මේ ගැන කපුගේ ලියපු සටහනක් තියෙනවා
පල්ලේගම හේමරතන හාමුදුරුවන්ගෙ
“පහන නිවී දොළොස් මහේ” පොතේ
“මානව ප්‍රගමනය ගීතය හා මගේ දෘෂ්ඨිය” කියල
අපූරු සටහනක
රුවක් ඇදෙනවා ගීතය බිහිවූ හැටි
කියල තියෙනවා.
මේ කපුගේ රුවක් ඇදෙනවා ගීතය සම්බන්ධයෙන් තබා ඇති ඒ රසවත් සටහනයි.
ඒ සටහන ඒ අයුරින්ම මෙසේ ............
"1981 දී මා
රජරට සේවයට පැමිණි මුල් කාලයේදී
දිනෙක මගෙන් කෙරුනු ඉල්ලිමකට මහින්ද දිසානායක
ගීතයක් රචනා කරගෙන පැමිණියේය. අනතුරුව එහි
තනුව නිර්මාණය කරන්නට ඔහු මා හා එක් විය.
මා මහින්ද, කරුණාරත්න දිවුල්ගනේ, ජයතිලක
බණ්ඩාර, ධනසේන කඹුරුගමුව එක් වූ එදා රාත්‍රිය මට දැනුදු සිහිපත් කල හැකිය.
මීවිතෙන් ගිනි කණ
වැටුණ ඇස
කාගෙ රුවදෝ ඇඳෙන්නේ
නිමේෂයකින් ඔබට සැසඳෙන
හිතවතෙකි ඔබ දකින්නේ
භද්‍ර යෞවන මලණුවනි ඔබ
කිමද මධු විත සොයන්නේ
නුරා දාහය නැත
නිවෙන්නේ
එයිනි දුක් ගිනි දළු
දමන්නේ
ජීවිතේ දියවී යා නොදී
වෙනින් ඔරුවක නැග
යමන්නේ
දෙතුන් වරක්
මේ ගීතය කියවූ මා ගීතය තුළින් දැනවිමට යන අරුත පැහැදිලි නැති බවත් එය වචන තුළ සිරවී
ඇති බවත් මහින්දට පැහැදිලි කළෙමි. මධුවිත තොල ගාමින් මා මිහිරි තනුවක් සඳහා සර්පිනාවේ ඇඟිලි හැසුරුවද මට
මගේ කාර්යයේ අපහසුවක් දැනිණ.
“..... රුවක්
ඇදෙනවා...... කවුදෝ එනවා......
මහින්ද මේ විදියට පටන් ගත්තොත්
මොකද
කියන්නේ?......”
මම ඔහුගෙන් පිළිවිසිමි. එකල මා වඩා හඳුනාගෙන නොසිටි මහින්දයන් අපහසුතාවකට
පත්කිරිමට මසිත මට අවසර නොදුණි. නමුදු වහා මා හා එකඟ වූ ඔහු පැයක පමණ කෙටි කාලයකදී
මුලු ගිතයම නැවත සංස්කරණයට සමත්විය. මේ පසු කලෙක කරුණාරත්න දිවුල්ගනේ හා මා එක්ව
ගැයූ ඒ ගීතයයි.”
රුවක් ඇදෙනවා කවුදෝ
එනවා
මීවිත ඇඳරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින්
එනවා
සොඳුරු යොවුන් විය මල්
මග මුල හිඳ
කිම තොල මීවිත
පොඟවන්නේ
නුරා විරහ ගිනි නිවා
දමන්නයි
සුරා විතින් මා දෙතොල
තෙමන්නේ
නැගුණු නුරා ගිනි මී
පොද වැටිලා
හතර වටින් දළු ලා එනවා
අවන් හලේ මී විත තනි
කරලා
වරෙන් මලේ පියවර නගලා
ගීපදමාලාව: මහින්ද
දිසානායක
සංගීතය: විශාරද ගුණදාස
කපුගේ
ගැයුම: විශාරද ගුණදාස
කපුගේ සහ
කරුණාරත්න දිවුල්ගනේ
සිංහල සුභාවිත ගීතයේ පහන් ටැඹක් බඳු මහින්ද දිසානායකයන් අතින් ලියැවෙන ගී
පද වැලක සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ හෝ බෞද්ධ සාහිතයයේ සේයාවක ඇල්ම
බැල්ම නිරන්තරයෙන් දකින්නට පුළුවන් නිසා මහින්ද දිසානායකයන් සමග සුහද
පිළිසඳරක යෙදෙමින් ආගිය තොරතුරු කතාබහ කරන අතර තුරදී රුවක් ඇදෙනවා ගීතය
ගැන විමසුවෙමි.
