නළුවාගේ කාරියත්
හරියටම එක සමානය.
ඔහු මෙන්ම
"දක්නා"වස්තුවක් නොව
"දන්නා"වස්තුවක්
ආරම්භයෙහි ගන්නා මොහුද
ස්වභාව ධර්මයේ වහල් කෘතියක් නොව
යථාර්ථයේ පිටපතක් සොයයි.
මේ සඳහා ඔහු යොදා ගන්නේ
සීමිත වාග් මාලාවකි.
සියල්ලන්ටම තේරුම් ගතහැකි
විශ්වභාෂාවක් වන ඒ වචන මාලාව
සම්මත සිද්ධාන්ත ශ්‍රේණියකින් යුක්ත වන අතර
එක්තරා ගණයක පූර්වකෘති කොටසක් ආශ්‍රයෙන්
කලාකරුවාගේ මනස තුළම
වීස්තෘත තත්වයට පත් කර ගනු ලැබේ.
නළුවාගේ මෙන්ම සිත්තරාගේද අරමුණ වනුයේ
නරඹන්නාගේ සිතේ රස යනුවෙන හැඳින්වෙන
උද්වේගාවස්ථාවක් ඇති කිරීමයි.
මේ වනාහි බාහිර පෙනුමේ සැඟවුණු
අර්ථ පක්ෂය පිළිබඳ වූද,
නරඹන්නන්ගේ සංවේදනේන්ද්‍රියට
පරාවර්තනය කරනු ලබන
සම්ප්‍රදායික චිත්ත රූප පිළිබඳ වූද
විද්‍යාවයි.
නරඹන්නා තුළ අවෛෂයික භාවෝද්දීපනයක්
මෙයින් ඇති කරලයි.
මෙපමණක් නොව නළුවා මෙන්ම සිත්තරාද
ආකාරස්වරූපය නිශ්චය කොට ගනිමින්,
කෘත්‍රිම වූ එහෙත් ඵලදායී වූ චිත්ත භාව ගණනාවක්
කෘත්‍රිම ලෙස නිපදවනු ලබයි.
මේ නිසා,
නාට්‍යයක මෙන්ම සිතුවමකද
සකලාංගයක්ම
යථෝක්චිත රසෝත්පාදනයට සමත් වන සේ
සකස් කළ යුතුය.
කලාකරුවාගේ ප්‍රයත්නයේ
සාර්ථකාසාර්ථකත්වය නිශ්චය කළ හැක්කේ
නරඹන්නා තුළ මේ හැඟීම දැනවීමෙහි
කලාකෘතිය සමත්වන ප්‍රමාණය අනුවය.
එසේම නරඹන්නාට සිය කෘතීන් මගින්
මේ හැඟීම දීමට නම්,
කලාකරු පළමු කොට
එය තම සිත් තුළ ඇතිකර ගත යුතුය.
---------------------------සෙනරත් පරණවිතාන
---------------------------ඓන්දීය කලා සහ සාහිත්‍යය
-------------------------------------------------------------
මෙහි වටිනාම වාක්‍යය අවසාන වාක්‍යයයි..
No comments:
Post a Comment