20121124

සත්‍යජිත් රායිගෙ "පාතර් පංචාලි"




සත්‍යජිත් රායිගෙ "පාතර් පංචාලි"
තාක්ශණික අවබෝධයේ ඌනතාව
කලාත්මක ප්‍රබලතාවයෙන්
වැසෙන බවට හොඳ උදාහරණයක්.
සත්‍යජිත් රායි
"පාතර් පංචාලි" නිර්මාණය කරන්නේ
සිනමාකරණයෙහි අත්දැකීම් රහිත
කණ්ඩායමක් සමගයි.

එහි කැමරා ශිල්පියා වූ සුබ්‍රතා මිත්‍රා
සිනමාව ගැන කිසිම දැනුමක් නැති
විසි එක් වියැති තරුණයෙක්.
ඔහු තම ඡායාරූප රායිට පෙන්වමින් පසුපස එනවිට
ඔහු සහායකයෙකු ලෙස ගන්නට
රායි පොරොන්දු වුණා.
එහෙත් චිත්‍රපටය රූගත කිරීම අරඹන විට
ඔහු මිත්‍රාට කැමරාකරණය භාර දුන්නා.



විශ්ව සිනමාවේ මුල් පෙලේ දැවැන්තයෙකු වන
ජපන් ජාතික අකිරා කුරොසාවා මෙසේ පවසනවා.
"පාතර් පංචාලි නැරඹීමෙන් පසු
මා සිත තුල ඇතිවූ උද්වේගය
මට කවදාවත්ම අමතක කරන්න බැහැ.
ඉන් පසුවද කිහිපවතාවක්ම
මා එය නැරඹූ අතර
ඒ හැම වරම වඩවඩාත් කැළඹුණෙමි.
එය සුවිසල් නදියක මහිමාන්විත භාවයෙන් සහ
සැහැල්ලුවෙන් ගලා බසින ආකාරයේ සිනමාවක්.

මිනිසුන් උපදිනවා, ජීවත් වෙනවා, මරණය භාරගන්නවා.

ඉතාම නිරායාසයෙන් සහ
කිසිදු හදිසි ගැස්සීම් වලින් තොරව
රායි සිය සිත්තම පින්තාරු කරනවා.
ඒත් ඒකෙ ප්‍රථ්ඵලය
නරඹන්නාගේ ගැඹුරු හැඟීම්
අවදි කිරීමයි.
ඔහු මෙය කරන්නේ කෙසේද?
ඔහුගේ සිනමානුරූපී තාක්ශනයේ
අවුල්සහගත හෝ අදාල නොවන
කිසිමදෙයක් නෑ.
විශිෂ්ඨත්වයේ රහස එතැනයි."

Satyajit Ray shooting for Pather Panchali.

අපේ පුතාට අවුරුදු හයේදි සහ
දෝණිට අවුරුදු හතරෙදි
ඔවුන් මුලින්ම "පාතර් පංචාලි" බැලුවා.

චිත්‍රපටිය බලල ටික වෙලාවකින්
ඉස්සෙල්ලා පුතා සහ
පසුව දෝණි
හෝ ගාල අඬන්නට පටන් අරන් තිබුණා.

බිරිඳ ඇයි කියල ඇහුවාම
ඔවුන් කියල තිබුණෙ
"දුර්ගා මැරුණ නිසා" කියල.
---------------------------------------------------
පාතර් පංචාලි චිත්‍රපටිය
1958දී නිව්යෝක් හි
Fifth Avenue Playhouse සිනමා හලේ
එක දිගට මාස අටක්
ප්‍රදර්ශනය වෙලා තිබුණා.

http://youtu.be/TrC2UIZSg4Y.



 

1 comment:

  1. අද පුතායි දෝණියි මල්ගුඩි දවස් බලමින් හිටියා.
    පුතා හෝ ගාල අඬනවා ඇහුණා..
    මම හිතුවා ඒකෙ මොනව හරි දේකට කියලා..
    පස්සෙ තමයි දැනගත්තෙ,
    ඔවුන් අම්මත් එක්ක "පාතර් පංචාලි" බලලා..
    මම ඇහුවා ඇයි ඇඬුවෙ කියල ..
    දුර්ගා මැරුණ නිසාලු..
    මම ඇහුවා කවුද ඇඬුවෙ කියලා..
    අපි තුන් දෙනාම ඇඳුවා කියල ඔහු කිව්වා.

    ඔහු තවත් කිව්වා...
    දුර්ගා මැරුණ වෙලාවෙ නෙමෙයි අපිට ඇඬුණෙ කියලා..
    තාත්තා දුර්ගා කියල
    කෑගහපු වෙලාවෙලු..

    මීට අවුරුදු දෙකකට කලිනුත්
    පාතර් පංචාලි බලල ඉවර වෙලා
    ටික වෙලාවකින් දෙන්නම
    අඬලා තිබුණා..
    එතකොට පුතාට අවුරුදු හයයි..
    දෝණිට අවුරුදු හතරහමාරයි..

    සත්‍යජිත් රායිගෙ රසඥ්තාවය
    කොතරම් පුළුල්ද කියලා
    අපට හිතාගන්න පුලුවන්..

    ලොව ඉහළම පෙළේ අධ්‍යක්ෂකවරයෙක් වන
    අකිරා කුරොසාවාගෙ ඉඳන්
    කුඩා දරුවන් දක්වාත් විහිදෙන
    ඒ රසඥතාවය තුළින්
    වසර ගණනාවක් තිස්සේ
    නිර්මාණකරණයේ යෙදෙන්නට
    ඔහුට ලැබුණ හැකියාව
    ලෝකයේ වාසනාවක්..

    ReplyDelete