20160724

ටෝල්ස්ටෝයිගේ - බාල් නැටුමෙන් පසු

නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී 
පොලිස් වෙඩි පහරකින් 
41 හැවිරිදි තිදරු පියෙකු මිය ගියා.

නාරම්මල වෙඩි තැබීමෙන් පසු
ෆේස්බුක් වැසියෙක් කිව්වා
"මම නම් ජීවිතේට
පොලිස්කාරයෙකුගෙ දුවෙක්
බඳින්නෙ නෑ" කියලා.

ඒ අවස්ථාවට අනුව..
දක්ෂ කෙටිකතා කරුවෙකුට
ඔහුගෙ හැඟීම ප්‍රබල තේමාවක්.
එවන් පිළිකුළක් මුලු රටේම
දකින්න ලැබුණ බව අපි දුටුවා.

අපේ ආරක්ෂාවට ඉන්න
යම් නිලධාරියෙක් විසින්ම
අපේ ආරක්ෂාව බින්දාම ඇතිවෙන
අනාරක්ෂිත ස්වභාවය නිසා
ඒ පිළිකුළ ඇති වෙනවා.

"මම නම් ජීවිතේට
පොලිස්කාරයෙකුගෙ දුවෙක්
බඳින්නෙ නෑ"
මේ හැඟීම ඒ අයුරින්ම
සියවසකට පමණ පෙර
ලියෝ ටොල්ස්ටෝයි විසින්
කෙටි කතාවකට නැගුවා.

ටෝල්ස්ටෝයි මේ අත්දැකීම
ඉතාම අපූරුවට, ඉතා සියුම් විදියට
ඉතාම නිර්මාණ ශීලීව
ප්‍රති නිර්මාණය කරනවා...
"බාල් නැටුමෙන් පසු..." නමින්.

ඒ කතාවෙ ප්‍රධාන චරිතයත්
අර ෆේස් බුක් වැසියා වගේම
මානසිකව වෙනස් වෙනවා.
ඔහුගෙ හිත ඇළුණ අරමුණ
ඒ පිළිකුළත් සමග අත්හරින්න
ඔහු ඉන් පෙළඹෙනවා.

මේ පරිවර්තනය
පද්ම හර්ෂ කුරණගේ.
මේ කතාව උපුටා ගත්තේ
"රුසියන් කෙටිකතා : 
සම්භාව්‍ය රුසියානු සාහිත්‍යය" නම් පොතෙන්. .
#athulasiriwardhane




















3 comments:

  1. පිටු අංක 226 සහ 227 ඇමිනිමට අතපසුවි ඇත.....pls add the same.

    ReplyDelete
  2. What is Art නම් වූ තොල්ස්තෝයිගේ පරීක්ෂනාත්මක හැදෑරීම් තුලින් ඉංග්‍රීසි ශාෂාවෙන් ලියැ වී ඇති කෘතියේ, මහාචාර්ය ඒ.වී.සුරවීර මහත්මා විසින් පරිවර්තනය කරණලද කලාව යනු කුමක්ද යනුවෙන් නම්කරණලද සිංහල කෘතිය කියවූවෙකුට, වත්මන් වෙළඳ තට්ටුව මත මූල්‍ය ලාභ තරඟයේ වෙලී බාහිර පෙනුම වඩවමින් දඟලන, කලාකරුවන් යැයි ස්වයංව පිංබෙන, වෙළඳ තරඟ කරුවන් වෙතින්, දැයේ ජනතාවගේ විඥාන වර්ධනයට ඇතිවන හානිය මනාව පෙනීයනු ඇත. කලාකරුවෙකුගේ නිර්මාණයක් තුළ ආනන්දයත් ආනන්දය ඉදිරියේ නතරවන පංචේන්ද්‍රියන් ප්‍රඥාවෙන් පරිපූර්ණවිමක් සිදු නොවන්නේනම් එතැන කලාකරුවෙකුගේ සමාජීය යුතුකම, මෙහෙවර නොමැත. වත්මනේ දී අප සමාජයතුල පැතිැර ඇති පාප ශාපයේ එක් පැතිකඩකි මෙය. 2017.01.08

    ReplyDelete