නම ‘CATHEDRAL AND A STAR'. ඔය පොත පළවුණු දවස්වල ශ්‍රීනේරු ලංකාවට ඇවිත් හිටියා. ඔහු නැවතිලා හිටියේ බම්බලපිටියේ දෙමළ ප්‍රභූ නිවෙසක. ඒ ප්‍රභූවරයා මගේ පියාගේ මිත්‍රයෙක්. ඒ සම්බන්ධතාව ප්‍රයෝජනයට අරන් මං ගිහින් නේරුට පොතක් පිළිගැන්වුවා.

පොත ගැන අදහස් දැන ගැනීමේ වුවමනාවෙන් මම ඔහුගේ ලිපිනය ඇහුවා. ඔහු කිව්වා නේරු - ඉන්දියාව කියල ලියන්න එතකොට තමන්ට ලැබෙනව කියලා. මගේ කවි ගැන මං පෞද්ගලිකව සෑහීමකට පත්වුණේ නැහැ. ඒ නිසා මං කවිපොතේ පිටපත් සියල්ල පුලුස්සා දැම්මා. හැබැයි එක පිටපතක් ඇපෝතිකරි මුද්‍රණාලයේ සේවකයෙක් ළඟ තිබිලා පස්සෙ කාලෙක හම්බවුණා.

ජීවිතය දිහා ආපහු හැරිලා බලද්දි සතුටකුත් ඇති වෙනව කියලා ඔබ කිව්වා?

සිනමාවෙන් මා යමක් කළා කියා හිතනවා. ඇතැමෙක් මා ‘හුදෙකලා කලාකරුවකු’ ලෙස හැඳින්වුවත් මගේ චිත්‍රපටයක් දෙකක් හැරුණුකොට අනෙක් චිත්‍රපට සියල්ල මේ රටේ පොදුජන ප්‍රේක්ෂකයන් පිළිගත්තා. මගේ චිත්‍රපට අගය කළේ කුරුඳුවත්තේ ප්‍රේක්ෂකයන් නෙමෙයි; පොදුජනතාව. ‘රේඛාව’ කොළඹ රීගල් සිනමාහලේ තිරගත වෙද්දි කුරුඳුවත්තේ ප්‍රේක්ෂකයන් කළේ සිංහල කතාකරන නළු නිළියන්ට සිනාසීම පමණයි. ඔවුන්ට චිත්‍රපටයක් දුවවන්න පුළුවන් වෙන්නේ දවස් තුනයි. නැත්නම් හතරයි. මගේ චිත්‍රපට දිව්වේ පොදුජන ප්‍රේක්ෂකයන් නිසා.

ඔබ කතෝලික වුණාට ඔබේ චිත්‍රපටවල තියෙන්නේ බෞද්ධ මුහුණුවරක්?

මම කතෝලික ආගමට බරව එකම එක චිත්‍රපටයයි කරලා තියෙන්නේ. ඒ ‘හෝම් ෆොම් ද සී’ (මුහුදින් ගෙදරට) කියන අර්ධ වෘත්තාන්ත චිත්‍රපටය. ඒක ශාන්ත අන්තෝනි මුනිඳුන් කෙරෙහි ධීවරයන් තුළ තිබෙන ආගමික භක්තිය විදහාපාන්නක්. ඒ හැරුණුකොට අන් චිත්‍රපට සියල්ලේ ම තිබෙන්නේ ඔබ කිව්වා වගෙ බෞද්ධ සමාජ පසුබිම.
 

‘රේඛාව’ චිත්‍රපටයේ තිබෙන මූලික දුර්වලකමක් තමයි 
එහි පන්සලක් නොතිබීම. 
ඒක එදා අහුවුණේ ඩී.බී. ධනපාලට විතරයි.

‘රේඛාවේ’ පන්සලක් නොතිබුණේ 
එය රූපගත කරපු වෑවල කියන ගමේ පන්සලක් නොතිබුණු නිසයි. 

‘සංදේශය’ චිත්‍රපටයේ ‘වෛරයෙන් වෛරය නොසංසි‍ඳේ’ කියන දර්ශනය චිත්‍රපටය අවසානයේ පිළිබිඹු කෙරෙනවා. බුදු දහමේ එහි අවිහිංසාව තමයි එයින් කුළුගැන්වෙන්නේ.

 http://thisfilmfest/wp-content/uplads/2012/06/Ransalu.jpg
 ‘රන්සළු’ චිත්‍රපටය නම් මුළුමනින්ම බෞද්ධනේ. මැද පන්තික පවුලක තරුණ කාන්තාවකට දසසිල් මාතාවක් මුණගැසීමත් සමඟ ඇගේ ජීවිතය ආධ්‍යාත්මිකව වෙනස් වන ආකාරයනේ ඒ චිත්‍රපටයෙන් කියැවෙන්නේ.

