20140906

පුංචි ළමා සිත ඇත නිවිලා



පුංචි කමට
-------------

නිවන් දකින්නට හාන්කවිසියක්
තිබුනේ නෑ මගෙ හිත ඇඳිලා............

පාසැල් ඇරුනම වැව් තාවුල්ලට
යන්නේ සෙල්ලමටයි පැනලා...........

අම්ම නංගියෙක් ගේන්න යන බව
සිහිනෙන් වාගේ මට පෙනිලා............

තුනට කැඩුව ළුණු පොල් නැති රොටියක්
හතරට කඩන්න මදි හිතිලා.............

පොත් ටික අරගෙන අම්මට වැඳලා
ආවා පන්සල වෙත දුවලා............

හ්ම්...

කසාවතට දැන් මගෙ කෙළි සෙළ්ලම්
පුංචි ළමා සිත ඇත නිමිලා...........

නොකැඩෙන ලෙස මගේ සිත මේ මළුවට
දස සිල් ලනුවෙන් දැන් බැඳිලා...........

චානක රාජකරුණාගේ කවිපෙළක්.
===========================================

කසාවතට දැන් මගෙ කෙළි සෙල්ලම්
පුංචි ළමා සිත ඇත නිවිලා...........
නොකැඩෙන ලෙස මගෙ සිත මේ මළුවට
දස සිල් ලනුවෙන් දැන් බැඳිලා......

ඇත බැඳිලා..කිව්වම අදහස අවිනිශ්චිතයි..
ළමා වියේ පැවිද්ද හොඳ නෑ කියල හිතන කෙනෙක්
ඒ දිවිය සිරගත වීමක් කියල හිතල
තමන් හරි කියල හිතන්න පුලුවන්.
දස ශීලයෙන් ළමා වියේදීම සිත නිවීම
සංසිඳීමක්, යහපතක්
කියල හිතන මා වැන්නන්ද
මෙයින් තෘප්තිමත් වෙනවා.

දස සිල් ලනුවෙන් ඇත බැඳලා......කිව්වා නම්
කවියා පක්ෂපාතී, බොළඳ තැනකට වැටෙනවා.
බුදුන් වහන්සේ පවා
තමන්ගේම පුතු, රහල් කුමරුන්
ළමා වියේ කෙලි සෙල්ලම් වල යෙදී
කෙලෙස් වලින් ලෙල්ලම් වීම වළක්වාගන්න
ක්‍රියා කළ බව අමතක කරන
රාගයෙන් බර සිත් ඇති බොදුනුවන්
ඒ රාග භරිත සිතින්
සාමණේර හිමිවරුන්ට විවරණ දීම
සංවේග ජනකයි..

මේ වයසෙ සාමණේරයන් වහන්සෙ කෙනෙක්
තමන් ඉන්න තැනේ වටිනාකම දැනගෙන
මැරකමෙන් මුලු ඉන්දියාවම දිනාපු
චණ්ඩාශෝක රජ්ජුරුවන්ගෙ සිහසුනේ ඉඳගෙන
කියපු වචන කිහිපයක් නිසයි...
ලංකාවට සහ දකුණු ආසියාවටම
බුදු දහම ලැබුණෙත්.

----------------------------------------------------------------------
පැවිද්දට ගිහි දිවිය කැප කිරීම
සිර වීමක් වෙන්නෙ
කැප කිරීම නිසා ලැබෙන දේ
කැප කරපු දේ තරම්
වටින්නෙ නැත්නම් තමයි.

දීපංකර පාද මූලයෙ
එක ගාතාවක් අහල
රහත් වෙන්න පුලුවන් කම තියාගෙන
සංසාරෙ හිරවෙලා දුක් විඳිමින්
සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් කැප කරල
බුදුන් වහන්සෙ ලබා ගත්ත දේ
කොයි තරම් වටිනවද කියල
ඒ දෙයින් එක මොහොතකට හරි
දුක නිවාගත් කෙනෙකුට තේරෙනවා.

මේ සාමණේරයන් වහන්සෙ
කැපකරල සිරවෙලා ඉන්න තැන
නිවැරදිව ගත කළොත්
ලැබෙන නිදහසේ සුවය
නිදහසේ ඉන්න ළමයින්ට
ඔවුන්ගෙ ජීවිතවල
එක මොහොතකටවත්
විඳින්න ලැබෙන්නෙ නෑ.

මේ වයසෙ සාමණේරයන් වහන්සෙ කෙනෙක්
තමන් ඉන්න තැනේ වටිනාකම දැනගෙන
මැරකමෙන් මුලු ඉන්දියාවම දිනාපු
චණ්ඩාශෝක රජ්ජුරුවන්ගෙ සිහසුනේ ඉඳගෙන
කියපු වචන කිහිපයක් නිසයි...
ලංකාවට සහ දකුණු ආසියාවටම
බුදු දහම ලැබුණෙත්.

ළමයා වුණත්, වැඩිහිටියා වුණත්
හිරවෙලා ඉන්නෙ තමන්ගෙම මනසින්...
මනසෙ තියන සීමාවන් අතරෙ.

නිසි ගුරුවරයෙක් ලැබුණා නම්..
පිරූ පෙරුමනුත් තියනවා නම්
සාමණේරයන් වහන්සෙ කෙනෙකකුට
නිදහස් වෙන්න හොඳම විය
ළමාවිය තමයි.

1 comment:

  1. මතකය අළුත් කරගත්ත.
    ස්තූතියි ඔබට

    ReplyDelete