“රුවක් ඇදෙනවා ගීතය සමලිංගික සේවනයේ යෙදෙන දෙදෙනනකුගේ අත්දැකීමක් කියල නූතන තරුණ ගීත රසිකයන් අතර මතයක් ඇති වෙලානේ”
මහින්ද දිසානායකයන් කීවේය. මා සෘජුවම නොඇසූ ප්‍රශ්ණයට මහින්ද දිසානායකයන්ගෙන ලැබුණේ සෘජු පිළිතුරකි. මට පැහැදිළි කරගැනිමට අවශ්‍ය වූයේ එතුමා ඒ නූතන අදහස ගැන දැන සිටියේද යන්න විමසා බලන්නටය.
“මහින්ද අයියෙ එහෙම අදහසක් ගීතය තුළ නැහැ නේද?” මම යළිත් ඇසුවෙමි.
අස්වැන්න රචක දයානන්ද රත්නායක විසින්“රුවක් ඇදෙනවා ගීතය සමලිංගික සේවනයේ යෙදෙන දෙදෙනනකුගේ අත්දැකීමක් කියල නූතන තරුණ ගීත රසිකයන් අතර මතයක් ඇති වෙලානේ”
මහින්ද දිසානායකයන් කීවේය. මා සෘජුවම නොඇසූ ප්‍රශ්ණයට මහින්ද දිසානායකයන්ගෙන ලැබුණේ සෘජු පිළිතුරකි. මට පැහැදිළි කරගැනිමට අවශ්‍ය වූයේ එතුමා ඒ නූතන අදහස ගැන දැන සිටියේද යන්න විමසා බලන්නටය.
“මහින්ද අයියෙ එහෙම අදහසක් ගීතය තුළ නැහැ නේද?” මම යළිත් ඇසුවෙමි.
ගීතයේ රචක මහින්ද දිසානායකයන් සමග කරන්නට යෙදුණ
සංවාදයෙන් කොටසකි මේ.
=================================================
“ඔව්, මේ ගීතය
මගේ අතින් ලියැවුණේ 1981 දි විතර, මේ ගීතයට මම වස්තු බීජය සපයාගත් පුංචි කතාවකුත්
තියෙනවා. ඒ කතාවත් මම කියන්නම්. ඒත් මේ ගීතය සම්බන්ධයෙන් වර්තමාන තරුණ ගීත රසික පරපුරේ බොහෝ දෙනකේ
සිටින්නේ වැරදි මතයක එළඹගෙන. මේ ගීතය සමලිංගියන් ඇසුරට හුරුවූ දෙදෙනෙකුගේ අදහසක්
බවට ගම්‍ය වන කිසිම හේතු සහගත අදහසක් හෝ යුක්ති යුක්ත අදහසක් ගීතයේ නෑ. නමුත් මේ
ගීතය එවන් සමලිංගික අත්දැකීමක් කියවෙන ගීතයක් බවට මතයක් පැතිරිලා. ඒක මා ලියූ අදහසට
හාත්පස වෙනස් අදහසක්. මට හිතෙන්නේ කුමක් හෝ වැරදි අදහසක් තුළ එළඹුණ මතයක් නිසා මේ ගීයට ආදරේ කරන රසිකයන්ගෙ
රසිකත්වයට යම් පමණක හානියක් කරලා.
ගීතයක් ගැන
ඕනෙම කෙනෙකුට ඕනෙම මතයක් අදහසක් එහෙමත් නැත්නම් ආකල්පයක් දරන්න පුළුවන්. ඒත් ඒ මතය සමාජ ගත කරන්න
තමන්ට පැහැදිළි සහ නිරවුල් හේතු තියෙන්න ඕනෙ. එහෙමත් නැත්නම් තර්කානුකූලව අදහසක්
ශක්තිමත් පදනමක පිහිටා ඉදිරිපත් කළ යුතුයි. අන්න ඒ විදියට තමන් දරන මතය තහවුරු
කරන්න බාහිර හේතු සාධක තමන් සතු වෙන්න ඕනෙ.එහෙම නැතුව කෙනෙකුගේ හිත තුළ උපදින
හිතලුවක් වැරදි අයුරින් සමාජගත කළ හොත් ඒ හරහා ඒ නිර්මාණයටත්, එහි නිර්මාපකයන්ටත්
නිමකළ නොහැකි හානියක් සිදුවෙනවා. ඒක යළි පිළිසකර කළ නොහැකි හානියක්.”
=============================================
No comments:
Post a Comment