‘අම්මාවරුනේ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් තරුණ බෞද්ධ භික්ෂුව.
ඒ භික්ෂුව තුළ ඇතිවන්නාවූ මානසික ගැටුමක් තමයි මුළු චිත්‍රපටය පුරාම තිබුණේ.

මේ බෞද්ධ විඥානය ඔබ වැන්නකු තුළ පහළ වුණේ කොහොමද?

ඒකට කරුණු තුනක් හේතු වුණා කියලා
අද ආපහු හැරිලා බලද්දි මට හිතෙනවා.
එකක් ‘ලයනල් වෙන්ඩ්ට් සිලෝන්’ කියන
http://www.sundaytimes.lk/101114/images/Lionel-Wendt.jpgලයනල් වෙන්ඩ්ට්ගේ අති විශිෂ්ට ඡායාරූප එකතුවේ ආපු නිශ්චල ඡායාරූප.
ඒ ඡායාරූප තමයි සිංහල ගම ගැන, බෞද්ධ ශිෂ්ටාචාරය ගැන මගේ ඇස් පාදන්න හේතු පාදක වුණේ.

==========================================================
සුනිල් මිහිඳුකුල
සිළුමිණ පුවත්පතට ලියූ ලිපියකි
න්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEimG2NYQfomodcwWSC7lc17afViJ9s5DLF9A_1LHmhunjAEHdzT3BSBdXlwoqHxpVDN8hPiq6OjnsZzZnbgrCogheuSWE2zOaU0CU3heO3WFvy32Ujxvu812ciLbK9VcYr8nSxk9zsTcKM/s1600/220px-Lionel_Wendt.jpgලයනල් වෙන්ඩ්ට්  
මං හිතන්නේ ලංකාවේ එදා මෙදාතුර පහළ වූ විශිෂ්ටතම ඡායාරූප ශිල්පියා. 
http://sinhayareader.com/sites/default/files/article_media/162028.jpg 
 ඔහුගේ ‘ලයනල් වෙන්ඩ්ට් සිලෝන්’ නම් වූ 
අති සුවිශේෂ ඡායාරූප ග්‍රන්ථය මං දැකලා තියෙනවා.
 http://sinhayareader.com/sites/default/files/article_media/lionel-wendt.jpg

 මේ පොත පළවෙලා තියෙන්නේ 1950 දී. 

http://phdavies.files.wordpress.com/2012/04/lionel-wendt-2.jpg
ආලේඛ්‍ය, භූමි ලක්ෂණ, නිරුවත්, මනඞකල්පිත යනාදී වශයෙන් 
වර්ග කළ හැකි ඡායාරූප රැසක් මේ පොතට ඇතුළත්.
http://lankapura.com/wp-content/uploads/2009/02/ceylon-people-by-lionel-wendt.jpg

 http://sinhayareader.com/sites/default/files/article_media/lionel-wendt-ceylon-male-torso.jpg

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්.විජයවර්ධන මහතාගේ 
සුප්‍රසිද්ධ ආලේඛ්‍ය ඡායාරූපයත් ලයනල් වෙන්ඩ්ට් ගත්තු එකක්.

=======================================================

දෙවැනි හේතුව 
බැසිල් රයිට්ගේ ‘සෝන් ඔෆ් සිලෝන්’
කියන ශ්‍රේෂ්ඨ වාර්තා චිත්‍රපටය. 
 
සුද්දෙක් හැදුවත් ඒ චිත්‍රපටයේ බෞද්ධ මුහුණුවර හොඳහැටි පිළිබිඹු වෙලා තිබුණා. 
ඒකටත් මං හිතන්නේ හේතු වුණේ ලයනල් වෙන්ඩ්ට්. 
ඔහු තමයි මේ චිත්‍රපටයේ මාර්ගෝපදේශකයා. 
 
