20121209

3D අනුරුවකින් යන්ත්‍රානුසාරයෙන් ලී කැටයමක් කැපීම




ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ උඩු කය රුවක් 3D නිර්මාණයක් කරන්නට සෙල්විට ඇණවුමක් ලැබිණ. මූලික හැඩය පිළිබඳව තෘප්තිමත් වූ සෙල්වි ඔහුගේ ගුරුවරයෙකු දුන් අගනා උපදෙසක් පිළි පදිමින් පළමුව පැති කඩ හැඩය නිර්මාණය කළේය. ඔහු අනික් පෙනුම් වලින් ඇඹීම කරන්නේ පැතිකඩ පෙනුම නිවැරදිව තනා ගැනීමෙන් පසුවයි.


දැඩි ලීයකින් අවසාන පිළිරුව නිමවන්නට සැලසුම් කර ඇති නිසා ඊට ගැලපෙන්නට අනුරුවේ පදනම ආකෘතිගත කරන්නටද ඔහු ක්‍රියා කළේය.


හිසෙහි අනුරුව නිසි පරිදි ඇත්දැයි පිර්ක්සා බැලීමට හිස ලීයෙන් නිමවන 3DWood GmbH (www.3dwood.com), සමගමට අවශ්‍ය විය. දර්ශන තිරයෙහි පෙනෙන රූපය මත විශවාසය තැබීම මෙවැනි නිර්මාණ වලදී අවදානම් සහිතය. ජ්‍යාමිතික හැඩතල හා රූප අඹද්දී ගැටලු පැන නගින්නේ නැත. ඔබ මනින දේම ඔබට ලැබෙනු ඇත. ඔබ දකිනදේ හෝ ඊටත් වඩා හොඳ ප්‍රතිඵලයක් ඉන් ලැබෙනු ඇත. එහෙත් සජීවී පුද්ගලයින්ගේ අනු රූ තැනීමෙහිදී අවසානයේ අනු රුව හඳුනාගත හැකි අයුරින් තිබිය යුතුය.
උදාහරණයක් ලෙස, ඔබට  ZBrush තුළ නාභි දුර වෙනස් කළ හැක.නැතහොත් වස්තුවට එක එල්ලයට තැබීම කළ හැකි අතර පර්යාලෝකය සම්පූර්ණයෙන්ම අක්‍රිය කළ හැක. මේ සියල්ලෙන්ම තිරය මත රූපය වෙනස් වෙයි.
Zcorp ZPrinter 650 ප්‍රින්ටරයක් සහිත ආයතනයකින් පිටපතක් ගන්නට අපි ක්‍රියා කළෙමු. ඔවුහු වැලිගලක පිටපතක් තනා දුන්නෝය. එය ඉතා ඉහළ තත්වයකින් තිබිණ.





අවසානයෙහි = නිර්මාණකරුවන් STL file එක CAM පරිගණක මෘදුකාංගයට ගෙන KUKA රොබෝ මගින් කැටයම් කිරීම සඳහා සූදානම් කළෝය. කැටයම් කිරීම සිදුවන ආකාරය ඔබට වීඩියෝවෙන් දැක ගත හැක.
කැටයම් කළ අනුරුව යන්ත්‍රයෙන් පිටතට ගන්නා විට ඉතා හොඳ තත්වයෙන් තිබිණ.. ගිලිහී තිබුණු කුඩා විස්තර ලී කැටයම් කරුවෙකු විසින් සකස් කෙරිණ. අවසානයේ ඔව්හු එය මැද මනා නිමාවක් ලබා දුන්නෝය. 
කෙතරම් අපූරු ව‍යාපෘතියක්ද? :)

  http://www.3dwood.com/bilder/3modellentwurf/durnwalder_l.jpg

No comments:

Post a Comment