තුන්වැනි හේතුව 
රැල්ෆ් කීන්ගේ ‘හෙරිටේජ් ඔෆ් ලංකා’ (ලංකා උරුමය) කියන වාර්තා චිත්‍රපටය. 
මම තමයි මෙහි කථනය ලියා සහාය අධ්‍යක්ෂණය කළේ. 
එයින් කියැවුණේ මිහින්තලේ, අනුරාධපුරය, පොලොන්නරුව හා සමනල කන්ද ගැනයි. 
ඉරිදට පල්ලි ගිය, මංගල්‍යයට මඩුපල්ලි ගිය මට බෞද්ධ උරුමය ආරක්ෂා වී තිබෙන ඓතිහාසික නගරවලට යන්න ලැබුණේ මේ චිත්‍රපටය මාර්ගයෙන්.

ඔබේ චිත්‍රපට අතරින් ඔබ පෞද්ගලිකව වඩාත්ම කැමැති නිර්මාණය මොකක්ද?‍
.
 මගේ වඩාත්ම පරිසමාප්ත නිර්මාණය විදියට
මම දකින්නේ ‘නිධානය'
http://youtu.be/Yoyf4jZ_pjs?t=2m5s 
http://archives.daily.lk/2011/03/21/z_p16-Envisaging-05.jpg
පස්සෙ කාලෙක මට චන්ද්‍රන් රත්නම් කිව්වා
‘නිධානය’ කලර් වලින් ආයේ හදන්න
එයා සල්ලි වියදම් කරන්නම් කියලා.
http://archives.dailynews.lk/2008/04/02/z_P13-Lester02.jpg

ඒත් මං කොහොමද ඒ වගේ චිත්‍රපටයක් ආයේ හදන්නේ. 

ගාමිණි ෆොන්සේකා නැතුව ‘නිධානයක්’ තියෙනවද? 
 http://www.lankabusinessnews.com/13.08.August/Photo/281.Photo.jpg
 
‘නිධානය’ හැරුණම ‘ගම්පෙරළිය’ ට මම කැමැතියි.
 

http://www.sundaytimes.lk/090405/images/Gamperaliya.jpg

ඒ වගේම ‘ගොළු හදවත’ ටත් කැමැතියි.
 http://www.fipresci.org/world_cinema/south/images/srilanka_golu_hadawatha.jpg



 සත්‍යජිත් රායි මට දවසක් කිව්වා 
එයා ‘ගම්පෙරළිය’ ටත් වඩා ‘ගොළු හදවත’ ට කැමැතියි කියලා. 
http://www.sundayobserver.lk/2010/04/04/z_p-37-On-04.jpg
මොකද, ‘ගොළු හදවත’ හුඟක්ම සිනමානුරූපියි.

ඔබේ චිත්‍රපට බොහෝමයක් දැනටමත් විනාශ වෙලා?
ඔව්. මං චිත්‍රපට සංරක්ෂණයක් ගැන කතා කරන්නේ 1958 දි විතර ඉඳලා. ඒත් කිසිම ආණ්ඩුවක් එය ක්‍රියාවට නැංවුවේ නැහැ. චිත්‍රපට කියන්නේ එළවළු වගෙ දෙයක්. එළවළු කුණු වෙනවා වගේ ඉක්මනට චිත්‍රපටත් නරක් වෙනවා. මෙවර මගේ උපන්දිනය නිමිත්තෙන් ජාතික චිත්‍රපට, රූපවාහිනි හා ශබ්දපට සංරක්ෂණාගාරය ඇරඹීම සතුටට කරුණක්.

ඔබ සිනමාවට කලාකරුවන් රැසක් හඳුන්වා දී තිබෙනවා. (ගාමිණි ෆොන්සේකා, තිස්ස අබේසේකර, අයිරාංගනි සේරසිංහ, ටෝනි රණසිංහ, සුමිත්‍රා පීරිස්, අනුලා කරුණාතිලක, ටයිටස් තොටවත්ත, විලී බ්ලේක් ..... වැනි) ඔවුන් අතරින් ශ්‍රේෂ්ඨයා තෝරන්නයි කිව්වොත් ඔබ ‍තෝරන්නේ කාවද?
මං තෝරන්නේ ගාමිණි ෆොන්සේකාව. 
මොකද, ඒ වගෙ නළුවෙක් ආයේ මේ රටේ බිහිවෙන්නේ නැහැ.
 ගාමිණි ‘ගම්පෙරළියේ’ ජිනදාසට රඟපෑවා.
ඒ වගේම එහි තෙවැනි කොටස වූ ‘යුගාන්තයේ’ සවිමන් කබලානටත් රඟපෑවා.
ඒත් කිසිම විදේශීය ප්‍රේක්ෂකයෙක් ‘යුගාන්තය’ බලලා මගෙන් ඇහැව්වෙ නැහැ මේ ‘ගම්පෙරළියේ’ හිටපු ජිනදාස නේද කියලා. ඒක තමයි චරිතාංග නළුවකු විදියට ගාමිණිගේ තිබුණු ශ්‍රේෂ්ඨත්වය.

ඔබ ගාමිණිගේ ‘පරසතුමල්’ චිත්‍රපටයේ යම් යම් ජවනිකා අධ්‍යක්ෂණය කළා කියලා සිනමා කර්මාන්තය තුළ ඕපාදූපයක් තියෙනවා?

ඔව්. ඒක ඇත්ත. ‘පරසතුමල්’ චිත්‍රපටයේ විශිෂ්ටතම දර්ශනය ලෙස විචාරකයන් සලකන ගාමිණි හොඳටම බීමත්ව තරප්පු පේළිය උඩ දෑත් දෙපසට විහිදුවා සිටින සෙවණැලි සහිත දර්ශනය අධ්‍යක්ෂණය කළේ මං. මොකද මං ගාමිණිට පොරොන්දු වෙලා හිටියා ඔහුට උදව් කරනවා කියලා. ‘පරසතුමල්’ මුලින්ම කරන්න භාර දුන්නේ මට. මමයි ගාමිණි කැමැති කරගෙන එහි අධ්‍යක්ෂණය ඔහුට පැවරුවේ. ඇත්තටම ඒක සුමිත්‍රාගේ යෝජනාවක්.

චිත්‍රපටවලින් ඔබ උපයාගත් දේ මොනවද?

ආර්ථිකව බැලුවොත් ඇතැම් නිෂ්පාදකවරුන් මට ගෙවලත් නැහැ. මං නම් සඳහන් කරන්නේ නැහැ ඒ මොන චිත්‍රපටද, මොන නිෂ්පාදකවරුන් ද කියලා. මම, සුමිත්‍රා චිත්‍රපට හැදුවේ අපේ ඉඩකඩම් විකුණලා. අද ඒවා කෝටි ගාණක් වටිනවා. ‘රොබට් නොක්ස්’ කරන්න ගිහිල්ලා ලක්ෂ තුනක් අපි අතින් පාඩුකර ගත්තා.

ඔබ මීට අවුරුදු 11 කට ඉහත මාත් එක්ක කිව්වා ‘චිත්‍රපටය නැතිවෙනවා සිනමාව පවතිනවා’ කියලා. දැන් ඒ අවස්ථාව එළැඹිලා තියෙනව නේද?

සෙලියුලොයිඩ් එක (දළ සේයා පට) නැතිවෙනවා කියලා මං මුලින් ම කිව්වේ මට අසූගණන්වලදී පේරාදෙණි සරසවියෙන් ආචාර්ය උපාධිය පිරිනැමුණු වෙලාවෙදි. එතකොට ඊළඟට එන්නෙ මොන තාක්ෂණය ද කියලා ඒ වනවිට මං දැනන් හිටියේ නැහැ. අදටත් මං ඩිජිටල් ගැන දන්නේ නැහැ. සුමිත්‍රා නම් එයාගේ අලුත් ම චිත්‍රපටය (වෛෂ්ණාවි) හැදුවේ සම්පූර්ණයෙන් ම ඩිජිටල්වලින්.

ලෝක සිනමාවේ වයෝවෘද්ධතම සිනමාකරුවා ඔබ වෙන්නැති?

නැහැ. පෘතුගීසි ජාතික මනුවෙල් ඩී. ඔලි වියේරා.
එයාට දැන් වයස අවුරුදු 105 යි.
http://jrarcieri.files.wordpress.com/2010/05/oliveira.jpg

ඔබ ජ්‍යෝතිෂය විශ්වාස කරනවද?

තාත්තා කතෝලික වුණාට අපි කාටත් හඳහන් හදලා තිබුණා. කුඩා කාලයේ මගේ හඳහන බලපු එක්තරා දෛවඥයෙක් (ක්ලිෆඩ් පෙ‍ෙර්රා) අනාගතයේදී මා සිනමාවට යොමුවන බවට අනාවැකි පළ කළා. මට තවමත් පුදුමයි ඒකට. මොකද, ඒ වෙනකොට සිංහල සිනමාවක් කියා දෙයක් බිහිවෙලාවත් තිබුණේ නැහැ.

සුනිල් මිහිඳුකුල
සිළුමිණ 06 04 2014

================================================================

බැසිල් රයිට්ගේ ‘සෝන් ඔෆ් සිලෝන්’